අපි
මේ කතාව බෙදා ගන්නවා. මොකද දැනගැනීමෙනුයි ආදරයක් ඇති වෙන්නේ. ආදරයෙනුයි වෙනසක් ඇති
වෙන්නේ...
-
චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රෙග් ලීසන්
2016
වසරේ හැදුණු චිත්‍රපටයක් උනත් මේක ඉතාම අහම්බ හම්බ වීමකින් මට බලන්න පුලුවන් උනේ
2019දි. ඒත් එතරම් කාලයක් මේ චිත්‍රපටය මගේ ඇස නොගැටීම පිළිබඳව චිත්‍රපටය
ආරම්භයේදීම මගේ හිතට කුතුහලය මුසු වුනු තැවුලක් නැගෙන්න පටන් ගත්තා. බොලේ මේක
ලංකාව සම්බන්ධ වන වාර්තා චිත්‍රපටියක්. කොයිතරම් සම්බන්ධ ද කිව්වොත් චිත්‍රපටය
ආරම්භ වෙන්නේ පවා ලංකාවේ දර්ශන තලයකින්.
කෙටියෙන්
මේකයි. මුහුදු ජීවීන් පිළිබඳ ඇල්මකින් පසුවන පුද්ගලයෙක් ඔහුගේ කණ්ඩායමක් සමඟ ලෝකය
පුරා සංචාරය කරනවා තල්මසුන් ගැන පර්යේෂණ කරන්න. එයාලගෙ මුල්ම අවධානය යොමු වෙන්නේ
ලංකාවෙ ත්‍රිකුණාමලය ආශ්‍රිත මුහුදු තීරය. ඒ එතෙක් අවුරුදු 30ක් පුරා නිරන්තර යුධ
ගැටුම් නිසා මේ මුහුදු තීරය සාමාන්‍ය ජනතාවගේ බුක්තියට හසු නොවීම නිසා තල්මසුන්
නිරීක්ෂණය කරන්න ඔවුන්ට ඉතා පහසු වෙයි කියන පූර්ව නිගමනය අනුවයි. ඒත් ඔවුන්ට මුහුන
දෙන්න වෙන්නේ ඊට වඩා වෙනස් යථාර්ථයකට. කැමරා ආම්පන්න සමග දියේ ගිලී ගොඩට මතුවෙන
නිරීක්ෂකයන්ගේ සිරුරුවල පැටලෙන්නේ පොලිතීන් කවර, සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය. තනිකරම
ප්ලාස්ටික් වලින් සැදුනු තට්ටුවක් ජලය මත පාවෙමින් තිබුනු බව ඔවුන් දකිනවා. මේක එම
කණ්ඩායම විස්මයට පත් කරනවා. තල්මසුන් ගැන අධ්‍යනය පස්සට දාලා ඔවුන් යොමු වෙනවා
ලෝකයේ ප්ලාස්ටික් මුහුදට මුසු වන ආකාරය හා ඒවායින් වන විනාශය ගැන නිරීක්ෂණය
කරන්නට. එතැන්සිට ඔවුන්ට මුන ගැසෙන දේ අපිව තිගස්සන සුලුයි.
ලෝකය
පුරා නොයෙක් මුහුදු කලාප, වෙරළතීර, ගැඹුරු මුහුදු පතුල් පවා වඩාත් විධිමත්ව හා
කැපවීමෙන් නිරීක්ෂණය කරන කණ්ඩායම එකින් එක සිය අත්දැකීම් මෙම චිත්‍රපටය හරහා බෙදා
ගන්නවා. ඇතැම් රටවල වෙරලාශ්‍රිත ජීවීන්ගේ පටන්
බොහොමයක් මුහුදු ජීවින්ගේ ශරීරභ්‍යන්තරය තුළ කොපමණ ප්ලාස්ටික සංචිතයක් අඩුංගුදැයි
මේ ගමනේදී ඔවුන් අපට සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. එක්තරා පක්ෂියෙකුගේ සිරුර ඇතුලත
කුඩා ප්ලාස්ටික් කැබලි 250කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව ඔවුන් දකින්නේ වෙරලේ මැරී
වැටී සිටින පක්ෂියෙකුගේ උදරය පලා බැලීමෙන්.
