කැලඹෙන ජීවිතේ පතුලත - බොරදිය පොකුන
මං
බොරදිය පොකුන මුලින්ම බැලුවෙ හෝල් එකේ. හරියටම ෆිල්ම් එක හෝල් එකට ආපු දවසෙ. හරියටම
2015 පෙබරවාරි 14. ආදරවන්තයින්ගෙ දවසෙ. තනියම.
එදා
ඒක හොඳටම වැදුන උනත් පැය දෙකහමාරක් තිස්සෙ දිවෙන මේ සංකීර්න කතා තේමාව දිහා ටිකක්
සංසුන්ව නොබල යමක් ලියන්න මොකක්දෝ බයක් නැත්නම් චකිතයක් හිතේ තිබුන. යූ ටියුබ් එකේ
ෆිල්ම් එක තියෙනව කියල දැක්කට පස්සෙ ඒක බැලුවම කලින් තිබ්බ සැක සංකා බය ඔක්කොත
අතුරුදහන් වෙලා බොර පෑදිලා දිය පැහැදිලි වෙන්න පටන් ගත්ත.
මට
නම් මේක හැම අතින්ම විශේශිත චිත්‍රපටියක්. මේ වගේ කතා තේමාවක් මං වෙන මොනම කලා
මාධයෙකින්වත් දැකල අහල තිබුනෙ නෑ මීට කලින්. අනිත් එක මේ තරම් සංකීර්න මිනිස්
හැඟුම් වල ඇතුලාන්ත එක්කම ඒවාට හිමි සමාජ හිමිකම ගැන කතිකාවෙදි චිත්‍රපටියෙ
නිර්මානකරුව ඉන්නෙ සෑහෙන ඉදිරියෙන් කියල මට හිතෙනවා.
චිත්‍රපටියෙ
ආරම්භයේ ඉඳන්ම ගලායන කතා විලාසයේ එකම සිදුවීමක්වත් අහක දාන්න බැරි තරම් කතාවට
ඓන්ද්‍රීයවම සම්බන්ධයි. එසේම සෑම සිදුවීමකම අතිශය සියුම් තැනක් පවා කතාවේ ඉදිරිය
සමඟ දක්වන්න සම්බන්ධය චිත්‍රපටය අවසානයේදී ප්‍රේක්ශකයාව මවිත කරවනවා. කම්පනය
කරවනවා. නිර්මානකරුවා මේ හැම රූප රාමුවකම චරිත ස්ථානයත කිරීමට විතරක් නෙමෙයි ඒ
රූපවල පසුබිමෙහි ඇති රූප,ශබ්ද, ඡායා මෙන්ම චරිත කතාකරන දෙබස්වල ඇති ව්‍යංගාර්ථ
ආදිය එක්ක ලොකු ගනුදෙනුවක් කරන්නට වෙහෙසෙන බවක් පේනවා. මේ හැම දශමයක් වෙතම විශාල බරක්/ පලල් අවධානයක්
දෙන්න තරම් නිර්මානකරුවා තමන්ගෙ නිර්මානය කෙරෙහි දක්වන ලද අවධානය ගැන නම් පුදුමයි.
ප්‍රධාන
චරිතය වන ගෝතමීත් ඇගේ යෙහලියක වන රූපයෙන් සුන්දර මංගලාත් අතර දිවෙන පරස්පර
සම්බන්ධය රූපකාත්මක සම්බන්ධයක්ද කියලත් වෙලාවකට හිතෙන්න ගන්නවා. ගෝතමී ඉන්නෙ
අවලස්සනේ අන්තයේ වන අතරේ මංගලා ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශවය වය සුන්දරත්වයේ ඉහා ඉවුරේ
කරනම් ගසනවා. මේ ද්වි විරෝධී රූපකායන්ට මැදිව සුවිනීතාට මැදිහත් වෙන්න සිද්ධ
වෙනවා.
කලු
කැත ස්වභාවය විසින් හිමිවන සමාජ හිමිකම අතරින් ගැටෙමින් හා මැඩෙමින් යන ගෝතමී ඒ
නිසාම රලු පරලු වූ ප්‍රචන්ඩකාරී පලිගන්නාසුලු යකඩ ගැහැනියෙක් බවට පත් වෙන අතරේ
සුන්දරත්වය නිසාම මංගලා සෙල්ලක්කාරී අහංකාර විනෝදකාමී, අනෙකා නොතකන උද්දච්ච
කෙල්ලක් වෙනවා. එකිනෙකාගේ බාහිර රූපස්වභාවයන් පුද්ගලාභ්‍යන්තරය සමග අවියෝජනීය සම්බන්දයක් පවත්වන අතරේ ඉන් ඔබ්බට
පවතින සමාජ ජීවිතයට ද බලපෑම් කරන්නට හා එය කලතන්නට හේතුවන බව ද චිත්‍රපට නර්මානකරුවා අපට කියන්නට
වෙහෙසෙන්නේ?
බොරදිය
පොකුනේ තවත් විශේශත්වයක් වෙන්නෙ ඒක බහුමානීය කියවීමකට ලක් කරන්න පුලුවන් වීමයි.
ගෝතමීටත් ඇගේ යෙහෙලියන්ටත් අත්වන ඉරනම මොනතරම් සංකීර්න සමාජ හා ආත්මීය ක්‍රියාවලියක්
ද යන්න විමසා බැලීමක් විදියටත් 80/ 90 දශකවල අපේ රටේ සමාජ දේශපාලනයේ කැපීපෙනෙන
භූමිකා වූ සොල්දාදුවන් සහ ගාමන්ට සේවිකාවන්, විශ්වවිද්‍යාල සිසුන්, විදෙස් ශ්‍රමිකයන්,
දරුවන් මහ මග දමා යන මව්වරුන්වන් ආදී නොයෙක් ස්ථරවල තරුන පරපුරේ ඛේදනීය ඉරනමක
සවරූපය විදහා දැක්වීමක් විදියට ගන්නත් පුලුවන්.
චිත්‍රපටිය
අවසන් උනාට පස්සෙ අපට ඉතුරු වෙන්නෙ මොකක්ද? හිස් කමක්ද? දුකක් ද? වෙහෙසක්ද? ජීවිතය
පිලිබඳ තේරුම් ගැනීමක් ද? මට නම් ඒක නිශ්චිතව කියාගන්න බැරි බර හැඟුම් කන්දරාවක්
විතරයි. චිත්‍රපටිය ගැන කාටහරි කියන්න ඕන උනත් ඒක මොන විදිහෙ කතාවක් ද මොකක්ද
සිද්ධ වෙන්නෙ කියල කියාගන්න බැරි, එහෙමත් නැත්නම් කිව්වත් නියම තත්වය වටහල දෙන්න
බැරි ජීවිතය පිලිබඳ මහා ලොකු දාර්ශනික කතාවක් බවට පත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය
චිත්‍රපටිය ජීවිතය තරම්ම බරයි. සංකීර්නයි.
සුමිත්
නාලක පෙරේරා.