පෙලවෙනි රජත සම්මානය කාටද?
ස්වර්න
පුස්තක සම්මානය සංවිධානය කරන පොත් ප්‍රකාශකයින්ගේ සංගමයම රජත සම්මානය නමින් අලුත්
සම්මානයක් මේ වසරේ සිට ප්‍රධානය කිරීමට නියමිතයි. ඒ පසුගිය වසරේ ප්‍රකාශන සමාගකින්
ප්‍රකාශයට පත්වූ කෙටිකතා හෝ කවි පොත් වෙනුවෙනුයි.
සාහිත්‍ය
කෘති සඳහා සම්මාන ලබා දීම සම්බන්ධව සතුටුවිය හැකි වාතාවරනයක් ඇතිවී තිබෙන බව බැලූ
බැල්මට අපට සිතෙනවා.නමුත් ස්වර්න පුස්තක කෘති නිර්දේශයේදී මෙන්ම රජත පුස්තක කෘති
තෝරාගැනීමේදී මෙම සංගමය වෙනස් නිර්නායක දෙකක් මත සම්මාන නිර්දේශ කෘති තෝරා ගන්නට
උත්සාහ ගන්නා බව පැහැදිලියි. එනම්
- කර්තෘ ප්‍රකාශන කෘති සම්මාන ප්‍රධානයේදී නොසලකා හැරීම.
- ප්‍රකාශනයට පෙර සඟරා මගින් හෝ වෙනයම් පුවත්පත් මාධ්‍යයකින් කොටස්වශයෙන් හෝ පල වී තිබෙන කෘති නොසලකා හැරීම.
මෙම
නිර්නායක වලින් දෙවැන්න පිලිබඳ විශාල ආන්දෝලනයකත් ඇති වන්නේ පසුගිය ස්වර්න පුස්තක
සම්මාන උලෙලේදීයි. එහිදී සමන් වික්‍රමාරච්චිගේ අසන්ධිමිත්තා නවකතාව සහ කපිල කුමාර
කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක් නවකතා දෙක ඉන් පෙර පුවත්පත් මගින් කොටස් වශයෙන්
පලවී තිබීම නිසා සම්මාන උලෙලන් පැත්තකට විසි උනා.
සම්මාන
උලෙලක් මගින් කෘතියේ අන්තර්ගතයට අදාල නොවන කෘතියෙන් පරිභාහිර නිර්නායක සලකා බැලීම
තරමක් අමුතු තත්වයක්. මේ පිලිබඳ පසුගිය වසරේදීද පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට නොයෙක්
පාර්ශව වලින් විවේචන එල්ල උනා. ඒ එල්ල වූ විවේචන වලට පිලිතුරු ලෙස ප්‍රකාශකයින්ගේ
සංගමයේ ඇතැම් නියෝජිතයින් මෙන්ම සමහර ෆේස්බුක් ක්‍රියාකාරීන්ගේද මතවාදය උනේ ප්‍රකාශකයින්ගේ
සංගමයේ අරමුන වනාහි ප්‍රකාශකයින්ගේ දියුනුව වන නිසා එය පුදුමයට කරුනක් වියයුතු
නැති බවයි. රජත සම්මානය පිරිනැමීම සම්බන්ධව කර්තෘ ප්‍රකාශන භාර නොගන්නේ මන්දැයි
මවිසින් පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රබල නියෝජිතයෙකුගෙන් පුද්ගලිකව විමසූ විට
ඔහු දුන් පිලිතුර වූයේ අපි ප්‍රකාශකයින්ගේ සංගමය බවත් අප කටයුතු කරන්නේ ප්‍රකාශකයින්ගේ
දියුනුව සහ අභිවෘද්ධිය පිනිස බවත්ය.
පොත්
ප්‍රකාශකයින්ගේ සංගමයේ අරමුන ප්‍රකාශකයින්ගේ දියුනුව බව ඇත්ත. එය වෙසෙසින් විමසා
බැලීමට අවශ්‍ය කරුනක් නෙමෙයි. නමුත් පාඨකයන්ගේ හෝ රසිකයන්ගේ අරමුන නම් ප්‍රකාශකයින්ගේ
දියුනුව නොවන බව අප සහසුද්දෙන්ම දන්නවා. මෙතනැදී කර්තෘ ප්‍රකාශන සලකා නොබැලීම
විතරක් නෙමෙයි සාහිත්‍ය කලාවෙන් පරිභාහිර ඕනෑම නිර්නායකයක් ඇතුලත් කර කෘති
තෝරාගැනීමේ අයිතිය ප්‍රකාශකයින්ගේ සංගමයට තියෙනවා. එය ඔවුන්ගේ අයිතියක්. නමුත්
පාඨකයන්, රසිකයන් හා නිර්මානකරුවන්ට එකී තීරන වලට එරෙහිව නැගී සිටීමේ අයිතියක් සේම
සම්මානයකට ඇති සමාජ වටිනාකම හෑල්ලුකිරීමේ බලයක් ද තිබෙන බව අර තරම්ම ඇත්තක්.
