ස්ත්‍රීන්ට බය පිරිමි ලෝකය
සාමාන්‍ය යෙන් අපි අහන දකින ලෝකයේ කතිකා වන ප්‍රධාන මාතෘකාවක් වන්නේ ස්ත්‍රීන් යටත් කරගෙන ඉන්න පිරිමි ලෝකයක් සම්බන්ධවයි. එසේත් නැතිනම් පුරුෂ මූලික සමාජ තන්ත්‍රයක ස්ත්‍රියට අයත් ඉරනම පිලිබඳ සමාජ දේශපාලනික වශයෙනුත් , කලා කෘති මගිනුත් බොහෝ සේ කතාවෙනවා. නමුත් මේ කතාබහ ඊට සපුරා වෙනස් එකක්.
මුලු මහත් ලෝකයේම සිටින්නේ ගැහැනුන්ට බය වූ පිරිමි කොට්ඨාසයක්.
මේක වාක්‍යයක් ලෙස දකිද්දි එකපාරටම තිගැස්සෙන්න පුලුවන් සහ එකඟ වෙන්න බැරි කතාවක් කියල පේන්න පුලුවන්. නමුත් වඩ වඩා හාරාගෙන කපාගෙන ගියොත් මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන සාවධානවීමක් වෙන්න ඉඩ සැලසේවි.
මෑතකදී මම කියවපු, බලපු කලාකෘති දෙකක් මම මේ සඳහා නිදසුන් විදිහට අරගන්නවා. එකක් සිරිමල් විජේසිංහගෙ ඔබාමා මහත්මයාගෙ ස්ත්‍ර ප්‍රශ්නය. අනෙක් එක චිත්‍රපටයක්. බව දුක. මට හිතෙන්නෙ මේ කලා නිර්මාන දෙකෙන්ම ඍජුව හෝ වක්‍රව මම ඉහත සඳහන් කල ස්ත්‍රීන්ට බය වී සිටින පිරිමි ලෝකය සම්බන්ධයෙන් වෙනස් මානවලින් කතා වෙනවා.
බවදුක චිතපටයේ මේක මුලු කතා දේහය පුරාවටම අපව කම්පනය කරවමින් නිරූපනය වෙලා තියෙන බව පේනවා. එක කතා නායකයා වන පේදුරුගේ චරිතව ආරම්භයේ සිට ගලාගෙන යන දිශාව සන්සුන්ව බලා සිටීමේදී මේක හොඳින් දකින්න පුලුවන්. පේදුරු විසින් විවාහ කරගන්නා නොනහාමි විසින් ක්‍රමයෙන් පේදුරුව ආක්‍රමනය කරනවා. පේදුරු ප්‍රතාපවත් දේහදාරී පිරිමියාගේ සිට නොන්ජල් පිරිමියෙක් දක්වා පල්ලම් බහිද්දී නොනහාමි අහිංසක ලමාතැනීගේ සිට දිරිය කතක් දක්වා වේගවත් ගමනක නිරත වෙනවා. මට හිතෙන්නේ ලංකාවෙ බහුතරයක් විවාහ සංස්ථාව ඇතුලෙ මේක පොදු තත්වයක්. බවදුක චිත්‍රපටය ඇතුලෙ පේදුරුට මේ ඉරනම අත්වීමට බලපෑ සමාජ දේශපාලන හේතුවක් තිබුනත් පොදු විවාහ සංස්කෘතිය ඇතුලෙ පිරිමියා මෙවැනි නිශ්ක්‍රීයත්වයට පත් වන්නේ ඉබේටම වගේ. එක් ආකාරයකට පිරිමියා විසින් අවිඥානිකවම ගැහැනියට වගකීම හෝ මූලාසනය පවරා පසුබසින ස්වභාවයක් දකින්න පුලුවන්. ඒක හේතු ගනනාවක් බලපාන බවත් පේනවා. කොහොමටත් අවුරුදු පනහේ සීමාව ඉක්මවද්දි පිරිමියාගේ භූමිකාව පවුල ඇතුලට අවශ්‍ය නොවන තත්වයක් දක්වා විකාශය වීම නිසා පිරිමි තාත්තා අවලංගු කාසියක් ලෙසින් ඔහේ සමාජය වෙත ඇදෙන්න ගන්න බවක් දකින්න පුලුවන්. ගම් මට්ටමින් කසිප්පු තිත්පලවල් දක්වා හිස නමා ඇදෙන මෙවැනි පිරිමි ඕනෑතරම් දකිව්ව අපහසුත් නැහැ.
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඇතුලෙ නිරන්තරයෙන් සංසරනය යන විහිලු ඇතුලේ දකින්න පුලුවන් පොදු මූලය වන්නේම ගැහැනියට බය පිරිමි කොටසක් ගැන හෙලිදරව්වක්.
ඔබාමා මහත්මයාගේ ස්ත්‍රී ප්‍රශ්නය මේ කාරනාව බවදුකට වඩා ඍජුව හා උපහාසාත්මකව විවිධ මානයෙන් සාකච්ඡා කරන කෙටිකතාවක්. මේක ස්ථානගත වන චරිත ගත්තමත් ඒ උපහාසාත්මක ගතිය කොහොමද කියල කියන්න පුලුවන්. ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සිතෙහි හටගන්නා ප්‍රශ්නයක් මේ කෙටිකතාව පුරාවට දාර්ශනික, සමාජ විද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක ආදී නොයෙක් ආකාරයෙන් කතාබහ කෙරෙනවා. ඇමරිකාවේ ජනාධිපති යනු ලොව බලවත්ම පුද්ගලයා ලෙස ප්‍රකටයි. නමුත් ඔහු පවා විස්වාස කරන්නේ පිරිමි ගැහැනුන්ට බය බවයි. පිරිමි මේ විදියට ගැහැනුන්ට බයෙන් ජීවත් වීමට හේතු වන්නේ කුමන කරුනක් ද යන ගවේශනය ඇසුරෙන් ඔහු මේ තේමාවේ නොයෙක් පැති සොයා බලන්න පෙලඹෙනවා. එය රසවත්.
මේ සියල්ලෙන් අපට කැපී පෙනෙන නමුත් පොදු තේමාවක් ලෙස අපි කතාබහට නොගන්නා, නැතිනම් අපට ඍජුව නොපෙනෙන හෝ අප පිලි නොගන්නා කාරනයක් අපට මුනගස්වන මේ තේමාව යලි යලි හිතාබලන්න අපට බැරිකමක් නැහැ.
ඇත්තටම අපි ගැහැනුන්ට බය සමාජයක්ද? පුරුශාධිපත්‍ය යයි අපි පිලිගන්නා සමාජයේම ඇත්තේ මාතෘමූලික ස්වරූපයක නටඹුන් ද? නැතිනම් මාතෘමූලික සමාජයේ අති දියුනු මොඩලයක්ද?