Thursday, August 13, 2020

විශිශ්ටයෙක් බිහිවීමේ දුශ්කර මාවතක මද දුරක්....

 

ජීවිතේ කලකිරෙන හෝ අපි අපිවම ප්‍රශ්න කරන බොහෝ වෙලාවට අපි විසින් ආපස්සට මතක් කරන හෝ අපට නිරුත්සාහිතවම මතකයට නැගෙන ඇතැම් නිර්මාන අතලොස්සක් හරි තියෙනවා. මේක එවැනි සෑම මොහොතකම මම ප්‍රීතියෙන් වගේම අනිවර්වචනීය හැගුමකින් යලි යලිත් ස්මරනයට කැදවන වර්ගයේ චිත්‍රපටියක්.

Whiplash

විශිශ්ටයෙක් වෙන්න කොයිතරම් අමාරුද කියන එක වගේම විශිශ්ටයෙක් බිහිකිරීමේ මාර්ගය කොයිතරම් නම් රලු පරලු ද කියල මේ චිත්‍රපටිය ඇතුලෙ දිගහැරෙන විදිහ මාව පුදුම කරවනවා.

ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වෙන්න පෙරුම් පුරන තරුනයෙක් වටා කතාව ගොඩනැගෙනවා. නමුත් මේ කතාවෙ වීරයා හෝ කතා නායකයා ඇත්තටම මේ ශිෂ්‍යයද එහෙමත් නැත්නම් ඔහුගෙ ගුරුවරය ද කියල හරියටම හිතාගන්න අමාරු වෙන විදිහට කතා‍ව ඇතුලෙ මේ චරිත දෙකම කේන්ද්‍රය හරහා ගමන් කරනවා.

චිත්‍රපටය ඇතුලෙ ඒ ඒ චරිතවලට දීල තියෙන නම් අමතක නිසා මම ඔවුන් ගුරුවරයා හා ශිෂ්‍යයා විදිහට නාමකරනය කරන්නම්.

ශිෂ්‍යයා ඇතු‍ල් වෙන්නෙ ප්‍රදේශයේ නම් දරපු ගුරුව‍රයෙක්ගෙ ඇකඩමියක් වගේ තැනකට. එතන තමයි මේ චිත්‍රපටයේ ඇත්තම නාටකය දිග හැරෙන්නෙ. ගුරුවරය එසේ මෙසේ ගුරුවරයෙක් නෙමේ. ඔහු සම්මත ආකෘති කුඩුපට්ටම් කරන ස්වරූපයේ තමන්ටම අනන්‍ය විදිහක ගමනක නිරතවෙනවා. යහපත් ගුරුවරයෙක් ‍හෝ හුදෙක් හොද ගුරුවරයෙක් කියන අර්තයට වඩා ඔහු මම නම් කරන්න කැමති අසම්මත විදිහේ චරිතයක් විදිහට. ඒ වගේම පිපාසයකින් වගේ විශිශ්ටයන් හොයාගෙන යන මනුස්ස දූතයෙක් විදිහට.

මේ නිසාම ගුරුවර‍යගෙ ගති ස්වභාවයන් වගේම සිසුන් එක්ක  කරන ගනුදෙනුවත් අන්තිම වෙනස්. නියමිත තත්පරේටම පන්තියට පැමිනෙන ඔහු සිසුන්ගෙන්ද එකී හැසිරීම බලාපොරොත්තු වෙනවා. ක්ශනයකින් විශිශ්ටයෙකුගේ අංකුර අවස්ථාව ඉවෙන් මෙන් හඳුනාගන්නා ගුරුවරයා වහා ඔහු සිය කන්ඩායමට ඇතුලත් කරගන්න දෙවරක් සිතන්නේ නැහැ.

චිත්‍රපටය පුරාවට පෙන්නුම් කෙරෙන්නේ මේ අසම්මත ගුරුවරයාගේ ඇකඩමියාව තුල විශිශ්ටයෙකු වීමේ දුශ්කර මාර්ගයට ගමන් කරන සිසුවෙකුගේ කතාවයි.

