ආදරේ ශෝක වංගුව
බොහෝ
අය ලියනගේ අමරකීර්තිව හඳුනන්නේ නවකතාකරුවෙක්, විචාරකයෙක් විදියට නමුත් මා
මුලින්ම අමරකීර්තිව හඳුනා ගත්තේ කවියෙක්
විදියට. මම දන්නා විදියට ඒ ඔහුගේ මෙතෙක් පලවූ පලමු සහ එකම කවි පොත. එකමත් එක
පිටරටක - (2009). ඉතා රසවත් කවි කිහිපයක්ම එහි අඩංගුයි. කවර ආකාරයේ තේමාවක් වුවත්
එහි කාව්‍යාත්මක භාවයද ආරක්ශා කිරීමට ඔහු මෙහිදී සමත් වෙනවා. මෑත යුගයේ ඔහුගේ බොහෝ
නිර්මාන කියවා ඇතත් ඒ හැමකක්ම අභිබවා මගේ සිත ඇදෙන්නේ මේ පොතට. මේ එහි අඩංගු
කවියක්. ආදරේ ශෝක වංගුව.
-ආදරේ
ශෝක වංගුව-
තැනක්
ඇත මා ආදරේ කල ඉස්සර
දෙනවාද
එහි යන්න මට මැරෙන්න ඉස්සර
මහ
පාර එක්ක එන අඩි පාර අපේ ගෙදරට
නැටෙව්වා
ඉඟ වංගුව - ඔව් ඒ හුඟක් ඉස්සර
හුඟක්
අය ආවා ගියා - ඒ දෙපය වින්ද දෙවැටෙහි
මග
දෙතොල් වලට අඩියෙන - ඒ ලෙවල් වලට ඉස්සර
හැරී
බැලූ දෙනෙත - වැට ලඟ සිට
මුලු
අනාගතය දත් ලෙස - නොපෙනී යන්න ඉස්සර
ඒ
දෑස් මගෙන් හැංගුව - එය වීය කුරිරු වංගුව
ආ
කෙනෙක් නොපෙනියන - ඇස් හෙලන්නටත් ඉස්සර
වංගුවක්
නැතුව කුමකට ද පාරකට, ජීවිතයකට
ශෝකය
සඳන්නට මිස - හිත හදාගන්න ඉස්සර
සිද්ධාර්ථත්
හැරිලා බැලුවා එක් වරක්
අබිනික්මනේලා
- ආදරේ දමා යන්න ඉස්සර
ඒ
දුකම නොවෙද ගෙව්වේ අවුරුදු හයක්
දුශ්කර
ක්‍රියා දහ දුක්හි - බැඳි බැමි සිඳින්නට ඉස්සර
බලන්නට
වරක් ශෝක වංගුව - සිහිනිඟත් මගෙන් හැංගුව
මහලු
ඇසටත් පෙනේවිද - නොපෙනී ගිය රුව ඉස්සර
සිය
දහස් වරක් මා බලා සිට ඇතත් ඕනෑ
බලන්නට
යලිත් ශෝක වංගුව - අඳ වෙලා යන්න ඉස්සර
කුජ
හතේ හිටපු සිරිකත ගෙන දෙතැයි දෙසූ නපුරක
අවවාද
මාර සේනා මා යටත් කලහ එදවස - ඈ හැරී යන්න ඉස්සර
යන
කෙනෙක් හංගවන වැලි මිදුලෙ රිදෙන දෑසින
මේ
වංගුවට තාම මතකය - හද බිඳුන දවස ඉස්සර
ගෙයක්
අඩි පාරක් වංගුවක්, මහ පාරක්
දෙනවාද
එහි යන්න මට - සිරුරත් මැරිල යන්න ඉස්සර
-ලියනගේ අමරකීර්ති-
මම ආසම පොතක්. මේක කියවල මේ ගැන නොලිය ඉන්න බැරි වුනා. මේ ඒ ලිපිය.http://kethakee.blogspot.com/p/blog-page_05.html
ReplyDelete