Monday, December 3, 2018

Incendies  ජීවිතය ඇතුලට යුද්ධය





Incendies. මේක ඉතාම සෙමෙන් ගලාගෙන යන ඒත් අපිව අල්ලා පොලොවෙ ගහන්න පුලුවන් තේමාවක් ඒ සියුම් ගලායාම ඇතුලෙම ගැබ් කරගත්තු ෆීල්ම් එකක්.
මේ චිත්‍රපටයට අදාල පසුබිම පිලිබඳ වැඩි දුර විස්තර  මම දන්නෙ නැතුවත් මේකෙ කතාව මට අපේ රටේ කතාවක් තරම්ම ප්‍රබලව දැනෙන්න ගත්තා.
යුද්ධයේ බිහිසුනු භාවය පුද්ගලයාගෙ චිත්‍යභ්‍යන්තරයේ ගබඩාවෙලා මියෙන තුරා ගිනිගන්නා අයුරු මේ චිත්‍රපටියෙන් පිලිඹුබු කරන විදිහ අපූරුයි.
විශේශයෙන් යුද්ධය කියා කිසිවක් පෙන්නුම් නොකර දියනියක් තම මවගේ මිය යාමෙන් පසු සිය මවගේ අන්තිම කැමැත්තේ හැටියට තමන්ගේ සහෝදරයෙකුත්, තම පියාත් සොයා රටින් රට සංචාරය කරනවා. ඔවුන් සතුව ඇත්තේ ඉතා අල්ප තොරතුරු උනත් එකින් එක තොරතුරු හෙලි වෙද්දී නරඹන්නා පවා බියෙන් ත්‍රස්ත වන තරමට මෙහි සැගවී ගිය පුවතක් හෙලිදරව් වෙනවා.
චිත්‍රපටය සම්බන්ධයෙන් කියන්න විස්තර බොහොමයක් හිතේ තිබුනත් ලියන්න ගනිද්දි ඒ කිසිම දෙයක් මතකයට නගා ගන්න බැරි තරමට මම නිරුත්තරයි. ඇත්තෙන්ම චිත්‍රපටියෙන් සිදුකරන්නෙත් අපිව නිරුත්තර කරන එකයි. නිශ්චිත වටකුරු කතාවක් වෙනුවට මේ චිත්‍රපටිය අපිට ජීවිතය, සමාජය, ආගම්, දේශපාලනය ගැන වගේම සබඳතාගැන පවා සංකීර්න කතාවක් ගෙන එනවා.

No comments:

Post a Comment

ආයු චිත්‍රපටය ගැන මගේ කියවීම

ආයු කියන්නේ හේතු ගොඩක් හින්දා අපේ සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන  සිනමාපටයක්. මූලිකවම මේ ශෛලයෙන් මේ සෞන්දර්යාත්මක ආකාරයේ සිනමාත්මක ...