කාගෙද මේ සුමිත් කියල නමක් තියෙන්නෙ?
යාලුවෙක් ෆේස්බුක් අප්ලෝඩ් වෙන්න
ගිහින් ඒකෙ රෙජිස්ටර් වෙද්දි වැටිච්ච නම දිහා බලල පුදුමෙන් වගේ ඇහුව.
ආ ඒ මගේ. මගේ ෆේක් එකවුන්ට් එකක්. මම
සැහැල්ලුවෙන් කිව්ව
උඹල බං මාර හොරුනෙ. මගේ යාලුව ගත් කටටම කිව්ව
ඒ උත්තරේ මං කීයටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක්
නෙමෙයි. අනිත් අතට ෆේක් එකක් පටන්ගත්තු මුල් කාලෙවත් මට ඔහොම අදහසක් හීනෙකින්වත් මතුවෙලා
තිබුනෙ නෑ.
එතැනින් මං යන්න ගත්ත ඒකමානීය කියන මාතෘකාවට.
ඒකමානයි කියන්නෙ කිසියම් සංසිද්ධියක් දිහාට යොමුකරන එකම දෘශ්ටියට. මේකෙ විරුද්ද
පදේ බහුමානය. මානයන් ගොඩක් තිබීම. හේතුකාරනා බහුල වීම වගේ අදහසක් අපිට ඒකෙන් ගන්න
පුලුවන්.
මගේ යාලුවගෙ පිලිතුරත් එක්ක අපි දේවල් කොයිතරම්
බහුමානීව කියවනවද කියන අදහසට මම එන්න උත්සාහ කලා. ස්ටැපිඩි මේ කාරනේ කතා කරද්දි මට
සෑහෙන බලපෑවා. එයා තමයි මුලින්ම බහුමානීය කියන අදහස පවා අරගෙන ආවෙ.
මිනිස් ක්‍රියාකාරකම් වලදි දේවල් ඒකමානීයව කියවීම
තරම් පටු දෙයක් තවත් නැතිව ඇති. ඒක කොහෙත්ම සාධාරන දෙයක් නෙමෙයි. මානව ක්‍රියාකාරකම්
හැදිල තියෙන්නෙම හැඟීම් එක්ක. ඉතින් අපි කොහොමත ඒක එක මානයකින් මැනල තීරනයක් දෙන්නෙ.
ඇත්ත. අපි එදිනෙදා දේවල්වලට මුහුනදෙන විදිහ සහ ඒ
තැන්වලදි ක්‍රියාකරන විදිහ අති සංකීර්නයි. මම ඒක කලේ මේ හේතුව නිසා, මම මෙහෙම
කිව්වෙ මෙන්න මේක දැනුන නිසා වගේ තනි උත්තර දෙන්න ලේසි උනත් ඇත්තටම ඒක සිද්ධ
වෙන්නෙ තනි දෙයක් නිසා නෙමෙයි. සෑම ක්‍රියාවලියකටම සංසිද්ධි ගනනාවක් බලපානවා.
නිකමට හිතන්න ඔයාට අද උදේ ඔෆිස් එකේ යාලුව එක්ක
තරහ යනවා. ඔයා එයාට බැනගෙන බැනගෙන යනවා.
දැන් මේක ඒකමානීයව හිතමු. ඔයා එයාට බැන්නෙ එයා
ඔයාගෙ පෑන අරගෙන හැමදාම අතන මෙතන දාන නිසා. ඔයා ඔහොම ඒකමානීය උත්තරයක් හදා ගන්නවා.
නමුත් මම කියනවා ඒක එතැනින් නවතින්න බැරි හේතුකාරනා රැසක එක්කාසුවක් වෙන්නත්
පුලුවන් කියලා. අපි ඒ සිදුවීමම බහුමානීයව කියවන්න ට්‍රයි කරමු.
