අධිකරන විභාගෙට ලකුනු ඩිංගක් මදි. අපරාදෙ මං ඒක ඒ
තරමටම ගනන් ගත්තෙ නෑ නෙ බං.
මංජුලගෙ ස්වරයෙ ලොකු ශෝකී භාවයක් තිබ්බෙ නැතත්
එයා ඒක කිව්වෙ අවංකවම දුකකින් වෙන්න ඕන. මොකද මං මංජුල ගැන සෑහෙන දන්න නිසා. මංජුල
මගේ ලඟම යාලුවෙක් නොවුනත් අපේ යාලුකම අවුරුදු පහ හයක් විතර වයසයි. ඒ වයස ඇතුලෙ එකම
කාර්යාලෙක වැඩ කරද්දිත්, ඉන් පිටතත් අපි අපි අඳුනගන්න පුලුවන් තරමට අදහස් බෙදාහදා
ගත්තා.
මංජුල කියල කියන්නෙ එදිනෙදා හමුවෙන පොදු මිනිස්
කුලකයෙන් ඉඳුරා වෙනස්කම් රැසක් දරන මනුස්සයෙක්. ඒකට මේ මේ කියල කියන්න පුලුවන්
නිශ්චිත හේතු කියන්න අමාරු උනත් මංජුලව හැමෝටම දිරවන්නෙත් නෑ
කොහොමටත්
මේ කතාව මංජුල ගැන නෙමෙයි. මංජුල මාත් එක්ක කතාකරපු දුරකතන සංවාදයේ සාරය ඉදිරියට
අරගෙන යාමක්.
අපිට ජීවිතේට මග පෙන්වන අය අඩුයි මචං. මංජුල
කිව්වෙ සීරියස් විදිහට. ඒ ලෙවල් කරන වෙලාවෙනම් මොකක්ද චාන්ස් එකකට එහෙම කෙනෙක් හමුවුනා.
ඒත් මං හිතන්නෙ බං අපි හැමෝටම ජීවිතේ හැමවෙලාවෙම මග පෙන්නන්න කෙනෙක් ඉන්න ඕන.
ඒ කතාව මම ඉස්මුදුනෙන්ම අනුමත කලා. ඇත්ත. අපි
හැමෝටම තනියම ජීවිතේ අරගෙන යන්න කොහොමටත්ම බෑ. අපි කොයිතරම් බුද්ධිමත් උනත්, උගත්
උනත් ඇත්තමට තනි තීරන අරගන්න බැරි නිමේශයක් හැමෝටම එන්න පුලුවන්. හොඳ මගපෙන්වීමක
අවශ්‍යතාව තදින්ම දැනෙන්න ගන්නෙ එතකොට.
උපදේශනය හා මාර්ගෝපදේශනය පාසල් මට්ටමේ ඉඳලම
වෘත්තීය භාවයෙන් කතා කෙරෙන මාතෘකා උනත් මම හිතන්නෙ ඒක කෙරෙන්න ඕන එහෙම වෘත්තීය
භාවයෙන්ම නෙමෙයි. අනිත් අතට වෘත්තීයභාවයෙන් කෙරෙන මගපෙන්වීමේ මොකක්දෝ දුරස්ථකමකුත්
මතුවෙන්න තියෙන ඉඩ වැඩියි.
අපි කාටමත්ම ජීවිතේ හරි තීරන අරගන්න අමාරුයි.
කොටින්ම එක සුලු තීරනයකින් ඔයාගෙ මුලු ජීවිතේම කනපිට හැරෙන්න ඉඩ තියෙනවා. අනිත්
අතට ඔයාගෙ ජීවිතේ දිහා ඔයා බලන කෝනය හැමදාම ඒකාකාරී මුහුනුවරක් ගන්නවා. ඒක ඔයාට
තේරෙන්නෙ නෑ. ඔයා දන්නෙ ඔයා තීරන අරගන්නව කියල විතරයි. ඒක තමන්ට ගැලපෙනවද, තමන්ගෙ
අරමුනු හා හොඳන්ම සමපාත වෙනවද කියල කියන්න හැම වෙලාවෙම ඔයා දක්ශ නොවෙන්න පුලුවන්.
