වත්මන් ලොව භාවිත කරනු ලබන සාම්ප්‍රදායික
බුද්ධි පරිමානවලින් තක්සේරු කරනු ලබන්නේ මනුෂ්‍ය විභව්‍යතාවලින් ඉතා ස්වල්පයකි.
බොහෝ විට වර්තමාන ඥානය, විද්‍යාත්මක චින්තනය, තර්කනය, භාෂාමය හැකියාව වැනි අංශ
කිහිපයක් පමණකි. එසේ වුවද මනුෂ්‍යයා සතු මේ හා සමාන හෝ මීටත් වඩා සංකීර්න
වූ මානසික හැකියා තව කොතෙකුත් පැවතිය හැකි බව මිනිසුන් දෙස බලනවිට අපට නිගමනය
කල හැකිය. නිදසුනක් වශයෙන් දක්ෂ රියදුරෙකුගේ ක්‍රියාවලිය හා කාර්ය දෙස බලනවිට,
සංකීර්ණ වීදිවල, මහාමාර්ගවල, සෙසු වාහන හා මගී ජනතාවට උපද්‍රවයක් නොවන ආකාරයෙන්
මාර්ග නීතිරීති පිළිපදිමින්, වාහනය හසුරුවමින් මනා වේගයෙන් හා කාර්යක්ෂමතාවකින්
යුතුව ස්වකීය හසුරු කෞශල්‍ය බුද්ධිමය ලෙස යොදවන ආකාරය අපට පෙනී යයි.
තත්වය මෙසේ වුවද, අප ඉහත සඳහන් කළ වර්ගයේ
වත්මන් බුද්ධි පරිමාණ පරීක්ෂණයක් රියදුරන්ට දෙනු ලැබුවහොත් බොහෝ දෙනා නිසැක
වශයෙන්ම ඉන් අසමත් වනු ඇත. මක්නිසාද යත් බොහෝ රියදුරන් ශාස්ත්‍රීය උගත්කමින් අඩු
හෙයිනි. සංඛ්‍යා, ගණිතය, විද්‍යාථ තර්කය හා භාෂාව පිළිබඳ ඔවුන්ගේ දැනුම අල්පය.
බොහෝ විට ඔවුනට බුද්ධ පරීක්ෂණයකට උත්තර ලිවීමට පවා අවශ්‍ය භාෂා දැනුම පවා නොමැත.
මෙම නිදර්ශනය චින්තනය මත පාසල් ජනගහනය දෙස බලන විට අපට පෙනී යන්නේ ශිෂ්‍යයන් අතර
පවත්නා සැබෑ දක්ෂතා බොහොමයක් යටකී සම්මත බුද්ධි පරිමාණවලින් යටපත්වන බවයි.
නිදසුනක් වශයෙන් තම ශරීරය සුඛනම්‍ය ලෙස චලනය කරමින් මානසික මෙහෙයවීඹක් මගින්
රිද්මයානුකූල රටා හැඩතල, නිර්මානය කරමින් ශරීර ඉඟිබස මගින් අදහස් හා භාව ප්‍රකාශනය
කරමින් නර්තනයක හෝ රංගනයක යෙදෙන ශිෂ්‍යයාවකගේ එම අපූරු දක්ෂතාව යටකී සම්මත බුද්ධි
මානසික හැකියා පරිමානයෙන් කරනු ලබන තක්සේරුවය හසු නොවෙයි. මෙවැනි හැකියා එකක්
දෙකක් නොව රාශියක් ශිෂ්‍යයන් තුල පිහිටා ඇත. පවතින සාමප්‍රදායික මිනුම් දඬු තුලින්
ඒවා අගය කොට තක්සේරු නොකිරීම අයෝග්‍ය වේ. (රෝලන්ඩ් අබේපාල - නව ඉගෙනුම් ප්‍රවණතා)
ඉහතින් උපුටාගත් අදහස තවදුරටත් සරලව හා
විස්තාරනය කොට කීම, එනම් මිනිස් බුද්ධිය
කොතරම් පරාසයකට මෙන්ම කොතරම් විවිධ වර්නයන්ගෙන්, ස්වරූපයෙන් මිනිස් මොලය තුල
ස්ථාපිත වන්නේ ද සහ ඒවා ප්‍ර යෝජනයට ගත හැකි වන්නේ කෙසේද යන්න ගැන කරුනු දැක්වීම මෙම ලිපියේ අපේක්ශාවයි.
