චූටි මාමලගෙ
දූ බඳින එක කෝල් කරල කිව්ව විතරයි මුතුටයි මටයි මූනට මූන බැලුනා. ලොකු හුස්මක් අතැරුනා.
මාමල අපේ
වෙඩ්න් එකට පන් දාහක් දාල. මේකට ඊට අඩුවෙන් නොදා බෑ.අඩුමගානෙ ඒ ගානවත් දාන්න ඕන.
මුතූ එහෙම කියද්දිම මමත් හිතින් ඒකම හිතල ඉවරයි.
පන්දාහක්
හොයන්න තියා රුපියල් සීයක් හොයන්න බැරි අවස්ථා පවුල් ජීවිතේ ඇතුලෙ ඕනතරම් තියෙන්න
පුලුවන්. හරියටම එදා පුතාට මොන්ටිසෝරි ගෙනියන්න බිත්තර ගෙනාවෙ කැටෙන් සල්ලි පෙරල
රුපියල් පහනක් හදාගෙන.
අපි අක්කගෙන්
නයක් ගන්න තීරනය කලා. රුපියල් හත්දාහක්. වෙඩින් එකට පහයි. පවුලෙ කට්ටිය සෙට්
වෙලා කතා කරගත්තු වෑන් එකට එක පවුලකින්
1500යි උනාම අතට ඉතුරු වෙන්නෙ පන්සීයයි. වෙලාවෙ හැටියට ඒකත් ශේප්.
අන්තිමට
වෙඩිමට ගියේ මම විතරයි. පවුලෙ නිර්නායක, එකඟතා තීරනය කරද්දි සාමූහිකව අනුමත කරනව
මිසක් තර්ක කරල, විරුද්ධ වෙන සිරිතක් අපේ කොහොමටත් තිබ්බෙ නැති නිසා මං තනියම
ගියත් 1500 මූනෙන් කිසි වෙනසක් නොපෙන්වා දීල දැම්මා.
ලඟින්ම ඇසුරු
කරන චිත්‍රපට යාලුවෙක් කොලඹදි කෑමකට ආරාධනා කලේ දැන් සති ගානක ඉඳන් උනත් මං ඒක මග ඇර ඇර උන්නෙ මේ සල්ලි ප්‍රශ්න හුටපට
නිසාමමත් තමයි. කොහොමහරි ඒක මේ වෙඩින් මගුල අස්සටම දා ගත්තෙ කොලඹ යන ගමනෙ ඒකත්
කවර් කරගෙන එන්න පුලුවන් නිසා.
වෙඩිමෙ සාද,
බාල් නැටුම් ඉවරවෙලා මං අක්කලගෙ වාහනේම නැගල එයාලගෙ ගෙදරට ගියා. වෙලාව හතරයි. හය
වෙද්දි දියත උයනට යන්න ඕන. එතනට කට්ටිය සෙට් වෙනවා. සංග්‍රහය තිබ්බෙ මං කවදාකවත්
අහල නැති හෝටලේක.
අතේ ඉතිරි
පන්සීය බස් වලට මාරු කරල දෙන්න ඕනෙත් නැති නිසා මස්සිනාගෙ බයිසිකලේ ඉල්ලගෙන මං
නොදන්න පාරවල් පීරගෙන දියත උයන හොය හොයා බයිසිකලේ පැද්දා.
මහ යාන වාහන,
හයිබ්‍රිඩ් කාර් අස්සෙ මස්සිනාගෙ බයිසිකලේ නවත්තන්න තැනක් හොයල අපි කෙලින්ම ගියේ
හෝටලේ ඇතුලට. පිටින් දැක්කට අනුමාන කරන්න බැරි තරමේ තරු පන්තියේ විශාල හෝටලයක් ඒක.
මගේ ජීවිතේ
පලවෙනි වතාවට මෙහෙම හෝටලේකට අඩිය තියන බව දැනීමෙන් සියුම් බයක් ආවත් වේලාසනම
යාලුවට ඒ ගැන අවංකව පැවසීමෙන් චකිතය බොහෝදුරට අවමවෙලා ගියා.
විදේශික
පවුල්, විදෙස් හැඩ ගත්තු දේශීය පවුල් එලිමහන් වටරවුම් මේසවල හෝ ඇතුලත මේසවල ඉඳගෙන
ඉංග්‍රීසි කතාබස් සහිතවම ආහාර ගන්නවා. අපි ගියේ ඇතුලත කලින් අපටම වෙන්කරල තිබුන
මේසයක් ගාවට. ආහාර වට්ටෝරු සහිත මේස යායක් අපේ ඉදිරියෙන් තිබුනා. වරින් වර පැමිනි
වේටර්වරු ඉංග්‍රීසි බසින් මගේ යාලුවගෙන් නොයෙක් දේ විමසුවා. ඔහු සරලව හා ගරුසරු
ඇති ආකාරයෙන් පිලිතුරු දෙනු පෙනුනා.
අපේ මේසයේ
උන්නෙ තුන් දෙනයි. මමයි, මගේ යාලුවයි, ඔහු විසින් මෑතකදි මට දුරකතනයෙන් හදුන්වාදුන්නු
ඔහුගෙ යාලුවෙකුයි.
කලාව ගැන,
චිත්‍රපට, දේශපාලනය ආදී නොයෙක් දේ ගැන අපේ සංවාද ඇදි ඇදී ගියේ වාර තුන හතරකට කෑම
යායවල් අතරේ අලුත් දිලිසෙන පිඟන් අරගෙන සංචාරය කරන අතරතුරමයි. ජපන් ක්‍ර මේට හදපු
කෑම වර්ග හා කොටු දෙක දිහාට මගේ හිත ඇදිල ගියා. ඒ කෝටු යුගලයක් ගෙදර අරං ගිහින්
මුතූට පෙන්නන්න ඕන උනත් ලැජ්ජාව ඒකට ඉඩ දුන්නෙ නෑ.
රාත්‍රී සාදය
නිමවෙලා රෑ තරු අතරේ මස්සිනාගෙ බයිසිකලෙන් මං අක්කලගෙ ගෙදරට බයිසිකලේ පැදගෙන ආවා.
දවසේ හරස්කඩක් අරගෙන බැලුවොත් මං ගතකරපු, ගියපු තැන් කොයිතරම් පරස්පරද කියල
හිතද්දි මටම ආපස්සට හිනා ආවා. අතේ සතයක් නැතුව හොඳටම නයවෙච්චි මිනිහෙක් තරුපන්තියේ
හෝටලේකින් රෑ ආහාරය ගැනීම තරම් විකාරයක් තියෙන්න පුලුවන්දැයි මට හිතුනා.
මේ මොහොතට
අදාල සින්දුවක් නැතත් අපි ආහාර ගනිද්දි හෝටල් පරිසරය පුරාවට පාවෙවී තිබ්බ
ඉංග්‍රීසි සංගීත ඛන්ඩ විසින් මට මතක්කරපු, ඉස්සර මං නිතර අහපු සිංහල සින්දුවක්
තියෙනවා. ඒක පාවෙලා නිල්වලාවේ සින්දුව වචන නැතුව සෙක්සෆෝන් එකෙන් ගහන එකක්.
https://www.youtube.com/watch?v=Rwiphx4qAlU
බයිසිකලේ යන
ගමන් මං හිතින් ඒ ඉන්ස්ටරුමන්ට් එක ප්ලේ කලා.
No comments:
Post a Comment