ගුරුවරයා සිසුවාගේ සාධාරනීකරනය කිරීමේ හේතු, වෙනත් පුද්ගලික කාරනා ‍ත‍ඹේකට තකන්නේ නෑ. පුහුනුව, පුහුනුව, පුහුනුව. ඔහු ප්‍රාර්ථනා කරන මට්ටමට පැමිනෙන තෙක්ම ඔහු යන්තමින්වත් සෑහෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරයා කරනු ලබන්නේ සිසුවාව දරුනු වෙහෙසකට, පීඩනයකට පත් කිරීම. ඔහුගේ දරාගැනීමේ පරිමාව හෝ වෙනයම් සාධාරන කිසිම කාරනයක් අදාල කර නොගන්නා ගුරුවරයා තකන්නේ ඔහුගෙන් ලැබෙන ඵලය පමනයි. එය නොලැබෙන තැන ඔහු සිසුවාව කුනු ගොඩක් සේ හලන්නටත් කිසිම චකිතයක් ඇතිකරගන්නේ නැහැ.

ඇත්තෙන්ම මේ ගුරුවරයාගේ වගේම සිසුවාගෙ සංකීර්න හැසිරීම් රටා මේ තරම් තියුනු විදිහට හසුකරගැනීම පවා චිත්‍රපටියක් විදිහට ඉතාම විශිශ්ට එලඹුමක්. ‍විශිශ්ටයෙක් බිහිකිරීමේ නිර්දය ගුරුවරයෙකුගේ හැසිරීම හැම වතාවකම මට සැනසීමක් අරගෙන එනවා.

සමකාලීන හෝ විචාරකයන් විසින් හොඳ යයි වර්නනා කෙරෙන බොහෝ සාහිත්‍ය කෘති, චිත්‍රපට මගේ ඇතුලට යන්තමින්වත් නොවැටෙන බොහෝ වෙලාවට ම විසින් මාවම ප්‍රශ්න කරන අවස්ථා ඕනෑතරම් එලඹෙනකොට මගේ සිතට එන්නෙ විශ්ප්ලෑශ්හි ගුරුවරයාගෙ භූමිකාව.

ඩ්‍රම්ස්වාදන ශිල්පීන්,  රසවත්ව වාදනය කරන ශිල්පීන් බොහෝ ප්‍රමානයක් අතරේ ගුරුවරයාට වැදගත් වෙන්නේ එකමෙක විශිශ්ටයෙක් බිහිකිරීම විතරයි. ඔහුගේ කන්, ‍වගේම රසඥතාවයේ සෑම මොහොතක්ම බලාපොරොත්තු වෙන්නේ එවැනි විශිශ්ට කාර්යයක කූඨප්‍රාප්තියක්. ඔහු ඒ වෙනුවෙන් නිර්දය ගමනක නිරතවෙනවා.

ඇත්තෙන්ම මේ ගුරුවරයා කිසිදු අර‍්ථෙකින් හොඳ ගුරුවරයෙක් නෙමෙයි. හොඳ මිනිසෙක් නෙමෙයි.

නමුත් ඔහු කලාව වෙනුවෙන්, යම් සාධනීය කාර්යයක් වෙනුවෙන් කරන අරගලය, බලාපොරොත්තු වෙන පරිමාව සම්බන්ද‍යෙන් බලද්දි මට නම් ඔහු ආදරනීය ගුරුවරයෙක්. ජීවිතයේ කොහෙවන්වත් නොලැබෙන උපරිමයක් ලබාදෙන විශේශිත විශිශ්ටයෙක්. 