බහුවිධ බුද්ධි න්‍යාය (Multiple
Intelligence) ලොවට හඳුන්වා
දෙන්නේ හෝවාර්ඩ් ගාඩ්නර් (Howard Gardner) නම් ඇමෙරිකානු ජාතික මනෝවිද්‍යාඥයා විසින්.
ඔහු පවසන ආකාරයට විවිධ මිනිසුන් තුල බුද්ධි වර්ග එකක් දෙකක් හෝ කිහිපයක් අන්තර්ගතව
තිබෙන්නට පුලුවන්. එය මිනිසාගෙන් මිනිසාට විවිධ ස්වරූප අරගනිමින් පැවතීම ද
විශේශත්වයක්. ගාඩ්නර්ගේ වචන වලින්ම එය මෙසේ දැක්විය හැකියි. ''මනුශ්‍ය බුද්ධිය අතිශයින්ම පුලුල් වූ බොහෝ
සෙයින් පොදුවේ පැතිර ගිය නිපුනතා සමූහයකින් සමන්විතය. දැනට ඉන් 8ක් ගනනය කලෙමි. තව
බොහෝ තිබිය හැකිය.''
මේ අනූව මිනිසාගේ බුද්ධිය ප්‍රධාන වර්ග අටක්
යටතේ දක්වන්න පුලුවන්. ඉතා සරලවම විග්‍රහ කලොත් ඒවා මෙහෙමයි.
1.
භාශාමය බුද්ධිය,
2.
ගනිත හා තර්කමය බුද්ධිය,
3.
සංගීතමය බුද්ධිය,
4.
රිද්මයානුකූල චලන කල හැකිවීමේ බුද්ධීය,
5.
ස්වභාවධර්මය සම්බන්ධ බුද්ධිය,
6.
රූප/සංඥා අවබෝධ කරගැනීමේ බුද්ධිය,
7.
පුද්ගලාන්තර බුද්ධිය,
8.
පුද්ගල අභ්යන්තර බුද්ධිය
කුඩා අවධියේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් තුලිනුයි. අනෙක් අතට කුඩා අවධියේදීම ඒකී සක්‍යතා
හඳුනාගැනීම ඔවුන්ටම සිදුවන සාධාරනයක් ද විය
හැකියි. එනම් පාසල තුලදී සිසු දරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් මගින් ඔවුන්ගේ බුද්ධීන්
කිනම් ස්වභාවයක් ගන්නේදැයි අධ්‍යනය කිරීමට ඉතා පහසු හා වැදගත් කටයුත්තක් බව මේ
අනූව පැහැදිලියි.
භාශාමය බුද්ධිය යනුවෙන් සරලව හඳුන්වන්නේ
යම්භාශාවක් කතාබහ කිරීමට, ඉතා හොඳින් ලිවීමට, හැසිරවීමට, ඇති හැකියාවයි. ලිපි
රචනා, භාශා, සාහිත්‍ය කුසලතා ඇතම් සිසුන් තුල තවකෙකුට සාපේක්ශව වර්ධනය වන්නේ හෝ
අවම වන්නේ මෙම බුද්ධියේ තීව්‍රතාව අනූව බව ඒ අනූව නිගමනය කරන්න පුලුවන්.
ගනිතමය හා තර්කමය බුද්ධියෙන් කියවෙන්නේ ගනන්
මිනුම් ක්‍රම, සාධන ක්‍රම, යමක් දෙස තාර්කිකව බැලීමට, විචක්ශනව කියවීමට, ග්‍රහනය
කරගැනීමට ඇතිවන හෝ සහායවන බුද්ධියයි. ඇතැම් සිසුන් ගනිත කර්මවලට ලෙහෙසියෙන් හුරු
වන්නේත් තවත් සිසුවෙකුට එය දුරාවබෝධ වන්නේත් මෙම බුද්ධිය පිහිටන ස්වභාවය මත බව හඳුනාගැනීම
වැදගත්.
