Thursday, November 17, 2016

තැවුල් සිත



කතාව ගලාගෙන යන්නෙ හරි සරල විදියකට. කතා නායකයාට ජෝසප් ශපිරෝ නම් නන්නාදුනන්නෙක්ව අහම්බෙන් හමු වීම කතාවේ ආරම්භයයි.  එතැන් සිට මේ කතාව ගලාගෙන යන්නේ ජෝසප් ශපිරෝගේ දෘශ්ටියෙන්. ජෝසප් එයාගෙ කතාව කතා නායකයට කියනවා. ඒ කියන්නේ ජෝසප් මේ කතාවේ කතා නායකයා බවට පත් වෙනවා කියන එකයි.
හරි සරල බස් වහරක්. අපි යමක් තවෙකෙකුට පැහැදිලි කරනව වගේ සංවාදාත්මක භාශාවක් විදියට මුල ඉඳලම කතාව ගලාගෙන යනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජන වර්ගයක් වශයෙන් හෝ පිටුවහල් වූවන් වශයෙන් යුදෙව්වන් මුහුන දෙන ගැටලු ආශ්‍රයෙනුයි කතාවේ ගැටුම හටගන්නවා යයි සිතෙන්නේ. අති විශාල ජන සංහාරයක් සියැසින් දුටු හා ඊට මුහුන දුන් තවමත් ජීවත් වන ජනතාවකයේ ජීවන අපේක්ශා, අරමුනු, ජීවිතය පිලිබඳ ඔවුන් හෙළන දෘශ්ටිය කෙබඳුද? තම පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් පෙනි පෙනීම මරාදැමුනු අවධියකින් අනතුරුව ස්වකීයමාතෘ භූමියෙන් උගුල්ලා දමා නන්නත්තාර කරවන ලද ජන පිරිසකයේ ජීවිතයමොන ආකාරයක්, කුමන හැඩයක් ගනීවිද? ඒ තරම් ජන සංහාරයක් වෙද්දී  පිහිටට කිසිවෙක්ම නැති වෙනකොට ඔවුන්ගේ ආගමික විශ්වාසයට මොනව වෙන්න ඇද්ද? ඔවුන්ගේ පවුල් සංස්ථාව, සමාජ ජීවිතය, දේශපාලන අපේක්ෂාවන් මේ සියලුම ව්‍යුහයන් එක විට දෙදරා යාම ජන පිරිසක් වශයෙන් සාමූහිකව හෝ කේවල වශයෙන් දරාගන්නෙ කොහොම ද? ඒක තමයි මේ මුලු කතාවම  වට කරගෙන තියෙන සත්‍යය වෙන්නේ. මේක තමයි සිංගර් මුලු කෘතිය පුරාවමට පාඨකයා වෙත යොමුකරවන සිත් තැවුල් කරවන ප්‍රශ්නය වෙන්නේ.
පෝසප්ට හොඳට සලිලි තියෙනවා. ඔහු ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක්. ඔහුට නිල බිරික් සිටිනවා වුවත් ඔහු එයින් ද සෑහිමකට පත් වෙන්නේ නැහැ. ඔහු වෙනත් දික්කසාද වෙච්ච කාන්තාවක් ද ඇසුරු කරනවා. ඒ අනියම් බිරිගේ තවත් අනියම් සම්බන්යක් හෙලිදරව් වූ මොහොතක හදිසියේ  තම නිවසට යන ඔහුට නිල බිරිඳගේ අනියම් සබඳතාවය ද අතටම හසු වෙනවා. එතැන් සිට ඔහු වල්මත් වෙනවා. නන්නත්තාරයේ ඇවිදිනවා. අරමුණක් නැතිව හිස හැරුණු අතේ යනවා. තම අහිමි වෙච්ච මූලයක් වෙතට අවිඥානිකවම ඇදෙන්න ඔහු පෙළඹෙනවා. පිහිටක්, සරණක් හෝ මේ ඉච්චජාභංගත්වය තුනී කරගැනීමේ දහමක් සොය සොයා ඔහු ගමන් කරනවා. ඔහු ගන්නේ ඒ වන විට යුදෙව්වන්ගේ රාජ්‍යයක් සේ සැලකෙන හා තම ආගමික අතින් ශුද්ධ භූමියක් සේ සැලකෙන ඊශ්‍රාලයට.
ජෝසප්ගෙ ඇතුලු හද නිරන්තරවම ඔහු එක්කම සංවාද කරනවා. තර්ක කරනවා. ඔහු කරන කියන දේ හෙලා දකිනවා. එහෙත් ඔහු තමාට අභිමත වූ සත්‍යයක් හොය හොයා යන බව පේනවා. ඔහුට ප්‍රෙසිලා නම් කාන්තාවක් මුණ ගැහෙනවා ගුවන් යානයේ දී. ඇයත් ඔහු වගේම සියලු ව්‍යුහයන් බිඳී ගිය අවදියක ජීවිතය පිළිබඳ වෙනමම වූ දහමකට මාරු වී කාමභෝගීව දිවි ගෙවන සුඛාස්වාදය සොයන  තැනැත්තියක්. ඇයට ඒ වන විටත් දෙවියන් පිළිබඳ විස්වාසය නැතිවෙලා. ඈ ඇගේ දහමට ජීවත් වෙනවා. නමුත් තව දුරටත් ඔහු ඇය සමඟ සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයට එකඟ වෙන්නේ නැහැ.
මා වඩාත් කැමති කෘතියේ අවසාන භාගයේ ප්‍රසිලා හා ජෝසප් නැවත වතාවක්  හමුවුනු අවස්ථාවේ දෙදෙනා අතර සිදුවන සංවාදයට. මේ ඒ අතරින් තොරාගත් කොටස් කිහිපයක්.