යම්
වසරක නිර්මානය වූ සමස්ථ නිර්මානකෘතිම තෝරා නොගෙන එයින් අතලොස්සක් පමනක් සීමාවකට
යටත්ව තෝරාගෙන සම්මාන ලබාදීමෙන් සම්මානය ලබාගන්නා නිර්මානකරුවාව අවතක්සේරුවට ලක්වීමේ
අවධානමක්ද මෙතැන තිබෙනවා. මොකද තමන්
සම්මාන ලබාගත්තේ සැබෑ තරඟයකින් නොවන බව අදාල නිර්මානකරුවාගේම හෘද සාක්ශිය දන්නා
නිසයි. ( මට මතකයි එක් වසරක අප පාසලේ ක්‍රීඩා උලෙලේදී ක්‍රිකට් තරඟය සඳහා
තෝරාගත්තේ ඊට කලින් දවසේ ගුරුතුමා සමඟ පිටිය සකස් කරන්නට සහාය දැක්වූ සිසුන්
පමනයි. එතැනදී දක්ශ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව අහිමි උනා. එහිදී ජයග්‍රහනය කල
කන්ඩායම ප්‍රසාදය දිනාගනු වෙනුවට බොහෝ සිසුන් අතින් කිච උන හැටි මට මතකයි)
නවකතා
බොහොමයක් ප්‍රකාශන කෘති ලෙස එලිදැක්වෙන නිසා ස්වර්න පුස්තක සම්මාන වලදී කර්තෘ ප්‍රකාශන
කෘති සම්මාන සඳහා නොසලකා හැරීම ලොකු හැඩසක් විදියට ඒ තාක් අපට නොපෙනීම ස්වභාවිකයි.
නමුත් මේ වනතෙක්ම කෙටිකතා හෝ කවිපොත් බොහොමයක් ප්‍රකාශයට පත්වන්නේ කර්තෘ ප්‍රකාශන
කෘති හැටියටයි. එයිනුත් බොහොමයක් ආධුනිකයන්ගේ කෘති මේ ගොඩට වැටෙන්න තියෙන
සම්භාවිතාව ඉහලයි. ඇත්තෙන්ම බහුතර ආධුනික නිර්මානකරුවන් ප්‍රකාශන ආයතනයක් ලබා කෘති
ප්‍රකාශයට පත් කරන්න අකමැති නැහැ. නමුත් තවමත් කේශ්ත්‍රයට ආධුනික නිර්මානකරුවන්ට
තවමත් තමන්ගේ කෘති බොහෝ ප්‍රකාශන ආයතන ලවා
ප්‍රකාශයට පත් කරගන්න පින්සෙන්ඩු වෙන්න සිදු වෙනවා. විශේශයෙන්ම කවිපොත්වලට ප්‍රකාශන
ආයතනයකින් ඉඩක් ලබාගැනීම කොතරම් වෙහෙසකර කටයුක්තක්ද යන වග නිර්මානකරුවන්ම හොඳින්
දන්නවා. එසේ නමුත් තමන්ගේ අරමුන පොත් ප්‍රකාශකයින්ගේ දියුනුවමයි කියන සමහර ප්‍රකාශන
ආයතන හිමිකරුවන් වසරකට එකදු සිංහල කෘතියක්වත් ප්‍රකාශයට පත් නොකරන තත්වයට කටයු තු
කරන එක නම් සංවේගයට කරුනක්. සැබවින්ම බහුතර ප්‍රකාශකයන් තමන්ගේ ප්‍රකාශන වලින්
තවමත් ප්‍රමුඛත්වය දෙන්නේ පරිවර්තන කෘතිවලට බව පැහැදිලි ඇත්තක්.
