රතුපාට මාලු පැටවුන්ගේ ලෝකය Turtles Can Fly
චිත්‍රපටයකින්
මේ තරමට මාව කැලඹුවේ සෑහෙන කාලෙකින්.
ඒ කැලඹීමට හේතුව කොහෙන් ආපු එකක් ද කියල ආපස්සට මම කල්පනා ලෝකෙ ඇතුලෙ සැරිසරන්න
පටන් ගත්තා. මේක මුලු චිත්‍රපටය පුරාවටම ලමයි විතරක් මූලික නිරූපනය වන කතාවක් කියල
කියන්න පුලුවන්. වැඩිහිටි ලෝකය පසුබිමේ පැවතියත්, ක්‍රියාත්මක වෙන්නෙ, ඛේදවාචකවලට
මුහුන දෙන්නෙ විතරක් නෙමෙයි තීරන අරගන්නෙත් ලමයි වීම නිසා ඒක තනිකර ලමා කතාවක් ලෙස
එකපාරටම පේන්න පුලුවන්.
සිදුවීමට පසුබිම වෙන්නෙ ඉරාකයේ එක්තරා ගමක්.
මේ ගම ඉරාක - ඇමෙරිකා යුද්ධයට මුහුන දෙමින් ඉන්න අතරවාරෙ ලමා වීරයෙක් සෙසු ලමුන්
හා ඔවුන්ව මෙහෙයවන ලමා වීර චරිතයක අපේක්ශා පෙන්වමින් චිත්‍රපටය ගලාගෙන යනවා.
කතාව පසුබිමේ තියෙන්නෙ ලමා ලෝකය යුද්ධයෙන්
කොයිතරම් බිහිසුනු ඉරනමක් වෙතට සංක්‍රමනය වෙමින් පවතිනවද කියන එකයි. අත් පය නැති,
කකුල් කැඩුනු, දෙමාපියන් අහිමි දරුවන් ඔවුන්ගේ වීර චාරිකාවක් වෙතට දිව යමින් පවතින
හැටි නිර්මානකරුවා පෙන්වල දෙන්නෙ උපේක්ශාත්මක දෘශ්ටියකින්.
යුද්ධය මේ මුලු කතාවම වසාගෙන සිටින අන්ධකාර
සෙවනැල්ල උනත් වෙඩිතැබීමක්, යුද්ධයක් නොපෙන්වා එහි සාහසිකබාවය පරම්පරා ගනනාවකගේ
ජීවිත විනාශ කරන ආකාරය පෙන්වන්න තරම් සිනමා භාශාව සූක්ශමයි.
මේ කතාවෙ විශේශතම කාරනය වන්නෙ මේ ඉහතින්
කතාකරපු මොනවත්ම නෙමෙයි. මේකට තෝරගත්තු ලමා නලු නිලියන්ගෙ රංගනය. ඔවුන්ගෙ චරිත
ස්වභාවයන්. ඒක අපිව පුදුම කරවනවා. ඒ නිසාම තමයි මේ තරම් තදට අපි මේ චිත්‍රපටය හා
බැදෙන්නෙත්.
ආරම්භයේ ඉදන් අවසනය තෙක්ම ලමා ලෝකයේ
වීරත්වයන්, හාස්‍යය හා සංවේදී ස්වභාවයන් මුසු කරමින් දරුනු ඛේදවාචක කතාවක්
ඉවසීමෙන් නිරූපනය කිරීම නිසාත් මේ ලමුන්ගේ සජීවී රංගන කාර්යයන් නිසාම අපි මේ කතාව
තදින් බැදෙන්න ගන්නවා.
No comments:
Post a Comment