යුදෙව්වෝ කියන්නේ පුංචි ජාතියක්. ඒකත් හදාගත්තේ ඊජිප්තු, පර්සියානු, බැබිලෝනියානු, ග්‍රීක්, රෝම වගේ ජිතිවලින්. අපි වගේ හිටපු වෙනත් පුංචි ජාති, මහ ජාතිවලට එකතු වෙලා ඒවායේ කොටස් කාරයො උනා. ඒත් යුදෙව්වෝ ඕනෑවට වඩා උද්දච්චයි. උං ආසයි පහර කන්න. මට නං හොඳටම විස්වාසයි. මේ දැන් ඊශ්‍රායල් රාජ්‍යයක් හදාගෙන කරන අත්හදාබැලීමත් වැඩිකල් තියෙන එකක් නැහැ. ඒක නිසා අද මොකද වෙලා තයෙන්නේ. ආයෙ සැරයක් දස ලක්ශ ගනන් සතුරන්ගෙන් අපි වට වෙලා. දවසක මේ ඊශ්‍රායල් ආජ්‍යයත් විනාශ කරලා දාන වෙලාවට ඔයාගේ ඔය දෙයියෝ ඔහේ අහක බලාගෙන ඉඳීවි. අර පෝලන්ත පළාත්සමතලා කරද්දී උඩ බලාගෙන හිටිය වගේ. ඇත්තම කියනවා නං මේ දේ හෙට සිද්ධ වෙයිද , අනිද්දා සිද්ධ වෙයි ද කියලා බයෙනුයි මං මේ ඉන්නේ. ජෙට් එකක් යන සද්දයක් ඇහෙන හැම වෙලාවකම මට හිතෙන්නේ දැනටමත් ඒක පටන් අරගෙනයි කියලයි.”      (161 පිටුව)
ඔවු ප්‍රිසිලා. දස ලක්ශ ගනන් ජර්මානුවෝ හිට්ලර් කියන දේව රූපය වෙනුවෙන් ජීවිත පූජා කලා නං, තවත් දස ලක්ස ගණන් රුසියන් කාරයොයි යුදෙව්වොයි ස්ටැලින් කියන දේව රූපය වෙනුවෙනු ජීවිත පූජා කළා නං, මමත් කැමතියි ටෝරා පොත් වහන්සේ සහ දස පනත මූර්තය වන ඒ දේවතාවා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න. අඩු ගාණේ ඒ වෙනුවෙන් විඳවන්න. ... මනුශ්‍යයාගේ ඉරනම වෙලා තියෙන්නේ කවුරු හරි දේව වීරයෙකුට දණ නමස්කාර කරන එක නං, එහෙම නං මං කැමතියි මගේ ඕනෑ එපා කං වලට ගැලපෙන දේව වීරයෙක් හොයාගන්න. ඒක හොඳයි. දවසේ විසිහතර පැය තිස්සේම මගේ හිතේ ඔක්කාරයක්, පිළිකුලක් ඇති කරන වීරයෙකුට වැඩිය. ( 163 පිටුව)


“ආගමක් නැතුව සදාචාරය කියලා දෙයක් නැහැ. වීර දෙවි කෙනෙකුට එයා සේවය කරන්නේ නැත්තං, ඒ වෙනුවට එයා වෙනත් කෙනෙකුට සේවය කරනවා. ලෝකෙ තියෙන බොරු වලින් ලොකුම බොරුව තමයි. මානව වාදය කියන එක. මේ මානව වාදය එක වීරයෙකුට නෙමෙයි, හැම වරයෙකුටම දණ නමස්කාර කරනවා. මොසෝලනී, හිට්ලර්. ස්ටැලින්... මේ කියන ඔක්කොම මානව වාදියෝ. එතකොට ඕනම රටක ඉන්න දේශප්‍රේමියෝ? සිය දහස් ගණන් ඉංග්‍රීසිකාරයෝ විනාහ උනා. ඇයි? වික්ටොරියාට අධිරාජිනී පට්ටම ගහන්න. තව නැපොලියන් කියලා කෙනෙක් දස ලක්ෂ ගණන් මින්සුන්ව මරනෙට දැක්කුවා. මොහොකටද? එයාගෙ ඔලුවට ඔටුන්නක් දා ගන්න. ආගම් භක්තිය තියෙන යුදෙව්වො, කවදාවත් රජෙකුටවත්, කුමාරයෙකුටවත් සේවයට ගියේ නැහැ. ඒ මිනිස්සුන්වත් මරණෙට දැක්කුවා තමයි. ඒත් අඩු ගානෙ ඒ මිනිස්සු තමන්ගේ කැමැත්තකින් නෙවෙයි ඒ මරනය භාර ගත්තේ”      (164 පිටුව)

No comments:

Post a Comment

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...