කෙසේ
නමුත් රජත සම්මානය හෝ ලබාදීමෙන් කාව්‍ය ක්ශේත්‍රෙය් දියුනුවක් ඇතිවේයයි සුබවාදී
ආකල්පයක සිටින පාඨකයන් සේම නිර්මානකරුවන්ද සිටින බවක් ද පෙනෙන්නට තිබෙනවා. (කෘතියකට
සම්මාන ලබා දීම මගින් සාහිත්‍ය කලාව සැබවින්ම දියුනු තත්වයකට පත්වෙනවාද යන්න වෙනමම
සාකච්ඡාකල යුතු මාතෘකාවක්) එනිසා මෙතනදී රජත සම්මාන විවේචනය කරනවා වෙනුවට කාර්යය
සඳහා යම් යම් යෝජනා පාඨක පාර්ශවයෙන් ලබාදෙන එක වැදගත් පියවරක් වෙන්න පුලුවන්.
ඇත්තෙන්ම
මා කලින් සඳහන් කල ආකාරයට තම කෘති ප්‍රකාශයට පත්කරගත නොහැකිව අතරමග ඇදහැලෙන
දක්ශතාවයන් සහිත ආධුනික නිර්මානකරුවන්ට අතහිත ලබාදීමක්වත් මෙතනදී සිදුවෙනවානම් යම්
තරමකින් හෝ ප්‍රකාශකයින්ට තමන්ට එරෙහිව පවතින චෝදනා වලින් මිදීමට ඉඩක් සැලසෙනවා.
ගොඩගේ ආයතනය මෙවැනි ආධුනිකයන්ට සැබෑ සේවයක් සලසන දැවැන්ත කටයුත්තක නිරත වෙමින්
සිටින බව මෑතක මට සිතෙන්නේ. විශේශයෙන් ගොඩගේ අත්පිටපත් තරඟාවලියෙන් තේරීපත්වෙන
නවකතා හා කෙටිකතා සහ කාව්‍ය කෘති එම ආයතනය මගින්ම ප්‍රකාශයට පත් කරන්න ඉදිරිපත්
වෙනවා. මං හිතන්නේ සැබෑ දියුනුව සහ අභිවෘද්ධිය ඇතිවන්නේ මෙවැනි කටයුතු තුලින්.
එමගින් යම් පිරිසකට සේවයක් සිදුවන අතරම ආයතනයට ද යම් වාසි සහගත තත්වයක් ඇතිකරගන්න
ඉඩ සැලසෙනවා. එමගින් අවම වශයෙන් අවස්ථාව නොමැති කිහිපදෙනෙකුට හෝ කෘති ප්‍රකාශයට
පත්කිරීමේ දොරටු විවර වෙනවා.
ඩී.
ආර් විජේවර්ධන අත්පිටපත් තරඟාවලිය මගින්ද කලකට පෙර මෙසේ අත්පිටපත් තරඟාවලියක්
සංවිධානය කොට ජයග්‍රාහී කෘති ප්‍රකාශයට පත් කිරීමට අතහිත දුන්නා.
ස්වර්න
සම්මාන ජයග්‍රහී කෘතියට ලබාදෙන ත්‍යාග මුදල වැඩිකරන අතරේ ප්‍රකාශකයින්ගේ
සංගමයට මෙවැනි සූක්ශම දෙපසටම වාසි ගෙනදෙන තීරන ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක්ද
ඇතැයි මතක් කිරීම වැදගත් බව සිතෙනවා. එය ඉල්ලා සිටීම පාඨක අයිතියක්. මක් නිසාද යත්
පාඨකයින්ට කියවීමට කෘති සැපයෙන්නේ(ඔවුන්ගේ
අභිවෘද්ධිය සැලසෙන්නේ) ප්‍රකාශන ආයතන නිසා මෙන්ම ප්‍රකාශකයින්ගේ සංගමයේ දියුනුව
රඳා පවතින්නේ පාඨකයන් නිසායි. මේක අන්තර්පෝශනීය ගනුදෙනුවක්. එක පැත්තක කඩාවැටීම
අනෙක්පැත්තේ කඩාවැටීමට ඍජුවම රුකුල් දෙනවා. මේ බව ප්‍රකාශකයින්ගේ සංගමය මෙන්ම
පාඨකයන්ද මැනවින් වටහාගෙන සිටීම මොනයම් ආකාරයකට හෝ වාසිදායක තත්වයක් නිර්මානය කරන
බව මට සිතෙනවා.