සංගීතමය බුද්ධියේ දී පුද්ගලයා තුල සංකේන්ද්‍රනය
වන්නේ තාලය, විරිත, රිද්මයානුකූල ශබ්ද සංඥා
හඳුනාගැනීමට වන හැකියාව ආදී ඊට සමාන වූ සියලු විභවතා සමස්තයකුයි. . ගීත ශ්‍රවනයට
වන ලෝලය, ගායනය, වාදනය ආදී නොයෙක් ඉසව් ඔස්සේ මෙකී බුද්ධියේ ප්‍රකාශනය සිසු දරුවා
තුලින් ප්‍රකාශවන අවස්ථා අපිට පන්ති කාමරේදී ද දැකගන්න ලැබෙන අවස්ථා ඕනෑතරම්
තිබෙනවා. රිද්මයානුකූල චලනයේදී පුද්ගලයා යම් රිද්මයක් වහා ග්‍රහනය කරගැනීමටත්, ඒ
අනූව සිය ශරීරය මනාව මෙහෙයවීමටත් සූක්ශම වනු දකින්න පුලුවන්. නැටුමට, රංගනයට, වගේම
ක්‍රීඩා ඉසව් කෙරෙහිත් වඩා වැදගත් වනුයේ මෙම බුද්ධි ස්වභාවයයි.
දරුවන්ගෙන් ඇතමුන් තවත් කෙනෙකුට වඩා ස්වභාව
ධර්මයේ සතුන් කෙරෙහි, ගහකොල ඇලදොල කෙරෙහි වන ඇලීම, බැඳීම කැපීපෙනෙන ලෙස වැඩී
තිබෙනු ඇතැම්විට අපට දක්නට පුලුවන්. එය එසේ වන්නේ ස්වභාදහම පිලිබඳ බුද්ධිය පිහිටා
ඇති අය තුල බව බහුවිධ බුද්ධි න්‍යාය අනූව අර්ථකථනය කරන්න පුලුවන්. පාසල තුල මෙන්ම ඉන්
පරිභාහිරවත් යම් රූපසටහනක්, වීඩියෝ පටයක්, චිත්‍රපටයක් දැකීමෙන් යම් කාරනයක් ඉතා
හොඳින් ග්‍රහනය කරගැනීමට සමත්වන පුද්ගලයා සතුව රූප සංඥා අවබෝධ කරගැනීමේ බුද්ධිය
පිහිටා තිබෙන බව පෙනෙනවා. එසේම පුද්ගලාන්තර බුද්ධියේදී කියවෙන්නේ සමාජ ජීවියෙක් ලෙස
සිසුවා වඩා හොඳින් පිරිසක්/ශිශ්‍ය කන්ඩායමක් සමඟ සුහද ශීලීවත් ඔවුන් හා ඇසුරේදී
නිරායාසිකවම ඉස්මතුවන හැකියාවත් විහිදා දැක්වීම සම්බන්ධවයි. පුද්ගල අභ්‍යන්තර
බුද්ධියේදී මීට තරමක් වෙනස්ව සිසු දරුවා තම අභ්‍යන්තරය සමඟ වඩා හොඳ ගනුදෙනුවක
නිරතවීමේ හැකියාව වර්ධනය කරගන්නවා. යමක් සම්බන්ධයෙන් තමා ක්‍රියා කලේ කෙසේද? එය
තමන්ට සිතුනේ ඇයි, තමාට දැනුනු සිතුවිල්ල නිවැරදිද, තමා එසේ සිතීම හොඳද වැනි අභ්‍යන්තරයෙන්
හටගන්නා සිතිවිලි ගනුදෙනුවකට මෙම බුද්ධිය මගින් ඉඩක් විවර කරදෙන බව සිතන්න
පුලුවන්.
.