 

 

 

Monday, August 10, 2020

බන කියන රටක් - බන අහන රටක්

 

මෙවර මැතිවරනය පැති ගනනාවකින් විශේශිත බව බැලූ බැල්මට කියන්න පුලුවන්. ඒ වගේම මැතිවරනයෙන් පස්සෙ දිනූ කන්ඩායම් ගැන වගේම පැරදුනු කන්ඩායම් ගැනත් නොයෙක් විශ්ලේශන, විග්‍රහ කොතෙකුත් කෙරෙන කාලයක් තමයි මේ. මගේ මේ වෑයම මට දැනෙන, පෙනන හා හැඟෙන විදිහට ලංකාවේ ජනතාවගෙ මැතිවරන ජන මනස ක්‍රියාත්මක වන විදිහ ගැන මේ මැතිවරන ප්‍රතිඵලයත් එක්ක පොඩි නිරීක්ශන කිහිපයක් එකතු කරන්න.

ප්‍රවාහයන්

අපි පුංචි කාලෙ ඉඳන්ම මැතිවරන වලට තරඟෙ තිබුනෙ කන්ඩායම් දෙකක් අතර. ඒ කාලෙ මිනිස්සු හිතුවෙ මේක මොන විදිහටවත් වෙනස් කරන්න බැරි ප්‍රධාන ධාරාවෙ පක්ශ දෙක බලය අරගන්නව කියල. ඒක අපේ ආත්මයටම බද්ධ වුනු වචන දෙකක් වගේ. ශ්‍රී ලංකා - යූ ඇන් පී. මිනිස්සු කතා කරන්නෙත් එහෙම. ඌ ශ්‍රී ලංකා කාරයෙක්. අපි පරම්පරාවෙනම යූඇන්පී. කාලාන්තරයක් තිස්සේ මෙහෙම ඇසුනු, පෙනුනු නිසා අපට හිතෙන්න ගත්තෙ මිනිස්සු රැස්වෙන්නෙ මූලිකවම මේ පක්ශ දෙක වටා කියලයි. නමුත් මේ මැතිවරනයෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නෙ ඒක එහෙමම නෙවෙයි කියල. ලංකාවෙ මිනිස්සු මැතිවරනෙදි ක්‍රියාත්මක වෙන්නෙ සංකේන්ද්‍රනය වෙන්නෙ  ප්‍රවාහයක් වෙත කියල  කිව්වොත් ඒක අර ශ්‍රී ලංකා - යූ ඇන්පී කියන මුල් බැසගත් පාක්ශික හැඟීමට වඩා වෙනස් කාරනයක්.

ප්‍රවාහයක් කියන එක තව අරුත් ගැන්නුවොත් මෙහෙමයි.

මැතිවරනෙට කලින්ම අපේක්ශක කන්ඩායම් දෙකක් විසින් නිපදවනවා බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකේ ප්‍රබලතාව ගැන මිනිස්සුන්ගෙ හිත ඇතුලෙ හදනවා ලොකු විස්වාස පද්ධතියක්. මේ වතාවෙ එන්නෙ මේ අය. මේ ගොල්ලො තමයි දිනන්නෙ වගේ සංකල්ප පද්ධතියක්. ඒ බ්‍රෑන්ඩ් එක නැත්නම් ප්‍රවාහය දිගේ තමයි මිනිස්සු ගමන් කරන්නෙ.  පෙල ගැසෙන්නෙ.  

රාජපක්ශ බ්‍රෑන්ඩ් එක කලක සිට හැදිල තිබුනු බලවත් එකක්. ප්‍රවාහයක්. ඒක දැන් සැඩ පහරක් තරම් දියුනුයි. යූඇන්පී එකෙන් සමගි ජන බලවේගය කැඩිල ඒක ප්‍රවාහයක් විදිහට ශක්තිමත් වෙන්න බලපෑ කාරනා ටිකක් අමුතුයි. සහ අපිට හොඳින් මතුපිටට පෙනෙන්න තියෙන එකක් උනා කිව්වොත් ඒක හරි.

