මේ ගැන මීට කලින් ලිපියක ලියල තිබුනත් නැවත වරක්
ඒ මාතෘකාව ඔස්සේම තව ගොඩක් විස්තර ලියන්න කරුනු පෙල ගැසුන බවක් දැනුනා. මේ ඒක
වෙනුවෙන් දරන උත්සාහයක්.
චින්තන එක්ක විදර්ශන ආයෙ ඇවිලුනේ ප්‍රචන්ඩත්වය සහ
වම කියන තේමාව ඔස්සේ කෙරුනු සංවාදයක් නිසා. ෆේස්බුක් එකේ ඒක ගැන නොදන්න කෙනෙක්
නැති තරමට සංවාදෙ උනුහුම හැම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියා. ඒ නිසාම
මේ ගැන හතරවටේ හිටපු අයත් විවිධ මතවාද ඔස්සේ මේ වෙනුවෙන් කරුනු දක්වන්න පෙලඹුනා.
මම ඒක පටන් ගන්නෙ හුඟක්ම ප්‍රාථමිකයි කියල හිතෙන
තැනකින් උනත් ඒක තමයි මං පටන් ගන්න ආසම තැනත්. මේ සංවාදෙදි මුලින්ම පෙනෙන්නෙ
විදර්ශනගෙ සහ චින්තනගෙ හැසිරීම් රටා, ශරීර භාශාව වගේ ඒව. සරලවම කිව්වොත් බොඩි
ලැන්වේජ් එක.
අදහස් දැක්වීමෙදිත්, මුහුනෙ, ශරීරයේ ඉරියව්
දකිද්දිත් විදර්ශනව මට පෙනෙන්නෙ ප්‍රචන්ඩකාරී මුහුනුවරකින්. එයාගෙ ස්වරයන් පවා
හුඟක් රලුයි. අධිපතිවාදී හෝ බලපෑම් සහගත ආකාරයක් පෙන්නුම් කරන සුලුයි. මේ සංවාදෙදි
විදර්ශන ෆේස්බුක් එකේ ප්‍රතිචාර දක්වද්දී පවා මේ රලු, චන්ඩ ස්වරූපය දැකගන්න
ලැබුනා. සමහර වෙලාවට ඔහු චින්තනගෙ මතට බර මුහුනක් සහිත ඡායාරූපයක් එක්ක ඔහුගෙ
ෆැකල්ටි ඔෆ් සෙක්ස් කෘතියෙ කවරය හොදාගෙන ඇඩ්වර්ටයිසින් කාරයෙක් බව ඇඟවෙන ආකාරයේ ප්‍රතිචාරයන්
දක්වන ආකාරයක් ද දැකගන්න ලැබුනා.
චින්තනගෙ රූපය, කටහඬ වගේම අදහසක් ප්‍රකාශ
කිරීමේදී මුහුනේ, සිරුරේ ඉරියව් දකිද්දිත් පෙනෙන්නෙ විදර්ශනට වඩා හාත්පසින් වෙනස්
මුහුනුවරක්. චින්තන බොහෝවිට නම්‍යශීලීයි. සුහදයි. අදහස් ප්‍රකාශ කිරීමේදී කිපෙන
අවස්ථාවක් මට මුනගැහිලම නැති තරම්. ඒ අතින් ඔහු සාමාකාමී වගේම සංවාදයක් කරගෙන
යද්දි විනයක් හා ප්‍රතිපත්තිගරුක රාමුවක් ඇතුලෙ කරගෙන යන ස්වරූපයක් තමයි මම
දකින්නෙ. ඒ වගේම චින්තනගෙ අදහස් ඔහු ගරු
කරන හෝ ඔහු පෙනී සිටින මතවාදයන් තරමටම නිදහස් හා නිවහල් ස්වරූපයක් ද අරගන්නවා.