මට තරහ ගිය එකට මුල් වුනු අන්තිම හේතුව පෑන
අරගත්ත එක වෙන්න පුලුවන් උනත් මම උදේ ඉඳන්ම වැඩට ආවෙ ටිකක් කලකිරුනු මානසිකත්වයක
නේද? උදේ නැගිටිද්දි පරක්කු උනා. උයන්න පරක්කුයි. එද්දි මග වැස්ස. ඔය ඔක්කොම දේවල්
වලින් සිද්ධ උනේ මගෙ හිතේ කේන්තියක් දලු ලා වැඩෙන එක. ඒ කේන්තියේ කෝනතර ගොන්නට පෑන
නැති කිරීමේ ස්වල්ප සිද්ධියත් අවසාන දාමය විදිහට ඇමිනුනා. ඇත්තටම මම එයාට බැන්නෙ
එයාගෙ වරද හින්දටමත් වැඩිය මගේ හිතේ තිබ්බ කේන්තියක් පිටකරගැනීමක් විදිහට.
ඔහොම ඔයාට ඒ සිද්ධිය දිහා වෙන මානෙකින් බලන්න
පුලුවන්. මම කියන්නෙ ඒකත් තවත් එක් මානයක් විතරයි. ඒ සිදුවීම වටා ගිනිය නොහැකි
තරම් මානයන් හැංගිලා තියෙන්න පුලුවන්. කවමදාකවත් අපිට නොපෙනෙන මානයක් උනත් තියෙන්න
ඉඩ තියෙනවා.
ස්ටැපිඩි වෙලාවක මෙහෙම ලියනවා.
යම් දෙයකට නිශ්චිත තනි උත්තරයක් තියෙන්නෙ විද්‍යාවෙදි
විතරයි. නැත්නම් ගනිතයේදි. අපි කියනවා දෙකයි දෙකයි එකතු කලාම හතරයි කියල. මේක මොන
විදිහට කිව්වත් එහෙමයි. නිශ්චිතවම උත්තරේ හතරයි. විද්‍යාත්මක නියතීන් එහෙමත් එහෙමම
තමයි. අහවල් දවසෙ සූර්යග්‍රහනයක් කිව්වොත් ඒක සිදුවෙනවම තමයි. අනිත් අතට සූර්යග්‍රහනය
සිදුවෙන කාරනේ විද්‍යාත්මකව කියද්දි ඒ සිදුවීමම තමයි. එතැනින් එපිට වෙන සංකීර්න
මානයන් ඒකට නැහැ. නමුත් මානව ගනුදෙනු ඊට සම්පූර්නයෙන්ම වෙනස්. ඔයාට කවමදාකවත්
කියන්න බෑ ඔයා එයාට ආදරේ කරන්නෙ ඇයි කියල තනි උත්තරයක් දෙන්න. ඔයාට පුලුවන් ද ඔයා
පොත් ලියන්න පෙලඹුනේ ඇයි කියන එකට එක වචනෙකින් උත්තර දෙන්න.
මම ඒකමානීය, බහුමානීය මාතෘකා ඔස්සේ සෑහෙන දුරකට
ඇදිල ගියා. බහුමානය ගැන මගේ කල්පනාත් බහුමානීයයි නේද කියල මට හිතුනා.
අපි සමාජ ජීවිතේදි සිද්ධි දිහා බලන්නෙ කොයිතරම්
නං ඒකමානීයවද? අඩුම තරමින් අපි ඒ ගැන නැවතිල්ලෙ යන්තමින්වත් හිතනවද?
මම ටිකක් සැර උදාහරනවලින් ගත්තොත් මේක ලේසිවෙයි.
නිකමට හිතන්න මෙහෙම පුවතක් ඔබට ඇසෙනවා.
මවක් සිය දරුවා ගිං ගඟට විසි කරයි.
මේ පුවත දැක්ක ගමන් ඔබට එන්න පුලුවන් ඒකමානීය
අදහස මට දැන් මැවිල පේනවා.