එතනදි මූලිකවම උනා කියල මට හිතෙන්නෙ සජිත් කියන පුද්ගලය වටා ගොඩ ගැසී ඇතැයි කියන ඉල්ලුම වටා  ප්‍රබල අපේක්ශකයන් රොත්තක් ඒකරාශී වීම. ප්‍රවාහයක් ලෙස අර්ථකතනය කරන්න මූලික අඩිතාලම වැටෙන්නෙ එතනදි. එතන ඉඳන් ඡන්ද දායකයා විස්වාස කරන්න ගත්ත බ්‍රෑන්ඩ් එක මේක. දිනන්නෙ මේක, එන්න තියෙන හැකියාව තියෙන්නෙ මේක වගේ එකක්. සජිත් කඳවුර දිනන්නෙ ඒක වටා.

ප්‍රවාහයන් හෝ බ්‍රෑන්ඩ් මිසක් ලංකාවෙ මැතිවරනයෙදි පුද්ගල සාධක බලන්නෙ නැතිම තරම්. සලසා බැලුවත් ඒක ද්විතීයිකයි. වැදගත්ම දේ අදාල අපේක්ශකය එන්නෙ මොන ප්‍රවාහයෙන්ද කියන එකයි ඡන්ද දායකයට වැදගත් වෙන්නෙ. ඒක අපිට ප්‍රතිඵල වලින්ම බලාගන්න පුලුවන්. දේශපාලන පතාක යෝධයෝ එහෙමත් නැත්නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තු එයි, දිනයි, එයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියල මිනිස්සුම කියන ගොඩක් අය මේ ප්‍රවාහ දෙකෙන් එකකට ඇතුලත් නොවුනු නිසාම පැරදුනා. රනිල්, අකිල, තෙවරප්පෙරුම, නවීන්, හඳුන්හෙත්ති ඇතුලු ජවිපෙ කන්ඩායම මෙතනදි පැරදෙන්නෙ මේ ප්‍රවාහමය කාරනාව නිසයි.  ඒ වගේම ගීතා, උද්දික වැනි නිලියන් දිනන්නෙත් සමහර සිරගත මිනිස්සු දිනන්නෙත් මිනිස්සු පුද්ගල කාරනාව සැලකිල්ලට ගන්න නිසාවටත් වඩා ඒ අය දිනන ප්‍රවාහයක් තෝරා ගැනීම මතයි.

රාජිතල, ගයන්තල දිනමින් අකිලල රවීල පැරදෙන්නෙ මේ ප්‍රවාහයන් කියන කාරනාව ගැන ඒ අය දක්වපු සැලකිල්ලේ ප්‍රමානය කියලයි මම නම් හිතන්නෙ.

තෙවරප්පෙරුම සාධකය එතනදි  විශේශයි. මේ තරම් මිනිස්සු එක්ක සම්බන්ධවෙලා, උදව් කරල එකතුවෙලා ජන්දෙ දිනන්න පුලුවන් කියන ජනප්‍රිය අදහස තෙවරප්පෙරුමගෙ ප්‍රතිඵලෙත් එක්ක බිඳ වැටුනා. වෙන්න පුලුවන් වැදගත්ම දේ එයා කොච්චර හොඳ කලත් වැඩක් නෑ එයා එන්නෙ පරදින කන්ඩායමකින් නම්.

මෙහෙම බැලුවම මේ මූලික ප්‍රවාහ දෙකෙන් ඇරෙන්න සංගක්කාර ජන්දෙ ඉල්ලුවත් දිනන්න තියන ඉඩ ඉතාම අල්පයි. අතුරලියේ රතන හාමුදුරුවන්ට වගේම බොදු බලේට උනෙත් ඒකමයි.

ලංකාවෙ මිනිස්සු කොයි වෙලාවකවත් තමන්ගෙ ඡන්දෙ නැත්නම් තනි ඡන්දෙක වටිනාකම ගැන හිතන්නෙ නෑ. එයාල හිතන්නෙ දිනන්න පුලුවන් කඳවුරකට තමන්ගෙ ඡන්දෙ දැමීම ගැනයි. තම ඡන්දයට වටිනාකමක් ලැබෙන්නෙ එතකොට කියලයි එයාලගෙ ආකල්පය.