ඉතින් ප්‍රචන්ඩත්වය කියන සංවාදෙදි අපට මේ දෙදෙනා
සංවාද කරන විලාසය වගේම මුහුනුවර හා ඉරියව් දකින්දි උත්තරයක් හොයාගන්න අමාරු නෑ. ඉතින් තවදුරටත්
සංවාද කරමින් වෙහෙසෙන්නෙ නැතුව මෙන්න අපිට උත්තරයක් පේන්න ගන්නවා නේද කියලත් මට
හිතුනු අවස්ථා තිබුන.
ප්‍රතිවාදීන්
විදර්ශන වගේම චින්තන ප්‍රතිවාදීන් ලෙස දැඩි
ඇවිලෙනසුලු ගැටුම් ඇතිකරගැනීම සම්බන්ධව මට ඇතිවෙච්ච තවත් කුහුලක් තියෙනවා. මෙතරම්ම
එදිරිවාදී - පරස්පර අදහසක් සහිත මේ දෙන්නා ෆේස්බුක් එකේ එක්කෙනෙක් දක්වන මතයකට
අනෙකා වහා ප්‍රතිචාර දැක්වීම අදහගන්නත් බැරි තරම්. අපි නිකමට හිතමු අපි රුස්සන්නෙ
නැති, අපේ මතයට කොහෙත්ම පෑහෙන්නෙ නැති හෝ අපේ අදහස කොහෙත්ම තේරුම් ගන්නෙ නැති
කෙනෙක් එක්ක සංවාදෙකට පැටලෙන්න යන එක?. ඒත් විදර්ශනගෙ මතයකට චින්තනත්, චින්තනගෙ
මතයකට විදර්ශනත් වහා ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඒ පෝස්ට් වල කමෙන්ට්ස් බැලුවොත්
අපට පේනවා මේ සංවාදවල සෙසු පිරිසගෙ කොතරම් ඇවිලෙන සුලු කමෙන්ට් වැටුනත් ප්‍රතිචාර
නොදක්වන මේ දෙන්නා ඔවුනොවුන්ගෙ කමෙන්ට් වලට වහා උත්තර දෙන ගතියක් ද තියෙනවා. මං
මේක දකින්නෙ නාඩගමක් විදිහට නෙමෙයි. මේක නියම තැනක්. එක අතකින් මේ ප්‍රතිවාදීන්
දෙදෙනා මේ ක්‍රීඩාව ඇතුලෙදි පුලුවන් තරම් එකිනෙකාට ගරුකරනව කියන එකට ඒක නිදසුනක්.
තම ප්‍රතාවාදියාගේ තරම, දැක්ම, දක්ශකම, වගේ සියලුම දේ ගැන එකිනෙකාට තියෙන ගරුත්වය
ඒකෙන් පෙන්නුම් කරනව කියලයි මට හිතෙන්නෙ. අනිත් අතට මේ දෙන්න පෝශනය වෙන්නෙම මේ
දෙන්න මත කියලත් ඕන නම් හිතන්න පුලුවන්.
එකෙත් මත එකෙක් රඳා පවතිනවා. දෙන්නටම දෙන්න අවශ්‍යයි වගේ එකක්.
ප්‍රචන්ඩත්වය සහ වම
මේ සංවාදය ඇදිල ගියපු හැම වතාවකම මම මැදිහත්
සිතින් ඒක දිහා බලන්න ට්‍රයි කලත් ඇත්තටම මම සතුටු උනේ චින්තගෙ මතවාදී ස්වරූපය ගලාගෙන
යන විදිහට. මේක ක්‍රීඩාවක් උනා නම් මම අත්පොලසන් දෙන්නෙ චින්තනට. ඒකට හේතු ගනනාවක්
තියෙනවා.
මෙතනදි චින්තන තමන්ගෙ මතවාදය අරගෙන යන්නෙ තනියම.