ඉහත කී බුද්ධි මට්ටම් වල පරාසය විවිද වන නමුත්
තවදුරටත් අපගේ අධ්‍යාපනික ක්‍රමවේද සැකසී තිබෙන්නේ, විභාග ක්‍රමයන් දිව යන්නේ පමනක්
නොව පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය
සිදුවන්නේත් මෙම බහුවිධ බුද්ධි ස්වභාවයන්ගෙන් බුද්ධි වර්ග දෙකක් තුනක් වැනි
අතලොස්සක් සැලකිල්ලට ගනිමින් වීම අවාසනාවන්ත කරුනක්. එනම් ඉහත දැක්වූ සෑම
අවස්ථාවකදීම සැලකිල්ලට ගනු ලබන්නේ සිසු දරුවන්නේ භාශාමය බුද්ධිය හා ගනිතමය හා
තර්කමය බුද්ධිය පමනක් බව ඒ පිලිබඳව ගැඹුරින් විමර්ශනය කලහොත් නිගමනය කරන්න පුලුවන්.
බොහෝවිට පාසල් අධ්‍යාපනයෙන් ඉක්බිතිව පවා පැවතෙන ඕනෑම විභාග ක්‍රමයකදී ද මනිනු
ලබන්නේ මෙම බුද්ධි වර්ග දෙකෙහි තීව්‍රතාව නෙමෙයිද? එය එක්තරා හාස්‍යජනක තත්වයක්
මෙන්ම බහුවිධ කුසලතා ඇති මිනිසුන්ගේ හැකියාවන්, විභවතාවයන් ප්‍රයෝජනය ගත හැකි
ආකාරයෙන් හඳුනාගැනීමට නොහැකිවීම මිනිසුන් වශයෙන් පුද්ගලිකවත් පොදුවේ සැලකිල්ලට
ගැනීමේදී රටටත්, සමාජයටත් සිදුවන බරපතල අපරාධයක්. අසාධාරනයක්.
උක්ත කාටූනයේ ගුරුවරයා යනුවෙන් සංකේතවත්
කරන්නේ අද්‍යතන විභාග ක්‍රමවේදයන් යයි මොහොතකට සිතන්න. අර ඈතින් පෙනෙන ගසට නැගීමට
හැකි සියලු දෙනා විභාගය සමත් බව ඔහු දක්වනවා. නමුත් එතැන සිටින සතුන්ගේ කුසලතා
විහිදෙන්නේ කවර කවර දිශාවන්ටදැයි දකින විට අප ඉදිරියේ මැවෙන චිත්‍රය කොතරම් සොචනීය
ද? සාහසිකද?
නමුත් රාජ්‍ය යාන්ත්‍රනයන් වෙනස්වීම හෝ වෙනස් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන අතරම එය ඉක්මනින්
සිදුවෙතැයි ද සිතන්නට බැහැ. ඒ වෙනුවෙන් හඬක් නගන අතරේම පාසලේදී හෝ පන්ති කාමරයේදී
ඉගනුම් ඉගැන්වීම් ක්‍රමවේදවලදී සිසු දරුවන්ගේ බහුවිධ කුසලතා ප්‍ර යෝජනයට ගැනීමට
මෙන්ම ඊට හොඳ අවස්ථාවක් ලබා දීමට ගුරුවරයාට පුද්ගලිකව ගත හැකි ක්‍රියාමාර්ග
බොහොමයක් ඇති බව හඳුනාගන්න පුලුවන්. එනිසා අපි ඒ කුඩා කුඩා පියවර වෙත හැරීම මේ
මොහොතේ වඩා ප්‍රායෝගික බව මොහොතකට සිතමු.
ඇතැම් මනෝ උපදේශන ගුරුවරුන්
පාසලේදී/පන්තිකාමරයේදී සිසු දරුවන්ගේ බුද්ධි ස්වභාවයන් හඳුනාගැනීමට උචිත පරීක්ශන
සිදුකිරීමට ද පෙලඹෙනවා. කන්ඩායමක් තෝරාගෙන පොදුවේ ඔවුන්හට ප්‍රශ්නාවලියක් ලබා දී ඒ
ඒ සිසුන් ඊට ලබාදෙන පිලිතුරු සැලකිල්ලට ගෙන මෙසේ ඒ ඒ දරුවාට අනන්‍ය බුද්ධි වර්ගය
කුමක්දැයි සරලව/දල අවබෝධයක් ඇතිකරගැනීම අපහසු නැහැ.