ඔයාගෙ ජීවිතේ දිහා ඔයාගෙම උරහිසට උඩින් බලන්නෙක් ඉන්න එකේ වටිනාකම දැනෙන්නෙ එතනදී.
ස්ටැපිඩි මගපෙන්වීම ගැන කියන්න පටන්ගත්තෙ එහෙමයි.
මම සාවදානව අහගෙන හිටියා. ස්ටැපිඩි එයාට දැනෙන හැෙඟෙන මට්ටමින් මගපෙන්වන්නෙක්
ගැන කියවන්න පටන් ගත්තා.
ඔයාගෙ යාලුවන්ටවත්,ගෙදර දොරේ අය උන පලියටවත් මග
පෙන්වන්නෙක් වෙන්න ලේසියෙන් බෑ. අනිත් අතට උගත්කම, උපාධි තානාන්තර මගපෙන්වීම උදෙසා
සලකාබැලෙන සාධක විදිහට පිලිගන්නත් අමාරුයි. මග පෙන්වන්විමක් සාර්ථක වෙන්න තියෙන අවම සුදුසුකම ඒයා ඒක කියන්නෙ ඔයාගෙ ජීවිතේ ගැන කොයිතරම් ආදරේකින්ද කියන එකයි. අනිත් අතට ඔයාගෙ මග පෙන්වන්නා විදිහට
තෝරගන්න කෙනාට ඔයා ඔයාගෙ ජීවිතේ කොයිතරම් නං ප්‍රමාණයක් හෙලිදරව් කරල තියෙනවද කියන
එකත් වැදගත් වෙන්න තියෙන ඉඩ වැඩියි.
මම කියන්නෙ විවාහය, රැකියාව, විභාග වගේ විශාල සාධක වලදි
විතරක්ම නෙමෙයි. අපි එදිනෙදා ජීවිතයේදි නොසලකන තරමේ කුඩා අංශුවක් ගැන උනත් අවධානය
යොමුකරවන කෙනෙක් අපි ලඟ සිටීම අපට අත්කරදෙන වාසි කන්දරාව අති මහත්.
නිකමට හිතන්න ඔයාගෙ කකුලෙ සුලු තුවාලයක් තියෙනවා.
ඔයා ඒ ගැන තකන්නෙ නෑ. නමුත් ඒක සුව නොවී, තාවකාලිකව සුව වෙමින් යලි යලි මතු වෙමින්
ඔහේ තියෙනවා. ඔයා කරන්නෙ තාවකාලිකව ඒ තුවාලය මග හරින එක. ඔයාට ආදරනීය
මගපෙන්නන්නෙක් ඉන්නවනම් ඔයාට එයා කියයි ඕක බලාගෙන ඉන්න හොඳ ක්‍රමයක් නෙමෙයි.
ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් ඕක මුලු කකුලටම බලපාන විසක් නිපදවන්න පුලුවන් කියලා.
ඒක ගැන අනතුරුදායක හැඟීමක් ඇතිකරල ඔයාට ඒක දිහා වෙනස්ම කෝනයකින් බලන්න මගපෙන්වන්නෙ
ඔයා හීනෙකින්වත් නොහිතන විදිහේ නූගත් මනුස්සයෙක් වෙන්න පුලුවන්.
අපි තව තව නිදසුන් අරගනිමු.
හිතන්න ඔයා හිතන පතන විදිහ ගැන. ඒකෙ රටාවක්
තියෙනව කියල ඔයාට එකපාරටම තේරෙන්නෙ නෑ. එහෙම ඉදිද්දි ඔයාට හුඟ කාලෙකින් හමුවුනු
මිතුරෙක් මෙහෙම කතාවක් ඔයාට කියනව. උඹගෙ ජීවිතේ තීරනාත්මක අවස්ථාවලදි උඹ කලේ
නිශ්ක්‍රීයව ඉන්න එක නේද? උඹ පොඩිකාලෙ කියපු කතාවලින් මට තේරුනේ ඒක. නිකමට හිතල
බලපං උඹ උඹේ දරුව ලෙඩ උනාමත් එහෙම ඉන්න එකේ තේරුමක් කියේවිද කියල?
