ජෝන්
ස්ටයින්බෙක් ඇමරිකාවේ පමණක් නෙමෙයි ලංකාවෙත් අපි අහල තියෙන නමක්. ඇත්තටම ඔහු ලෝක ප්‍රසිද්ධ ලේඛකයෙක්. සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පවා ලැබූවෙක්. ඔහුගෙ නවකතා
බොහොමයක් සිංහලටත් පරිවර්තනය වෙලත් තියෙනවා. ස්ටයින්බෙක්ගෙ වෛරයේ මිදි ඵල කියන්නෙ
දීර්ඝ නවකතාවක්. ඇමරිකානු සමාජය හා මිනිසුන්ගේ බලාපොරොත්තු වෙත මත දෘෂ්ටිය යොමු
කරන ලේඛකයා එහි ඇති සමාජ දේශපාලන සංකීර්ණතාවන් ඉතා හොඳන් අල්ලා ගන්නා බවක් ද
පේනවා.
මේක
ස්ටයින්බෙක්ගේ ඉතාම සුප්‍රසිද්ධ නවකතාවක්. ලංකාවේ මේ නවකතාව ගැන ගැඹුරින් කතා
වෙනවා මම අහල හෝ දැකල නැහැ. පොතේ නම Mice and Men. මීයෝ
සහ මිනිස්සු වගේ අර්ථයක් දුන්නත් මේක සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ වහලක් නැති
මාලිගාව නමින්.
මෙය
ස්ටයින්බෙක්ගේ වඩාත් කතාබහට ලක් වුණු කෙටි නවකතාවක්. කතා ආකෘතිය අතින් බැලුවොත්
අපිට මතක් වෙන ළඟම උදාහරණය කූඹියෝ. කූඹියෝ එකේ ජෙහානුයි ප්‍රියන්තයි කියන යුගල දෙක
ස්ථාපිත වෙලා තියෙන ආකෘතියට තරමක් සමාන ආකෘතියක් තමයි මේ නවකතාවෙත් අඩංගු වෙන්නේ.
ජෝර්ජ්
තමයි මේ කතාවෙ නායකයා. ඔහු සිහිනයක් සහිතව චාරිකාවක නිරත වන්නෙක්. තමන් කවදා හෝ
හොඳ ගොවිපලක් හදලා ඒ ගොවිපල දියුනු කරගෙන ජීවිත් වෙන්න සිහින දකිමින් වගේම ඒ
වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සැලසුම් සකසන්නෙක්. ඔහුගේ සුවච කීකරු මිත්‍රයාගෙ නම
ලෙනී. ලෙනී සාමාන්‍ය මනුස්සයෙක් විදිහ නෙමෙයි. යම් ආකාරයක බුද්ධිමය ඌනතාවකින්
පෙලෙන්නෙක් වගේ. ඔහුට සාමාන්‍ය සමාජයේ කපටිකම්, සංකීර්ණතා
ග්‍රහණය කරගන්න අමාරුයි. ළමා මනසක් වැනි ඔහුගේ මනස ඉතා නිර්ව්‍යාජයි කියන්නත්
පුලුවන්. කොහොම හරි ජෝර්ජ්ගෙන් තොරව ලෙනීට පැවැත්මක් නෑ. සහ ලෙනී නිර්න්තරයෙන්
ජෝර්ජ්ට පක්ෂපාතීයි. එක කුස උපන් සහෝදරයෝ නොවුණත් ඔවුන් ජීවත් වෙන්නේ එවැනි
බන්ධයක් සහිතව. වැඩි වගකීමක් එන්නේ ජෝර්ජ්ට. මොකද ලෙනීව බලාගන්න එකත් තමන්ගේ
ගැඹුරු සිහිනය වෙනුවෙන් ලෙනීව බාධාවකින් තොරව රැගෙන යන්නත් වෙන්නේ ජෝර්ජ්ට තමයි.
ජෝර්ජ්
හා ලෙනී එකිනෙකා අතර ඇති පරස්පරතාවන් සහ එකිනෙකා අතර ඇති සමානකම් ඔස්සේ තම සිහිනය පසුපස
හඹා යාමේ කතාව තමයි අප අතරේ දිග හැරෙන්නෙ. මේ කෙටි නවකතාවේ වඩාත් අනුවේදනීයත්වයට
පත්වන්නේ එහි ඇති තීරණාත්මක අවසානය නිසයි. පාඨකයාව කම්පිත කරවන තරමේ අවසානයකින් යුක්ත
මේ කතාව අපව නැවත නැවත හිතන්න පොළඹවන්නෙත් ඒ කැලඹෙන සුලු අවසානය නිසාමයි.
මේ
කතාව කියවා හමාර කළාට පස්සේ මට නැවත නැවතත් හිතුනේ ලෙනී යනු හුදු මානව පැවැත්මක් ද
එසේත් නැතිනම් ජෝර්ජ්ගේම ඇතුළු හදවත පෙන්වන රූපකාත්මක යෙදුමක් ද කියායි. එය
නිශ්චිතව කිව නොහැකි වුවත් ලෙනී ඒ දෙක අතර දෝලනය වෙමින් තිබෙන බවක් අපට සිතන්න
පුලුවන්. මේ උච්ච අවසානය ඒ සඳහා අපව යොමු කරවනවා වැනියි.
.jpg)


No comments:
Post a Comment