මේක තනි ගේමක්. විදර්ශනගෙ පැත්තට කරුනු දක්වන්න ආයුධ අරගෙන කරුනු පෙල ගස්සන්න මහා සෙනගක් හිටියා. ඒත්
ඒ හැම එකටම චින්තන උත්තර දුන්නෙ තනියම.
මේ පෞර්ශමය ගුනය මම සෑහෙන කාලෙක ඉඳන් චින්තගෙන්
දැකල තියෙනවා. සමාජ, දේශපාලන කාරනාවලදි තමන්ගෙ අති සමීප මිත්‍රයන් මොන තීරනවල
හිටියත් චින්ත ගන්නෙ තමන්ට නිවැරදියි කියල හිතෙන තීරනය. ඒ තීරනය අරගෙන ඒක ඇතුලෙ
තාර්කිකව කරුනු පෙලගස්වමින් නොසැලී ඉන්න පුලුවන් ගුනයක් චින්තනගෙන් මං දැකල
තියෙනවා. මගේ එක් අත්පොසලන් නාදයක් වෙන් කරන්නෙ ඒ ගුනය මෙතනදිත් රැකගෙන ආපු
විදිහට.
අනෙක් අතට චින්තන මෙතනදි අහන ප්‍රශ්නය සමස්ත වාම
කඳවුරම හොල්ලන ආකාරයේ ප්‍රශ්නයක්. ඒ වගේම ඔහු ඒක අහන්නෙත් අහන්න කොහෙත්ම සුදුසු
නැති වාතාවරනයක් යටතේ. ඒ කියන්නෙ මේ මොහොතෙ පිටියෙ වාසිය, කිසියේ වාසිය වගේ ගොඩක්
දේවලින් වාසි සහගත පරිසරයක් සැකසිලා තිබුනෙ වාමාංශික කඳවුරට. ඒත් චින්තන ඒ අවදානම
අරගත්තා. ඔහු සෑහෙන පැරනි ප්‍රශ්නයක් අලුත් තත්වයක් යටතේ ඇහුවා.
වම ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කරනවද?
මට දැනෙන විදිහට චින්ත අහපු ප්‍රශ්නෙ සරලම අඩංගුව
ඕක.
මේ වෙනුවෙන් උත්තර බඳින්න එන පිරිසට මේ ප්‍රශ්නයට
අමතරව ගොඩගැහුනු තවත් බොහොමයක් කරුනු තියෙන බව ඒ සංවාද දිහා බලාගෙන ඉද්දි පෙනුනා.
එකක් ඇමරිකන් අධිරාජ්‍යවාදී ස්වරූපය, ඇමරිකාව තමන්ගෙ බල අධිකාරීත්වය හරහා ලෝකෙ
අනෙක් රටවල් සූරාකමින්, ඒව බේද භින්න කරමින් කරන සූක්ශම ප්‍රචන්ඩකාරී ස්වරූපයට
චින්තන පක්ශයි කියල සමහර අයට පෙනුන. කලු ජාතිකයන්ට සුදු ජාතිකයන් සලකන නිර්දය
ආකාරය වගේම විරෝධතා කෙරෙහි ඩෙනල්ඩ් ට්‍රම්ප් ගෙනයන ප්‍රතිපත්තිය, ඩොනල්ට් ට්‍රම්ප්ගෙ
මූන, අවලං කට වගේ ඒව උක්ත ප්‍රශ්නය අහන චින්තනට එරෙහි ප්‍රතිවාදී කන්ඩායම් විසින්
ඔලුව ඇතුලෙ ගොඩනගා ගත් අදහස්, මති මතාන්තර අතර තියෙන්න ඇති.
විදග්ධ විදිහට මුග්ධ විදිහට මෙන්ම භාශාත්මක
අධිකාරීවාදීත්වයන් ඇසුරිනුත් එල්ලවන ප්‍රතිචාරවලට චින්තන නැවත නැවතත් අහන්න උනේ
එකම ප්‍රශ්නයයි.
වම ප්‍රචන්ඩත්වය සාධාරනීකරනය කරනවද?
