කාලෙකින් දුම්රියේ යන්න ලැබුනා. කෝච්චිය කියනවට වඩා මං කැමති දුම්රිය කියල කියන්න. දුම්රියක කියන වචනාර්ථයේ දැනවෙන තරමේ දුමක් දැන් නොනැගෙතත් දුම්රිය වචනයේ සෞන්දර්ය අපිව පැරනි බවක හැඟීම තවමත් දනවන්න සමත් බවක් තියෙනවා. දුම්රියක් කිව්වම හිතට එන්නෙම අතීතයට අයත් වස්තුවක් වගේ හැඟීමක්. අවට ලෝකයේ සෑම සියලු දෙයක්ම නවීකරණය උනත් දුම්රිය ඒ පද්ධතියට තුල පවතින සියලු අංගෝපාංග එක්කම අතීතය තුළ පැවතීම එක්තරා ආකාරයකට අතීතකාමී සන්තෝසය ද කවලම් වූ විස්මය දනවන්නක්. ලංකාවෙ අති නවීන නගරෙක උනත් පිහිටා තිබෙන ඉස්ටේසමක් පැරණි බංගලාවක් වගේ තවමත් නවීන ගොඩනැගිලි අස්සේ පාඩුවේ ඉඳගෙන ඉන්නව දකින්න පුලුවන්.
දුම්රියේ ගමන වෙහෙසකර නොවන ගමනක්. දුම්රිය
කවුලුවකින්
එලිය
බලාගෙන
ඕනතරම්
දුරක්
යන්න
පුලුවන්
කමකුත්
තියෙනවා. ඉස්සර පේරාදෙනි ඉන්න කාලෙ තමයි දුම්රියේ නිතරම ගියේ ආවේ. ඒ
දවස්වල
ගාල්ලෙන්
දුම්රියේ
නැග්ගෙ
හවස 2.45 එකට. මාතර ඉඳන් ආපු ඒ දුම්රියේ ඇතැම් දවස්වලට වාඩිවෙන්න ආසනයක් සෙට් උනෙත් නැහැ. ඒ
වගේ
දවසට
එලියෙ
දොරටුවකට
වෙලා
කල්පනාවක්
දාගෙන
ඔහේ
පැද්දි
පැද්දී
යන
එකෙත්
වෙනම
සුන්දරත්වයක්
තිබුණා.
ගාල්ලෙ ඉඳන් පේරාදෙනියට සම්පූර්ණ දුම්රිය ගමන පැය 07ක්
විතර
ඇති. පේරාදෙනියට දුම්රිය ලඟා වෙද්දී රෑ 9ත් පහු වෙනවා. වේයන්ගොඩ, රාගම වගේ පහුවෙද්දී දුම්රියේ මගී තදබදය අවම වෙනවා. ඊට සමගාමීව රාත්රී
අන්ධකාරය
මුළු
පරිසරයත්, දුම්රියත් වෙලා ගැනෙනවා. දුම්රිය ඇතුලේ තියෙන්නෙ මුඩු පැහැ ආලෝකයක්. අන්ධකාරය
මුහුවෙච්ච
මුඩු
ආලෝකය ඇතුළෙ අපි අනිර්වචනීය
කාල අවකාශයක තනි වෙන්න ගන්නවා.
එහෙම දවසට කවුලුවට මූන බර කරගෙන ඈත අනන්තයක් වෙත නෙත්
එල්ලගෙන යන ගමනේ සුවදායී බවක් මට නිරන්තරයෙන් දැනී තියෙනවා. හවසත් රෑත් අතර
අතරමැදි මොහොතක තැඹිලිපාට වලාකුළු පසුබිමක හාත්පස පරිසරයේ ගස්, ලයිට් කනු, ලයිට් කම්බි
කළු හෙවනැලි වගේ සිත්තම් වෙනවා. ඒක හඳ තියෙන දවසක් නම් හඳත් දුම්රියේ ගමනේ වේගයට
එක්කාසු වෙලා ගමනේ නිරත වෙනවා.