හොඳ මිනිස්සු තෝරාගැනීම හෝ යහපත් මනුස්සය කවුද කියල අඳුනා ගැනීමේ නොහැකියාවක් නෙමෙයි මිනිස්සුන්ට තියෙන්නෙ. කොටින්ම අනුර ඇතුලු ජවිපෙ තුල ඉතාම ප්‍රතිපත්ති ගරුක කන්ඩායමක් ඉන්නව කියල පැහැදිලිවම ඡන්ද දායකයා දන්නවා. කොහෙත්ම ඒ අයගෙ බුද්ධියේ ගැටලුවක් නෑ.  නමුත් ඒ අයට තමන්ගෙ ඡන්දය දාල ඒක නිකං අපතේ යවන්න මිනිස්සු කැමති නෑ. මොකද ඒ අය තනි ඡන්දෙක වටිනාකම දන්නෙ නැති නිසා. තකන්නෙ නැති නිසා.

අනේ එයාලට දීල වැඩක් නෑ පුතා. එයාල එන්නෙ නෑ. අපේ ගමේ වයසක මනුස්සයෙක් එහෙම කිව්වා.

අපි ඒක අහල හිනාවෙලා ගියාට එතන අපිට නොපෙනෙන ඇත්තක් තියෙනවා. ඒ තමා මිනිස්සු හිතන විදිහ.

මේක අපිට පැහැදිලි කරගන්න තියෙන ලේසිම තැන තමයි 2004 මැතිවරනය. එතනදි ජවිපෙ පොදු පෙරමුන එක්ක සන්ධානගත වෙලා මැතිවරනෙට ඉදිරිපත් වෙනවා. ප්‍රතිඵලය පුදුම සහගතයි. ජවිපෙන් මන්ත්‍රිවරු 42ක් ජයගන්නව විතරක් නෙමෙයි ගොඩක් දිස්ත්‍රික්කවල ජයග්‍රහන මනාප ලැයිස්තුවේ පෙරමුන ගත්තෙත් මේ ජවිපෙ කන්ඩායමම තමයි.

ඒ ප්‍රතිඵලය හා මේ වතාවෙ ප්‍රතිඵල දෙකේදි අපිට හිතන්න පුලුවන් ලොකුම දේ ප්‍රවාහයන්ට එකතු නොවී, බ්‍රෑන්ඩ් එකක ආලෝකයෙන් තල්ලු වෙනව මිසක් තනි තනිව ප්‍රවාහයන් හදාගැනීම හෝ ඒ හරහා මැතිවරනයට ඉදිරිපත් වීම තරම් අනුවන ක්‍රමයක් තවත් නැති බව. මේ තත්වය හොඳින් අවබෝධ කරගත්තු සුලු පක්ශ ගානක් ඉන්නව සහ ඒ අය හැම වතාවකම මැතිවරනවලදි දිනන්නත් දක්ශ වෙනවා. චමිපිකල, විමල්ල, වගේම වාසුල, දිනේශ්ල පාර්ලිමේන්තු එන්නෙ මේ ක්‍රමේට. පක්ශ විදිහට එයාලට කොහෙත්ම පැවැත්මක් නෑ. කොටින්ම සීයක් දෙසීයක් එකතු කරගන්න බෑ. නමුත් එයාල දන්නවා ප්‍රවාහයකට එකතු වීමෙන් තමන්ගෙ මතය කොයි තරම් දිනවන්න පුලුවන් ද කියලා. ඒක ලංකාවෙ මැතිවරන ජන මතයේ විශේශිත තැනක් කියලයි මම දකින්නෙ

ජවිපෙ දියාරුව

ජවිපෙ පරාජය ගැන නොයෙක් මැසිවිලි නැගෙනවා. ඡන්ද දායකයට බනින අතරේ එහෙම බනින එක වැරදියි කියන පිරිසකුත් ඉන්නවා.