ඇත්තමට වම ප්‍රචන්ඩකාරීද? මමත් මගෙන් අහන්න ගත්ත.
එසේම ප්‍රචන්ඩත්වය හෝ හිංසාකාරී විසඳුම් වලින් ව්‍යුක්තව සමහර ගැටලු වලට උත්තර
හොයාගන්න අමාරුද? මේ විදර්ශන, චින්තන සංවාදෙදි අපි අපෙන් ඇසිය යුතු මූලිකම ප්‍රශ්නය
ඒකයි.
මුලින්ම වම හා ප්‍රචන්ඩත්වය ගැන මම දකින කෝනය
කියන්නම වෙනවා. වාමාංශික ක්‍රියාමාර්ග එක්ක එන අරගලය, කැරැල්ල,විප්ලපය වගේ යෙදුම්
එක්ක කොහොමත් ප්‍රචන්ඩත්වය ඥාතීත්වයක්
දරනවා. අපිට නිරන්තරයෙන් මුනගැසෙන, කතාබහ කරන වමට බර යහලුවන් අතරෙ තියෙන්නෙත්
කැරලිකාරී මානසිකත්වයන්. විශ්වවිද්‍යාලවල සිසු ක්‍රියාමාර්ග ගනිද්දි තරුන පිරිස්
අරගලවට, විප්ලව වලට ශීඝ්‍රයෙන් නැඹුරුවන විලාසයක් ද පෙන්නුම් කෙරෙනවා. තාරුණ්‍ය හා
වම එකට බැදෙන සියුම් හුයවල් අතර මෙම අරගලකාරී මානසිකත්වයත් එක් හේතුවක් බවයි
පෙනෙන්නෙ. ඉතින් වමට ප්‍රචන්ඩත්වය සපුරා බැහැර කල නොහැකි බව තමයි එවැනි මතුපිට
කාරනා වලින් පවා අපට නිගමනය කරන්න වෙන්නෙ. ධනවාදී ආන්ඩු ප්‍රචන්ඩකාරී මුහුනුවරින්
වාමාංශික ක්‍රියාමාර්ග මර්ධනය
කරද්දි අපි සිල් ගන්න ඕනද කියල වාමාංශිකයන් අහන ප්‍රශ්නයේ අසාධාරනයක් පෙනෙන්නෙත්
නැතැයි වාමාංශිකයන් ගෙනෙන ප්‍රධාන තර්කයක් ද වෙනවා. නමුත් ඒ නිසාම අපි ප්‍රචන්ඩත්වය
පෙනුවෙන් පෙනී සිටිය යුතුද?
දෙවනි ප්‍රශ්නය එන්නෙ ඔතනදි. ප්‍රචන්ඩත්වයෙන් තොරව ගැටලු වලට විසඳුම්
හොයන්න අමාරුද? මේක තමයි චින්තන අහපු ප්‍රශ්නෙ හරහා වම කැලඹුන තැන. හැම තැනකම, හැම
මොහොතකම ප්‍රචන්ඩත්වය, හිංසනය, බල අරගලය තියෙන බවට වාමාංශික කඳවුරෙන් තර්ක අරගෙන
එන්නෙ මේ ප්‍රශ්නෙට උත්තර හොයද්දි සිදුවෙන ගට්ටනය නිසා වෙන්න ඕන.
වාම අරගල හෝ වෙනයම් දේශපාලන ගැටුම් ඇසුරින් ජීවිත
හෝ වෙනයම් හානි සිදු නොවිච්ච තැනක ඉඳගෙන මට මේ ගැන කතා කරන්න එකත් තේරුමක් නැති
වෙන්න පුලුවන්. ප්‍රචන්ඩකාරී අරගලවල වලින්
ජීවිත දේපල හානි සිදුවෙච්චි අයගෙ පවුල්වල අයට නම් මේ සම්බන්ධව තියුනු උත්තර ඇති.