මගේ යාලුවෙක් මට එහෙම කිව්වම මට ආයෙම මගේ ජීවිතේ
දිහා වෙනමම විදිහකට බලන්න ආලෝකයක් ලැබෙනවා. ඇත්තටම එක වචනයක් ඇති මාර්ගෝපදේශනයක්
විදිහට මුලු ජීවිතේම සාර්ථක කරගන්න.
මගේ ගෙදර වහලෙ එක තැනකින් වතුර වැටෙනවා. ඒක වෙන්නෙ වහින දවසකට විතරක්ම නිසා ඔයාට ඒකෙ ගානක් නෑ. වහිද්දි වතුර වැටෙනවනම් ඔයා කරන්නෙ එතනට භාජනයක් තියන එක. මේක නොකඩවා අවුරුදු ගානක් ඇදිල යනවා. අපිට ඒක වදයක් හෝ කරදයක් විදිහට පෙනෙන්නෙ නෑ. ඉදහිට අපේ ගෙදරට එන මගේ යාලුවෙක් ඕක දකිනවා. එයා කියනවා වරෙන් අපි දැන්ම වහලට නැගල ඕක හදල දාමු කියල. මං හිතන්නෙ එතනින් මාව ඇහැරුනා. අපි අවුරුදු ගානක් ඕක සාමාන්‍ය දෙයක් විදිහට දැකල, ඒකට පුරුදු වෙලා හිටියා. ඕක හදන්න ඕන කියන සුලු කාරනේ මට අමතක වෙලාම ගිහිල්ලයි තිබුනෙ.
මගේ ගෙදර වහලෙ එක තැනකින් වතුර වැටෙනවා. ඒක වෙන්නෙ වහින දවසකට විතරක්ම නිසා ඔයාට ඒකෙ ගානක් නෑ. වහිද්දි වතුර වැටෙනවනම් ඔයා කරන්නෙ එතනට භාජනයක් තියන එක. මේක නොකඩවා අවුරුදු ගානක් ඇදිල යනවා. අපිට ඒක වදයක් හෝ කරදයක් විදිහට පෙනෙන්නෙ නෑ. ඉදහිට අපේ ගෙදරට එන මගේ යාලුවෙක් ඕක දකිනවා. එයා කියනවා වරෙන් අපි දැන්ම වහලට නැගල ඕක හදල දාමු කියල. මං හිතන්නෙ එතනින් මාව ඇහැරුනා. අපි අවුරුදු ගානක් ඕක සාමාන්‍ය දෙයක් විදිහට දැකල, ඒකට පුරුදු වෙලා හිටියා. ඕක හදන්න ඕන කියන සුලු කාරනේ මට අමතක වෙලාම ගිහිල්ලයි තිබුනෙ.
සමහර මිනිස්සු මෙහෙම කියනව මට ඇහිල තියෙනව.
අද මම මෙතන ඉන්නෙ මම ඒ ලෙවල් කාලෙදි මගේ ආත්තම්ම
කියපු එක වචනයක් නිසා. ඒ එක වචනෙ හැමදාම ජීවිතේ ජීවිතේ අසීරුම තැනකදි මතක් කලාම
ඒකෙන් මට සෑහෙන ෆිට් එකක් වෙනවා.
ස්ටැපිඩි වෙලාවක මෙහෙම කියනවා.