මට හැඟෙන හැටියට මෙතනදි ජවිපෙ අර්බුදයක් පැහැදිලිවම තියෙනවා. ඒක ඉහතින් කිව්ව ප්‍රවාහය කියන කාරනයෙන් ව්‍යුක්ත එකක් විදිහට සලකන්නම්.

මෙතනදි ජවිපෙ කන්ඩායම ඇත්තටම මිනිස්සුන්ට  ආදරේද කියන ප්‍රශ්නෙ මිනිස්සු තුල තියෙනවා. ඒහෙම ආදරනීය හෝ ජනතාවට සේවය කිරීමේ මූලික උවමනාවක් ඒ අයගෙන් දැන් පේනවද කියල ප්‍රශ්නකාරීයි.

අපි පොඩිකාලෙ ජවිපෙ සහ දැන් ජවිපෙ ඉඳුරා වෙනස්. ඒ කාලෙ ජවිපෙ පැහැදිලිවම ගමට බැස්සා. මිනිස්සු අතරට ගියා. ගමේ පුස්තකාල, පිං ලිඳවල් වගේ ඒව පවා හැදුවා. සමහර පාසල්වලට ඩෙස් පුටු අරගෙන දුන්නා. වෙනත් අවශ්‍යතා පිරිමැසුවා. නමුත් නූතන ජවිපෙ මේ කාරනයෙන් ඉවත් වෙලා.

ඒ අය ඒක අරගත්තෙ දේශපාලන න්‍යායාත්මක කාරනයක් විදිහට. අපි නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕන නෑ. අපි මොකටද සුබ සාධන රාජ්‍ය සංකල්පය අරගෙන යන්නෙ වගේ දේවල් ජවිපෙ ඇතුලෙ දරුනුවට සාකච්ඡා උනා. කොහොමටත් ඒකෙන් උනේ ජවිපෙ ග්‍රාමීය ඡන්ද පදනම එන්න එන්නම දියාරු වීම. මිනිස්සු අතහැරල, මිනිස්සුන්ගෙ හෘද ස්පන්දන හඬට සවන් නොදී වාද පිටිවල තර්ක කරමින් යන ගමනක් මිනිස්සු විස්වාස කරන්නෙ නෑ. මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ.

ජවිපෙ දැන් හිතන්නෙ පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රී වෙන්න, හොඳම කතිකය වෙන්න, හොරකම් ගැන හෙලිදරව් කරන්නා වෙන්න. පොලිස්කාරයා වෙන්න.

නමුත් මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න තියෙන්නෙ ඊට යටින්. ගම් මට්ටමේ බිම් මට්ටමේ සියදාස් ගානක් දුක්විඳින මිනිස්සු ඉන්නවා පිලිසරනක් බලාගෙන. අඩුම තරමේ තමන්ගෙ දුක් කන්ද ගැන සානුකම්පාවෙන් අහගෙන ඉන්න කෙනෙක් නැති. මේ අයට අත දෙන්න හෝ දුක ගැන අහල බලන්න සැලැස්මක් ජවිපෙට නැතිවෙලා. එහෙමත් නැත්නම් ගම් මට්ටමේ විකල්ප සක්‍රීය ඡන්ද දායකයගෙ ශක්තීන් උකහා ගන්න, ඒ ශක්තීන් මුදා හරින්න වේදිකාවක් ගොඩනගන්න ජවිපෙට බැරිවෙලා. නැත්නම් අමතක කරල. වෙන්න පුලුවන් නරකම දේ මේ ක්‍රෙම්ට ගියොත් ඉදිරියේදි ජවිපෙ දියාරුව තව තවත් වේගවත් වීම විතරයි.

මෙවර ජවිපෙ දිනාගත්තු එකම මන්ත්‍රී ආසන දෙක හිමිවුනේ නාගරික ජන්ද ප්‍රදේශවලින් වීම අහම්බයක් නෙමෙයි. ඒක ඒ අය නියෝජනය කරපු, ඒ අය මැදිහත් වුනු පාර්ශවයට ලැබුනු තෑග්ග.