අපෝ.. මහ පවුකාර ගෑනියෙක්. ඔය ගෑනිවත් තල්ලුකරල
දාන්න තිබ්බෙ. මොන හිතකින් කලාද දෙයියනේ...
මට හිතෙන්නෙ අපි පේන සමාජෙ ඇතුලෙ අපි දකින්නෙ
ඔහොම උත්තර. මේ උත්තර ඔක්කොටෝම තියෙන්නෙ ඒකමානීය මූලයක්. එයාල දකින්නෙ මේ අම්ම
වැරදියි. අම්ම හිත් පිත් නැති ගෑනියෙක් කියන කෝනෙන් විතරමයි.
අපි එතන තියෙන්න පුලුවන් බහුමානීය අන්ත දිහාට
මොහොතකටවත් හැරෙනවද? මම නිකමට එකක් දෙකක් කියන්නම්. මනෝවිද්‍යාවෙදි අපි දන්නවා
මවක් දරුවෙක් බිහිකලාට පස්සේ ඒ මවට පසු ප්‍රශව විශාදය කියන තත්වය ඇතිවෙන්න ඉඩකට
තියෙනව කියල. ඒ කියන්නෙ මව අසාමාන්‍ය විදිහට කලකිරෙනවා. දරුවව එපාවෙනවා. කොටින්ම
දරුවව මරන්න පවා හිතෙන්න ඉඩ වැඩියි. ඒක වෙන්නෙ අම්ම දරුවට තියෙන ආදරේ අඩුවැඩියක්
නිසා නෙමෙයි. එයාගෙ මොලයේ රසායනික අසමබරතාවයක් නිසා. ඉතින් මේ දරුවව ගඟට විසි කරපු
අම්මට ඔය තත්වෙ තියෙන්න බැරිද? මේකත් එක මානයක් විතරයි. මේක වටේ තවත් මාන කෝටි ප්‍ර
කෝටි ගනනක් උනත් තියෙන්න පුලුවන්. අපි නිකමට හොයාගෙන ගියොත් අම්මගෙ පවුල්පසුබිම
මොකක්ද? ස්වාමිපුරුශයා එක්ක තියෙන සම්බන්ධය මොනවගේද? ගෙදර තත්වය මොකක්ද? මේ අම්මට
පොඩි කාලෙ මොනවද වෙලා තියෙන්නෙ වගේ දේවල් එක්ක අපිට එලඹෙන්න තියෙන නිගමනත් අති
සංකීර්න වෙනවා.
අනියම් සම්බන්ධයක් තියෙන කෙනෙක් දිහා බලන්න. ඕනම
කෙනෙක් එයා කෙරෙහි දක්වන ආකල්පය ඒකමානීයයි. මහ වල් කෙනෙක්. ජරා මනුස්සයෙක්. මූ
තියන්න වටින්නෙ නෑ.
ඒ ඔයා මතුපිටින් දකින චිත්‍රය විතරයි. අපි ඒ
මනුස්සයගෙ ජීවිතේ එක්ක යන්තමින්වත් ඒකාත්මික වෙලා නෑ. ඒ මනුස්සයට තියෙන ප්‍රශ්න,
අර්බුද, ගැටලු කිසිවක් මායිමකටවත් නොගන්නා අපි අපේ ඇහැකින් එයාගෙ ලෝකය දිහා බලන්න
ගන්නවා. එතකොට අපිට පේන්නෙ එකම එක පැත්තක් විතරයි.
ආයෙම ස්ටැපිඩිට යමු. එයා බහුමානය ගැන තව තවත් විස්තර
කරනවා.