රඹුක්කන පහුවෙද්දි දුම්රිය බොහෝදුරට හිස් වෙනවා. අපිට
එක් අසුනක නිදාගන්න තරම් සැහැල්ලුවක්, නිදහසක් දුම්රිය පෙට්ටිවල පාවෙනවා. දුම්රිය
පෙට්ටි අතරේ එහා මෙහා යද්දී ඇතැම් අසුනක පෙම්වතුන් යුවලවල් නිදහසේ පෙම් සුව විඳිනු
දකින්නත් ලැබෙනවා. එතකොට මට චන්දන ලියනාරච්චි කියන මේ සින්දුව මතකෙට නැගෙනවා. මම ඒ
සින්දුව සිතින් මුමුනනවා.
අහස් තලාවේ
කවුලු දොරෙන් පිට
සේද වලා සිතුවම් නිසලයි
අපගෙ නවාතැන
පෙර ඒ අසුනෙම
සුපෙම්වතුන් හසරැල් මුමුණයි
සමරු පොතේ ඔබ ලියු ඒ සොඳුරු කවි
අදත් තවම එහෙමයි
දුම්රිය අසුනේ ඔබ ලඟට වෙලා හිදී
සුසුම් සුවඳ විතරක් අහිමියි.
https://www.youtube.com/watch?v=92NWXB1skJY
කවුලුවෙන් සුලං වද්දමින් මුහනට
දුම්රිය දිවෙයි දුරාතීතෙට
නා නා රූ
වැදි වැදී දෑස් මත
මතක පීලි දිගේ - විසිවෙයි
අමතකය වෙත
ගනාඳුරු බිංගෙයින්
පසුව
එලඹෙයි එලිමහන් අඳුරකට
සුපුරුදුම ගීයක
නුපුරුදු සංවේදනා
මතුකරයි
බටනලාවක කටහඬ
දුම්රිය වචනෙ වගේම ඉස්ටේසම කියන වචනෙ ඇතුලෙත් මොකක්දෝ සාහිත්යාත්මක
සෞන්දර්යයක්
තියෙනවා. මේ තාක් මම ලියල තියෙන බොහෝ කවි, කෙටිකතාවල ඉස්ටේසමක්, දුම්රියක් තියෙනවා කියල මට දැන් දැන් මතක් වෙනවා.
දුම්රියේ තුන්වන පන්තියේ තියෙන්නෙ සම්මුඛ ආසන. මුහුනට
මුහුන
බලාගෙන
යන
ආසන. අපිට ආගන්තුක, අඳුනන්නෙවත් නැති මිනිස්සු එක්ක මුහුනට මුහුණලා වාඩිවෙලා ගමනක් යන එක දුම්රියක ඇරෙන්න වෙනත් කොහෙන්වත් ගන්න පුලුවන් විරල අත්දැකීමකුත් නෙමෙයි. කැම්පස්
කාලෙ
දුම්රියේ
යන
අතරෙ
එහෙම
අත්දැකීම්
ගොන්නකටත්
මුහුනදීල
තියෙනවා. ඒ යන එන අතරෙ ලියවුනු ළාමක කවියක් දැනුත් මට මතකයි
ඔබත්
මමත්
දුම්රිය
තුළ
මුනගැසි
මේ
සොඳුරු
මොහොත
මා
ඉදිරියෙ
අසුනෙහි
හිඳ
ඔබ
නෙත
බිම
බලාන
ඇත
පෙරට
ඇදෙන
දුම්රිය
මත
මම
ඔබවෙත
ඇදෙනා
කළ
ඔබව
රැගත්
අසුන
සමඟ
ඔබ යයි තව ආපස්සට
ටකස් ඩකස් ටකස් ඩකස්
දුම්රිය හඬ සහනයක්ය
මා හදවත ගැහෙනා හඬ
එවිට ඔබට නෑසෙනු ඇත
ඈත ඉඳන් සොඳුරු දසුන්
මාවෙත වේගෙන් ඇවිදින්
මා පසුකර දිවයන යුරු
කවුළු මතින් දුටුවෙමි මම
මෙම දුම්රිය රැගෙන ඇදෙන
පීලි වගෙ ද ඔබ සහ මම
ඉඳගෙන සිටියට එකලඟ
කෙදිනකවත් එක් වේවිද?
No comments:
Post a Comment