මම මැරිලින් මොන්රෝ ගැන හොයන්න ගත්තෙ my week with Marilyn චිත්රපටය බැලුවට පස්සෙ. චිත්රපටය ඇතුලෙ කතා නායක ක්ලාක් නැමති තරුණයා( මැරිලින්ට වඩා වයසින් බාල) එක්තරා චිත්රපටයත් රූගත කරන අතරෙදි මැරිලින් එක්ක පෙමින් බැඳෙනවා. මේ ප්රේමයේ ආයු කාලය සතියක් පමණ කෙටි එකක් වුණත් ඒ ප්රේමය ඇතුලෙ තරුණයගෙ මනෝභාවයත්, මැරිලින් ඒ කාලසීමාව ඇතුළෙ කොතරම් මානසික ආතතියකින් සිටියද කියන එකත් හොඳින් අනාවරණය වෙනව. මැරිලින් ඒ වෙද්දිත් සිනමා ලෝකයේ බැබලෙන තරුවක්. ක්ලාක් වගේ නිකම්ම නිකං සහාය අධ්යක්ෂක වරයෙක්ට මැරිලින්ගෙ ආදරය දිනා ගැනීම කෙසේ වෙතත් මැරිලින් නිකං හැරිල බලයිවත් කියල හිතාගන්න බැරි තරමේ ජනප්රියත්වයකයි ඈ ඒ වෙද්දිත් පසුවෙන්නෙ. කෙසේ නමුත් චිත්රපටය රූගත වෙන ඉතා කෙටි කාලසීමාවක් ඇතුලෙ ක්ලාක් මැරිලින්ව නොව මැර්ලින් ක්ලාක්ව පතාගෙන පැමිණෙනවා.
Friday, August 5, 2022
මැරිලින් මොන්රෝ එක්ක සතියක්
මේක මැරිලින්ගෙ පැත්තෙන් ආදර සම්බන්ධයක් ආරම්භ කරනවටත් වඩා ඇගේ ආතතිය, පීඩනය හෝ අවංක චේතනාවකින් ඇඟේ හැඟුම් තේරුම්ගතහැකි මිනිසෙකු සොයාගැනීමට ඇගේ ඇති උවමනාව පෙන්නුම් කරන තැනක් වගේ.
ජනප්රියත්වයේ හිනිපෙත්තේ සිටින්නෙකුට තම ජනප්රියත්වය නිසාම අව්යාජව තමාට ආදරය කරන්නෙකු සොයාගැනීමේ දුෂ්කරතාව මැර්ලින් හා ක්ලාස් චූල පෙම් පුවත හරහා අපට පසක් වෙනව. මැර්ලින් ඒ වෙද්දිත් ඉන්නෙ විවාහ දෙකක් අසාර්ථක වීමෙන් පසුව ජීවිතයේ හෙම්බත් වූ මානසික තත්වයක. ක්ලාක් වැනි අති සාමාන්ය මිනිසෙකු/ තරුණයෙකු ඒ හෙම්බත් විකාරරූපී ජීවිතයේ වේදනාවට යම් ආකාරයකට සුවයක් අරගෙන එන්නට සමත් වෙන බවක් ඈ විස්වාස කරනවා. කොටින්ම ඇයට අවශ්යවන්නේ ජනප්රියත්වයේ සලුබරණ උනා දමා ඊට යටින් ඇති පියවි ජීවිතේ එක්ක සම්මුඛ වන්නෙක්ව බවයි පෙනෙන්නෙ.
චිත්රපටයේ වැඩ අවසන්වීමත් සමඟම මැර්ලින් හා ක්ලාක් සම්බන්ධයටද අවසානය සනිටුහන් වෙනව. ඒ වෙද්දිත් මැරිලින් කියනව තමන්ට මේ ලෝකයෙන් ගැලනේන බැරි බව. සිනමාව ඇගේ ජීවිතය වෙලා ඉවරයි. එහෙමත් නැත්නම් සිනමාව ඇගේ ජීවිතය වෙලාගෙන ඉවරයි. ඉතින් ඈ ඒ තාරකාවක් වීමේ පිපාසිත ආසාවටද ආදරය කරනවා.
කතාව ගලාගෙන යන්නෙ ක්ලාක්ගෙ පැත්තෙ ඉඳන් උනත් කතාවෙ මූලික අරමුණ නිබිගත වෙලා තියෙන්නෙ මැරිලින් වෙත බවයි සිතෙන්නෙ. මැරිලින්ගේ වේදනාබව ආතතියෙන් පිරුණු ජීවිතය දෙස අපේ සානුකම්පිත හැඟීම දනවන්නට හැම රූපරාමුවක්ම සැදී පැහැදී ඉන්නවා වගෙයි.
Subscribe to:
Post Comments (Atom)
INSIDE ඔටිසම් - මනුෂ්‍ය විවිධත්වයේ විචිත්‍රත්වය සුහදව විනිවිද දකිමු.
රමේෂා ලියූ පොත අරගත්තත් එය කියවා අවසන් කරන්නට ගතවූ කාලය අධික විය. දෛනික ජීවිතයේ කාර්යබහුත්වයත්, නිවසේදී පුතු සමඟ ගතවෙනා කාලයත් සමඟ පොත ...
-
වත්මන් ලොව භාවිත කරනු ලබන සාම්ප්‍රදායික බුද්ධි පරිමානවලින් තක්සේරු කරනු ලබන්නේ මනුෂ්‍ය විභව්යතාවලින් ඉතා ස්වල්පයකි. බො...
-
වික්‍රමසිංහ කතිකා 01 සිංහල නව පද්‍ය කල්පනා ලෝකෙන් මෙතෙරට (මේක පුද්ගලිකව හුවමාරු වුන ලිපි පෙලක් උනත් පොදු අවකාශයට මුද...
-
තේමාත්වකවාදය සම්බන්ධ ප්‍රශ්න සහ පිලිතුරු නිර්මානයක සංකේත, යටි අරුත්, රූපක සම්බන්ධයෙන් ඔබට ඇති අදහස කිව්වොත්? සංකේත, යටි අරුත්,...

No comments:
Post a Comment