 

බන කියන රටක් - බන අහන රටක්

ලංකාවෙ බන කියන එක පුදුම විදිහට මාර්කට් වෙනවා. ඒක කලාව ඇතුලෙ පවා එහෙමයි. මෑතක සහෝදරයා ටෙලි නාට්ටියේ නොයෙක් දෙබස්, අදහස්, මතවාද ෆේස්බුක් එක ඇතුලෙ සංසරනය වීම මෙතනදි දකින්න පුලුවන්.  මොකක් හරි උපදේශාත්මක පාඨයක් හරි දැනුවත් කිරීමේ කියමනක් හරි සමාජ මාධ්‍ය ඇතුලෙ සංසරනය වෙන්නෙ ඉතාම වේගෙකින්. මොකද ආදි කාලෙ ඉඳන්ම අපේ අයට බන අහල පුරුදුයි. බන කියලත් පුරුදුයි.

ජවිපෙ විසින් සන්සිඳුවන්නෙ මේ ජනතා පිපාසාව. ඒ අයගෙ කතා, තර්ක විතරක් පුදුම සහගතයි. ඒව මිනිස්සුන්ව පුබුදු කරවන සුලුයි. තව කෙනෙක්ට පෙන්නන්න හිතෙන තරම් රසවත්. තිත්තම ඇත්ත.

නමුත් අපි ජාතියක් විදිහට පුරුදුවෙලා ඉන්නෙ බන අහන්න මිසක් පිලිපදින්න නෙමෙයි. බන පිලිපදින එක ලංකාවෙ මිනිස්සුන්ට අදාල කාරනාවක් නෙමෙයි. ඒ අය කැමති සාදුකාර දෙමින් බන අහන්න. අපි බන අහනව කියල පෙන්නන්න. ඉතින් එහෙම බන අහන මනුස්සා බන රකිනවද කියල හිතන එක වැරුද්දක්. ලංකාවෙ මිනිස්සු හැසිරෙන්න එහෙමයි.

ජවිපෙට හැමදාම වැරදුන තැනත් එතනමයි. අනුරගෙ කතාවක් හරි ජවිපෙ විවේචනයක් හරි ජනගත වෙන්නෙ ඉතාම ඉක්මනින්. ඒ තර්ක වලට, වාදවලට මිනිස්සු බැඳෙනවා. වහ වැටෙනවා. ඒව ඇත්ත බව කියමින් හිස වනනවා. මේව සමාජ මාධ්‍ය ඇතුලෙ මිලියන ගනන් බලද්දි, ලයික් කරද්දි ජවිපෙට හිතෙනවා මේ වතාවෙනම් හරි. කලින්ට වඩා අපි ඉදිරියෙන් කියලා. ඒක එහෙම හිතෙන එක සාධාරන උනත් ලංකාවෙ ජන මනස හැසිරෙන හැටි තේරුම් නොගැනීමයි එතන තියෙන ඛේදවාචකය වෙන්නෙ.

ඉතින් බන කියලම වැඩක් නෑ. බන වැදගත් වෙන්නෙ මිනිස්සුන්ට අහන්න. සැනසෙන්න.

දිනාගන්නව කියන්නෙ ඒකම නෙමෙයි. දිනා ගන්න නම් වෙන දේවල් කරන්න ඕන. ඒකට මූලිකවම ජන මනස තේරුම් ගන්න ඕන. මිනිස්සුන්ට ඇත්තට ආදරය කරන්න ඕන. ලංවෙලා ආදරය කරන්න ඕන. මොකද මේ තාක් මේ අසරන මිනිස්සු රැවටිලා ඉන්නෙ බොරු ආදරේකට. දැන දැනත් එයාල ඒ බොරු ආදරේටම ජිවිතේ දෙනවා. ඇත්තටම ඒ මිනිස්සු පව්.

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...