හොඳට හිතට ගන්න. බහුමානීයව හිතනව කියන්නෙ
වැරුද්දක් කරන කෙනෙක්ට සමාව දෙනවවත්, එයා ගැන අනුකම්පාවෙන් බලන්න කියන එකවත්
නෙමෙයි. අපි ඕනම සිදුවීමක් දිහා ඒකට තියෙන සම්මත පොදු මිම්මෙන් බලන්නෙ නැතිව ඒක
දිහා වෙමමම ඈන්ගල් එකකින් බලනවා. එතකොට ඔයාට ඒක පේන විදිහ වෙනස්. යම් දෙයක්
දරාගන්න, මැදිහත්ව සිතන්න, පටු නිගමනේකට නොඑන්න ඔයාට ඒක උදව්වක් වෙන්න පුලුවන්. ඒකෙන්
කියන්නෙ නෑ ඔයා දකින කෝනය විතරයි හොඳටම නිවැරදි කියලා. මේක වැරදි නිවැරදි කිරල බලන
මොහොතක් නෙමෙයි. අපි සිදුවීමක් දිහා බලන මානය එක එක මානයන්ට හරවලා බලනවා. එතකොට
අපිට ඒක එක එක විදිහට පේනවා. සරලවම එච්චරයි.
එදිනෙදා ජීවිතයේදි කෙනෙක් ඔයාට බැන්නොත්, ඇනුම්
පදයක් කිව්වොත්, වගේ ඕනම දේකදි ඔයා ඒකට ප්‍රතිචාර දක්වන විදිහ ඔයා ඒක දිහා බලන
කෝනය අනුව නිසැකවම වෙනස් වෙනවා. අපිට එදිනෙදා මුනගැහෙන, අපි එක්ක කතාකරන ඕනම
කෙනෙක්ට සම්මත ලේබල් එකක් අලවන්න බැරි තත්වයක් අපිට දැනෙන්න ගන්නවා.
මෙයා හොඳයි. මෙයා නරකයි. මෙයා කපටියි. මෙයා
ඔතෑනියි වගේ පොදු මිමි ඇතුලෙන් පෙරල, කිරල මැනල ගනිද්දි අපිට මැනිකක් ඒ මේ අත හරව
හරව බලද්දි වගේ යම් යම් දීප්තිමත් රේඛා විහිදෙනව කියල පෙනෙන්න ගන්න මොහොතක් එනවා.
ඒකට හැම ජීවිතයක් දිහාම වගකීම් සහගත බැල්මකින් බලන්න වෙනවා.
අපි ආයෙම මුලට එමු. මට ෆේක් එකවුන්ට් එකක් තියෙනව
කියල දැනගත්තු මගේ මිතුරාගෙ ප්‍රතිචාරයට මම කලකිරෙන්න ඕනද? මම එයා එක්ක තරහ
ගන්න ඕනද? මට ඒ හැමෝ එක්කම තද මිතුරුකමක් ඇතිකරගන්න බැරි තරමට දුරස්ථ කමක්
දැනේවිද?
මම හිතන්නෙ බහුමානීයව හිතන එකේ වටිනාමක අපට
දැනෙන්නෙ මෙහෙම ප්‍රායෝගික තැනකදි. මම ඒක සන්සුන්ව භාරගන්නවා. ඒ මොහොතෙ එයාට ඒක
පැහැදිලි කරල දෙන්න බැරි උනත් පස්සෙ දවසක අවස්ථාවක් ආවොත් හෙමින් කියනවා මගේ අදහස.
නැත්නම් එයාට ඒක තේරුම්ගන්නම බැරිනම් එයා ඒ පටු අදහසේම උනත් හිටියාවේ. මට ඒක
නීරසක් විදිහට දැනෙන එකක් නෑ. මොකද මම දේවල් දිහා බලන මානෙන්ම එයා බලන්න ඕනෙත් නෑ.
එයාගෙ ආකල්ප, දේවල් දකින කෝනය තීරනය වෙලා තියෙන්නෙ ජීවන මගේ එයාට මුනගැහුනු දේවල්,
ඉගනගත්තු පරිමාව වගේ සංකීර්න කාරනා ගානක් එක්ක. මම ඒ මනුස්සයගෙ ආකල්පය එක්ක ආරෝවක්
ඇතිකරගැනීමේ තේරුමක් තියේවිද?
No comments:
Post a Comment