මලයාලම් චිත්‍රපටවල තියෙන අති සජීවී ගතිය හෝ සරල ආඛ්‍යානය ගැන අමුතුවෙන් කතා කරන්නත් ඕනෙ නැහැ. ඒ තරමටම මලයාලම් සිනමාව අපිව ආකර්ශනය කරල තියෙන ඇත්ත හේතුවත් ඒකම කියලයි මම විස්වාස කරන්නේ
Annayum Rasoolum චිත්පරටය මට ඒ අතරින් විශේෂයි. තේමාව ආදරය. ආදරය ඇසුරෙදි, තව කෙනෙක් ගැන සිතක් පහලවීමේ සිට එයාව හිමිකර ගන්නා තෙක් ගමන්ගන්නා සුන්දර මාවත දිගේ කටුක යථාර්ථයක් වෙත දිවෙන මේ සිනමා සිත්තම මාව අත්පත් කරගත්තේ සමස්ත කතා පුවත නිසාමමත් නෙමෙයි.
දෙදෙනෙක්ගෙ ආදරය ඇරඹුමේදි ඒ අයගෙ සිතුම් පැතුම්, ලඳ බොදළ වගේම අති අවංක පැතුම් හා කතාබස්, සිදුවීම් මේ චිත්‍රපටය හරහා දිග හැරෙන හැටි අපූරුයි. තර්කයකින් හෝ වාචිකව හෝ අරගෙන එන්න බැරි තරමේ හැඟුම් ගොන්නක් අප අභියස මවා පාන්න සිනමාකරුවා සමත් වෙනවා.
තව දෙයක්. මේ ප්‍රධාන චරිත දෙකේ ඉඳන් අවශේෂ කුඩා කුඩා චරිත හැම එකක්ම වගේ චිත්‍රපටයේ අවංක භාවය ආරක්ශා කරන්න පුලුවන් තරමේ සජීවී නිරූපන බව පෙනෙනවා. ඇසිල්ලක නිරූපනයක් වුනත් ඒ මගින් කතාවේ සරල ආඛ්‍යානයට, සජීවී ගලායාමට ලැබෙන රැකුල විශාලයි. ප්‍රධාන නිළිය ගැනත් යමක් කියන්නම ඕන. ඒ මුහුණ, සිරුර කටහඬ ආදී සමස්තය විසින්ම ඈ පිළිබඳ ඇගේ සිතුම් පැතුම් පිළිබඳ මහා කතාන්දරයක් අපටි නිහඬවම කියමින් පවතිනවා. පුද්ගලිකව මම මේ චිත්‍රපටයට බැඳෙන්න එක, ලොකු හේතුවක් විදිහට ඒකත් ඇති.
Annayum Rasoolum' මං හිතන්නෙ මේක අපේ මලයාලම් සිනමා රසිකයන් අතර එතරම්ම කතාබහට ලක්වුණු චිත්‍රපටයක් නෙමේ. මේක බලල කාලයක් වුණත් ඒ ගැන ලියන්න හේතුවත් ඒකම තමයි.
No comments:
Post a Comment