Thursday, August 13, 2020

විශිශ්ටයෙක් බිහිවීමේ දුශ්කර මාවතක මද දුරක්....

 

ජීවිතේ කලකිරෙන හෝ අපි අපිවම ප්‍රශ්න කරන බොහෝ වෙලාවට අපි විසින් ආපස්සට මතක් කරන හෝ අපට නිරුත්සාහිතවම මතකයට නැගෙන ඇතැම් නිර්මාන අතලොස්සක් හරි තියෙනවා. මේක එවැනි සෑම මොහොතකම මම ප්‍රීතියෙන් වගේම අනිවර්වචනීය හැගුමකින් යලි යලිත් ස්මරනයට කැදවන වර්ගයේ චිත්‍රපටියක්.

Whiplash

විශිශ්ටයෙක් වෙන්න කොයිතරම් අමාරුද කියන එක වගේම විශිශ්ටයෙක් බිහිකිරීමේ මාර්ගය කොයිතරම් නම් රලු පරලු ද කියල මේ චිත්‍රපටිය ඇතුලෙ දිගහැරෙන විදිහ මාව පුදුම කරවනවා.

ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වෙන්න පෙරුම් පුරන තරුනයෙක් වටා කතාව ගොඩනැගෙනවා. නමුත් මේ කතාවෙ වීරයා හෝ කතා නායකයා ඇත්තටම මේ ශිෂ්‍යයද එහෙමත් නැත්නම් ඔහුගෙ ගුරුවරය ද කියල හරියටම හිතාගන්න අමාරු වෙන විදිහට කතා‍ව ඇතුලෙ මේ චරිත දෙකම කේන්ද්‍රය හරහා ගමන් කරනවා.

චිත්‍රපටය ඇතුලෙ ඒ ඒ චරිතවලට දීල තියෙන නම් අමතක නිසා මම ඔවුන් ගුරුවරයා හා ශිෂ්‍යයා විදිහට නාමකරනය කරන්නම්.

ශිෂ්‍යයා ඇතු‍ල් වෙන්නෙ ප්‍රදේශයේ නම් දරපු ගුරුව‍රයෙක්ගෙ ඇකඩමියක් වගේ තැනකට. එතන තමයි මේ චිත්‍රපටයේ ඇත්තම නාටකය දිග හැරෙන්නෙ. ගුරුවරය එසේ මෙසේ ගුරුවරයෙක් නෙමේ. ඔහු සම්මත ආකෘති කුඩුපට්ටම් කරන ස්වරූපයේ තමන්ටම අනන්‍ය විදිහක ගමනක නිරතවෙනවා. යහපත් ගුරුවරයෙක් ‍හෝ හුදෙක් හොද ගුරුවරයෙක් කියන අර්තයට වඩා ඔහු මම නම් කරන්න කැමති අසම්මත විදිහේ චරිතයක් විදිහට. ඒ වගේම පිපාසයකින් වගේ විශිශ්ටයන් හොයාගෙන යන මනුස්ස දූතයෙක් විදිහට.

මේ නිසාම ගුරුවර‍යගෙ ගති ස්වභාවයන් වගේම සිසුන් එක්ක  කරන ගනුදෙනුවත් අන්තිම වෙනස්. නියමිත තත්පරේටම පන්තියට පැමිනෙන ඔහු සිසුන්ගෙන්ද එකී හැසිරීම බලාපොරොත්තු වෙනවා. ක්ශනයකින් විශිශ්ටයෙකුගේ අංකුර අවස්ථාව ඉවෙන් මෙන් හඳුනාගන්නා ගුරුවරයා වහා ඔහු සිය කන්ඩායමට ඇතුලත් කරගන්න දෙවරක් සිතන්නේ නැහැ.

චිත්‍රපටය පුරාවට පෙන්නුම් කෙරෙන්නේ මේ අසම්මත ගුරුවරයාගේ ඇකඩමියාව තුල විශිශ්ටයෙකු වීමේ දුශ්කර මාර්ගයට ගමන් කරන සිසුවෙකුගේ කතාවයි.

ගුරුවරයා සිසුවාගේ සාධාරනීකරනය කිරීමේ හේතු, වෙනත් පුද්ගලික කාරනා ‍ත‍ඹේකට තකන්නේ නෑ. පුහුනුව, පුහුනුව, පුහුනුව. ඔහු ප්‍රාර්ථනා කරන මට්ටමට පැමිනෙන තෙක්ම ඔහු යන්තමින්වත් සෑහෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරයා කරනු ලබන්නේ සිසුවාව දරුනු වෙහෙසකට, පීඩනයකට පත් කිරීම. ඔහුගේ දරාගැනීමේ පරිමාව හෝ වෙනයම් සාධාරන කිසිම කාරනයක් අදාල කර නොගන්නා ගුරුවරයා තකන්නේ ඔහුගෙන් ලැබෙන ඵලය පමනයි. එය නොලැබෙන තැන ඔහු සිසුවාව කුනු ගොඩක් සේ හලන්නටත් කිසිම චකිතයක් ඇතිකරගන්නේ නැහැ.

ඇත්තෙන්ම මේ ගුරුවරයාගේ වගේම සිසුවාගෙ සංකීර්න හැසිරීම් රටා මේ තරම් තියුනු විදිහට හසුකරගැනීම පවා චිත්‍රපටියක් විදිහට ඉතාම විශිශ්ට එලඹුමක්. ‍විශිශ්ටයෙක් බිහිකිරීමේ නිර්දය ගුරුවරයෙකුගේ හැසිරීම හැම වතාවකම මට සැනසීමක් අරගෙන එනවා.

සමකාලීන හෝ විචාරකයන් විසින් හොඳ යයි වර්නනා කෙරෙන බොහෝ සාහිත්‍ය කෘති, චිත්‍රපට මගේ ඇතුලට යන්තමින්වත් නොවැටෙන බොහෝ වෙලාවට ම විසින් මාවම ප්‍රශ්න කරන අවස්ථා ඕනෑතරම් එලඹෙනකොට මගේ සිතට එන්නෙ විශ්ප්ලෑශ්හි ගුරුවරයාගෙ භූමිකාව.

ඩ්‍රම්ස්වාදන ශිල්පීන්,  රසවත්ව වාදනය කරන ශිල්පීන් බොහෝ ප්‍රමානයක් අතරේ ගුරුවරයාට වැදගත් වෙන්නේ එකමෙක විශිශ්ටයෙක් බිහිකිරීම විතරයි. ඔහුගේ කන්, ‍වගේම රසඥතාවයේ සෑම මොහොතක්ම බලාපොරොත්තු වෙන්නේ එවැනි විශිශ්ට කාර්යයක කූඨප්‍රාප්තියක්. ඔහු ඒ වෙනුවෙන් නිර්දය ගමනක නිරතවෙනවා.

ඇත්තෙන්ම මේ ගුරුවරයා කිසිදු අර‍්ථෙකින් හොඳ ගුරුවරයෙක් නෙමෙයි. හොඳ මිනිසෙක් නෙමෙයි.

නමුත් ඔහු කලාව වෙනුවෙන්, යම් සාධනීය කාර්යයක් වෙනුවෙන් කරන අරගලය, බලාපොරොත්තු වෙන පරිමාව සම්බන්ද‍යෙන් බලද්දි මට නම් ඔහු ආදරනීය ගුරුවරයෙක්. ජීවිතයේ කොහෙවන්වත් නොලැබෙන උපරිමයක් ලබාදෙන විශේශිත විශිශ්ටයෙක්. 

 

 

 

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...