වැදගත්ම
දේ ඒක නෙමේ. මේ ප්ලාස්ටික් මුහුදු නිරීක්ෂණ ගමනේ දී ඔවුන් ලෝකයේ විවිධ රටවල්
මුහුදට ප්ලාස්ටික් යොමුකරන ප්‍රමාණය අනුව යම් පෙලගැස්වීමක් කරනවා. ඒ අනුව ලොකයේ
වැඩි වශයෙන් මුහුදට ප්ලාස්ටික් මුදාහරින රටවල් 6ක් මේ චිත්‍රපටයේදී නම් කර
දක්වනවා. ආසියානු කලාපීය රටවල් එහි වැඩි වශයෙන් දක්නයට ලැබෙන අතර ශ්‍රී ලංකාව එම
සටහනේ 6 වැනි ස්ථානය ගැනීම පුදුම දනවන පුවතක්. මෙතරම් අඩු ජනගහනයක් සිටින කුඩා
රටක් ලෝකයෙන්ම අංක 6ට පත්වීම සත්තකින්ම පුදුම දනවන කරුණක් නෙමෙයිද?
මං
හිතන්නේ ප්ලාස්ටික් මුහුදට මුදාහැරීම සම්බන්ධව මේ තාක් අපේ රටේ විධිමත්
මැදිහත්වීමක් හෝ ජනතාව දැනුවත් කිරීමක් සිදුවෙලා නැහැ. අවම තරමින් අපේ රට ඍජුවම
සම්බන්ධ කරගනිමින් සැකසුනු මේ චිත්‍රපටය ගැන පවා ගැඹුරු සංවාදයක් අප සමාජය තුළ
ඇතිවුනා දැයි යන්න ප්‍රශ්නකාරීයි. මේ චිත්‍රපටයේ එක්තරා අවස්ථාවක අපූරු කරුණක්
මතුකරනවා.
අපි
ප්ලාස්ටික් හෝ පොලිතින් පරිසරයට මුදා හරින්නේ නැහැයි කියා සිතාගෙන අප අතැති
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කසල බදුනකට දමා සිත නිදහස් කරගන්නවා. නමුත් එසේ මුදා හරින
ලද ප්ලාස්ටික්වලට අවසානයේ සිදුවන්නේ කුමක්දැයි ඇත්තටම අප දන්නවාද? අපි අපේ
වගකීමෙන් නිදහස් උනත් සත්තකින්ම ඒ කාර්යයෙන් සාර්ථක ඵලයක් අත්පත් නොතිබෙනවානම්?
මීගමුව
වෙරළ තීරය ආශ්‍රිතව අනතුරට ලක්වී ඇති එක්ස්පර්ට් පර්ල් නෞකාව මගින් සාගරයට
මුදාහරින ලද අපද්‍රව්‍ය සම්බන්ධව මේ දිනවල කොතෙකුත් සංවාද සාකච්ඡා පැන නගිනවා. ඒ
මගින් ලංකාවේ මුහුදු තීරයට කොතරම් විශාල බලපෑමක් සිදු වුනාද, සාගරයට, සාගර ජීවි
පද්ධතියට සිදුවූ බලපෑම ගැන විශාල කතාබහක් ගොඩනැගුනු අතර ක්ෂණිකව සිදුවන එවැනි
කම්පන මගින් සමාජය යම් තිගැස්මකට හෝ ඇවිලීමකට ලක්වීම සාධාරණ වන අතරේම ඉතා සියුම්
ලෙස පියවරෙන් පියවර වසර ගණනාවක් තිස්සේ අප විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ තාක්
සාගරයට කරන ලද විනාශය උක්ත නෞකාව මගින් සිදුකරන ලද ක්ෂණික විනාශයට වඩා අඩු තත්වයක
තිබෙනවා යයි අප අනුමාන කරන්නේ කෙසේද?