මග පෙන්වන්නා නිතරම ජීවියෙක් වෙන්න ඕනෙ නෑ. එයා
භෞතික කාරනයක් වෙන්නත් ඉඩ තියෙනවා. හිතන්න එකම එක පොතක් ඔයා අත්පොතක් විදිහට හැමදාම
භාවිතා කරනවා. ඒක කියවන වාරයක් වාරයක් පාසා ඔයාගෙ ජීවිතේට ලැබෙන ජවය වෙන මොකකටවත්
දෙන්න බෑ. තව කෙනෙක්ට සැර බීමක්, අමුතු ජවයක් දෙන කෑමක් උනත් එහෙම අත්දැකීමක්
ලබාදෙනව වෙන්න පුලුවන්. කතාන්දරවල අපි අහල තියෙනවා කාන්තාරෙ අතරමං වෙච්චි කරත්තකාරයන්ට මග පෙන්වන තාරකා ගැන.
මෙතනදි අපිට එක දෙයක් ඒත්තු ගැන්වෙනවා. මග පෙන්වීම කියන්නෙ පිටස්තර දෙයක් නෙමෙයි කියන එක. බාහිරින් මතුවෙන කාරනයක් අපේ ඇතුලාන්තයට අවශෝශනය කරගන්නා ප්‍රමානය මතයි ඔයාට මග පෙන්වීම කියන අදහස වැඩ කරන්න ගන්නෙ. ඔයා ලඟ ඉන්න මනුස්සයා ඔයාට කොයිතරම් මග පෙන්නන්න හැදුවත් ඒක ඔයාට දැනෙන්නෙ නැත්නම්, ඒක පිලිගන්න සූදානමක් ඔයාගෙ ඇතුලාන්තයෙන් එන්නෙ නැත්නම් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මෙතනදි අපිට එක දෙයක් ඒත්තු ගැන්වෙනවා. මග පෙන්වීම කියන්නෙ පිටස්තර දෙයක් නෙමෙයි කියන එක. බාහිරින් මතුවෙන කාරනයක් අපේ ඇතුලාන්තයට අවශෝශනය කරගන්නා ප්‍රමානය මතයි ඔයාට මග පෙන්වීම කියන අදහස වැඩ කරන්න ගන්නෙ. ඔයා ලඟ ඉන්න මනුස්සයා ඔයාට කොයිතරම් මග පෙන්නන්න හැදුවත් ඒක ඔයාට දැනෙන්නෙ නැත්නම්, ඒක පිලිගන්න සූදානමක් ඔයාගෙ ඇතුලාන්තයෙන් එන්නෙ නැත්නම් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මග පෙන්වීම අපි මැරෙන තුරාවට අපිට අවශ්‍ය දෙයක්.
ඒකෙන් ඔයා නිවරදි කෙනෙක් කරනව නෙමෙයි. වැදගත්ම දේ ඔයාට නොපෙනෙන පැත්තකින් ඔයාට
නොපෙනෙන කෝනයකින් ඔයාගෙ අනාගතය දිහා ලබන්නෙක් විදිහට ඒකෙන් ඔයාට සහයක් ලැබෙනවා.
මගේ වයස දැන් තිස් තුනක්. මේ තිස් තුන පුරාවට
දැනුවත්ව හෝ නොහැනුවත්ව මට මග පෙන්වපු අය සෑහෙන හිටිය විත්තිය මට දැන් දැනෙනවා.
සමහර වෙලාවට ඒ මග පෙන්වපු අය තමන් මගපෙන්නුවද කියලවත් දැනගෙන නෙමෙයි ඒක කලේ. අනිත්
අතට ජීවිතේ කොයියම්ම වෙලාවකවත් ඒ අයට කෘතඥවෙන්න අපට පුලුවන් වෙන එකතුත් නෑ. ඒත් මේ
වෙලාවෙ මම ඒ හැමෝටම මගේ ප්‍රනාමය පුදකරන අතරේ කියන්නෙ එකමෙක දෙයයි.
ඔයාගෙ ජීවිතේට මග පෙන්වන්නෙක් ඉන්න ඕන වගේම ඔයත්
තව ජීවිතයකට මග පෙන්වන්නෙක් විය යුතුයි. ජීවිතේ ලස්සන වෙන්නෙ එහෙම වෙන තරමටයි.
No comments:
Post a Comment