මෑතක මම කියවපු අජිත් පැරකුම්ගෙ කේ පොයින්ට් නවකතාවෙන් උනත් ඇඟවෙන්නෙ ප්‍රචන්ඩත්වය
විසින් අපට ඉතුරු කරන්නෙ සාහසික ජීවන චිත්‍රයක් විතරක් කියන එකයි.
ප්‍රචන්ඩත්වය ගැටලුවලට විසඳුමක් නොවන බවට දෙන්න
පුලුවන් හොඳම නිදසුන් අපේ මෑත ඉතිහාසෙ ඉඳන් ඈත අතීතය වෙනකම්ම අපි ගෞරවයෙන් සිහිකරන
දීප්තිමත් ලෝක දේශපාලන නායකයන්ගෙ ඉඳන් ආගමික ශාස්තෘවරුන් දක්වාම ඕන තරම්
දක්වන්නත් පුලුවන්.
නෙල්සන් මැන්ඩෙලා මෑත ලෝකයේ අපිට ඇස්පනාපිට දැකගන්න
පුලුවන් වෙච්චි ප්‍රචන්ඩත්වයට ප්‍රචන්ඩ නොවන විදිහේ සැර උත්තරයක් දුන්නු අසහාය
නායකයෙක්. මැන්ඩෙලා කලු සුදු භේදය ඇසුරින් පැන නැගුනු දැවැන්ත ප්‍රතිරූපයක්. ඔහු
එකී සටනෙදි ගත්තු තීරන, ප්‍රතිපත්ති මේ සංවාදෙදි කවුරුවත් අදාල කරගන්න බවක් මට
පෙනුනෙ නෑ. අනෙක් උදාහරනය තමයි මහත්මා
ගාන්ධි. ගාන්ධි ගැන නම් චින්තනගෙ නම අදාල කරගෙන උපහාසාත්මක ස්වරයෙන් හරි සාකච්ඡාවට
ඇවිත් තිබුනා.
බුදුන්, ජේසුස් ක්‍රිස්තුස් වගේ නායකයින්
නිරන්තරයෙක් කතා කරන්නෙ සාමය, ආදරය වගේ සංකල්ප ගැන. සෑම ආගමකම මූලික හරය වෙන්නෙත්
එකිනෙකාට මෛත්‍රී කිරීම, අසල්වැසියාට ප්‍රේම කිරීම වැනි සංකල්ප ගැන.
ප්‍රචන්ඩත්වය ගැටුමකට ස්ථිර සාර විසඳුම නොවෙයි
කියන එක වාද තර්ක කරගත යුතු නැති සත්‍යක්. අවසන් වශයෙන් කියන්නෙ ප්‍රචන්ඩත්වය උත්තරයක් කියල කියන්නෙම අරගලයක් නිර්මානශීලීව ජයග්‍රහනය කරා
ගෙනයන්න බැරි මිනිස්සු හරි පුද්ගල
කන්ඩායම් කියන එකයි. ජීවිත හානි, දේපල හානි මොන විදිහෙ හානියකින් උනත් ඉතිරි
කරන්නෙ, වපුරන්නෙ, පැලකරන්නෙ වෛරයක්. ඒක ජයග්‍රහනයක් විදිහට එකහෙලා සලකන්න කොහෙත්තම
බැරි තරමේ වින්දිතයො බිහි කරන ක්‍රමයක්. වාමාංශික කඳවුරෙන් උනත් ධනවාදී කඳවුරෙන්
උනත් දියත් කරන්නෙ ප්‍රචන්ඩත්වයනම් අපට ඒක පිලිගන්න බැහැ.
ඉතින් මේක මේ තරමටම ඇදි ඇදි යන්න ඕන වාදයක් වෙන්නෙ කොහොමද? මේක වාදයක් තරමටම දුර දිග ගියපු එකම තමයි එක අතකට ප්‍රශ්න කරන්න ඕන.
No comments:
Post a Comment