පන්තිකාමරයේදී සිදුකරන ඒකාකාරී ඉගැන්වීම්
රටාව ඒ අනූව වෙනස්කල හැකියි. මේ අනූව පන්තිකාමර අධ්‍යාපනයේදී රූප, දෘශ්‍ය උපරකන,
විඩියෝපට, සංගීතමය උපකරන, යොදාගත හැකි අතරම සමහර ප්‍රායෝගික ක්‍රියාමාර්ග ද මෙහිදී
අනුගමනය කිරීම විනෝදය සපයන ක්‍රියාවලියක්
බවට ද නිසකවම පත් වේවි. මෙතෙක් ගුරුවරයාගේ ඉගැන්වීම අසා සිටීම හෝ අසා
ලිවීමේ ක්‍රමවේදය අවශෝශනය කරගන්නේ ඉතා සීමිත කොටසක් වන බවත් මෙවැනි නව්‍ය ක්‍රමවේද
නිසාවෙන් ඉගනුම් ක්‍රියාවලියෙන් ඉවතට පැන සිටින දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික කරුනු
අවබෝධය රසවත්ව හා මැනවින් ලබාදීමට ඉඩකඩ විවර වෙනු ඇති.
සිසු දරුවන්ගේ අනාගත අභිලාශ තෝරාබේරා ගැනීමට
දරුවන්ට උදව් කිරීම අවශ්‍ය වන අතරම ඔවුන්ගේ සක්‍යතාවයන්/ බුද්ධි පරාසයන් පිලිබඳ
ගුරුවරයාට අවබෝධයක් තිබේනම් එය ඉතා හොඳ මාර්ගෝපදේශනයක් යටතේ ලබාදීමට හැකි වෙනවා. පාසලේ විශයයන් තෝරා ගැනීමේ දී යම්
යම් විශයයන් වලට අනාගත රැකියා වෙලඳ පොලෙහි ඇති මූල්‍යමය වටිනාකමට සැලකිල්ලට යන්නා
අතරේම හෝ ඒ ඒ පුද්ගලයාතුල සංකේන්ද්‍රනය වී ඇති කුසලතාව අනූව විශයයන් තෝරාගැනීමට මග
පෙන්වීම වඩා නිවැරදි සහ සාර්ථක ක්‍රමයක්. නමුත් මූලික අධ්‍යාපනයේ දී සෞන්දර්ය
විශයන් තෝරාගැනීමේදී හා කාන්ඩ විශයයන් තෝරා ගැනීමේදී ගුරුභවතුන් හා සිසු
දරුවන් අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ක්‍රමවේද
කෙරෙහි කිසිදු අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නේ නැහැ. විශේශයෙන් අද සාමාන්‍ය පෙල
කඩඉමෙන් පසුව උසස් අධ්‍යාපනයට පිවිසෙන බහුතරයක් සිසු දරුවන් ඒ ඒ විශය පරාසයන්
තෝරාබේරා ගනු ලබන්නේත් ගුරුවරුන්/දෙමාපියන් ඔවුන්ට උපදෙස් දෙනු ලබන්නේත් ඔවුන්ගේ
බුද්ධි මට්ටම් පිලිබඳ දශමයක හෝ සැලකිල්ලක් සහිතව නොවෙයි. ඊටත් වඩා අප සමස්ත
සමාජයක් ලෙස සැලකිල්ලට ගනු ලබන්නේ ඒ ඒ විෂයන්ට රැකියා වෙලඳපොලෙහි තක්සේරු වටිනාකමම
පමනක් වීම දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය සම්බන්ධයෙන් ද සිදුවන මහා ඛේදවාචකයක්.
No comments:
Post a Comment