ඇමරිකාව
මූලික වෙලා වෙනත් රටකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු අවස්ථා ඉතිහාසයේ බොහෝ තියෙනවා.
ඇමරිකාව අපකීර්තිමත් ආකාරයට මතවාදීව හා යුධමය වශයෙන් පරාජයට පත් වූ ප්‍රකට
අවස්ථාවක් වන්නේ වියට්නාම යුද්ධයයි.
මේක
එම යුද්ධය පාදක කරගෙන හැදුණු ඉතාම ආන්දෝනාත්මක සිදුවීම් රැසක් සමග ලොවට දායාද
වුණු චිත්‍රපටයක්. නම Apocalypse
Now. චිත්‍රපටය හැදෙන්නෙ 1979 අවුරුද්දෙ. යුද්ධයේ
බිහිසුණුකම හෝ විකෘතිභාවය මේ චිත්‍රපටය හරහා ලෝකයට කියන්නේ වෙනස්ම වූ විදිහකට.
චිත්‍රපටයට
පාදක වෙන්නෙ ඇමරිකාව විසින් අත්තනෝමතික විදිහට හෝ අසාධාරණ ආකාරයෙන් වියට්නාමයට
එරෙහිව ගෙනයනු ලබන යුද්ධය. මේ යුද්ධයට ඇමරිකාවෙන් යොදවන ලද එක් නායක සෙබලෙක් (කර්නල් වෝල්ටර් කර්ට්ස්) යුද්ධය පැත්තකින් තබා
තමන්ගේ සෙබල කණ්ඩායම සමඟ වියට්නාමයේ එක්තරා ප්‍රදේශයක විකාරරූපී රහසිගත ජීවිතයක්
ගත කරන්නට යොමු වෙනවා. කොටින්ම වෝල්ටර්ගේ මේ මාවත වෙනම පෞර රාජ්‍යයක් වගේ එකක්. ඔහු නායකයා වෙමින් තමන්ගේ කණ්ඩායම යොදාගෙන
ඔහු ගෙනයන විකාරරූපී ජීවිතය එක්තරා ආකාරයට ඇමරිකාවේ යුධමය භූමිකාවට කළු පැල්ලමක්.
යුද්ධයට යොමුව සිටින අනෙකුත් සෙබලුන්ගේ ධෛර්යය බිඳවැට්ටවීමක්. මේ හේතුවෙන් ඇමරිකාවට
අවශ්‍ය වෙන්නේ වෝල්ටර්ගේ මේ විකාර රාජ්‍යය බිඳ වට්ටන්න. ඇමරිකාව ඒ වෙනුවෙන්
සැලසුම් සකස් කරනවා. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ එතනින්. ඇමරිකානු බුද්ධිඅංශ ප්‍රධානියෙකු
වන කපිතාන් බෙන්ජමින් විලාඩ් යොදාගෙන වෝල්ටර් ඇතුළු සෙබල කණ්ඩායම මර්ධනය කිරීමයි
ඇමරිකාවේ සැලැස්ම. මේ චිත්‍රපටයේ අපට දක්නට ලැබෙන්නේ බෙන්ජමින් විලාඩ් ආරම්භයේ සිට
වෝල්ටර් සොයාගෙන යන මෙහෙයුමේදී ඔහුට අහන්න දකින්න ලැබෙන සිදුවීම්වල පෙළ ගැස්මක්.
යුද්ධයේ බිහිසුනු බවත්, එය මිනිසුන්ගේ භෞතික පරිසරය පමණක්ම නොව
අධ්‍යාත්මික ජීවිතය මුළුමනින්ම විනාශකොට ඇති බවත් බෙන්ජමින්ට අත්දකින්න සිදුවෙනවා.
එතකොට වෝල්ටර් නායකත්වය දෙන වෝල්ටර්ගේ සෙබල කණ්ඩායමත් ගෙවන මේ වියවුල් සහගත හෝ අන්ධකාර
ගෝත්‍රික ජීවිතය දකින බෙන්ජමින්ගේ මනස මේ විකෘතිවලින් දූෂිත වෙමින් තියෙනවා.
ඇත්තටම වෝල්ටර් මේ ගෙවන ජීවිතය විකෘතියක් ද? මනෝ මූලික අන්ධකාරයක්
වෙතට ඔවුන් තල්ලු වී ඇති ද? ඇමරිකාව තම සෙබලුන් යොදාගෙන සිදුකරන මර්දනීය
යුද්ධය ඊට වඩා විකෘතියක් නොවන්නේද? යුද්ධයේ සාහසිකත්වය මානව ධර්මතා විනාශ කරමින්
ඇදෙන ආකාරයේ බිහිසුණු බව අපගේ ඇස්පනාපිට දිග හැරෙන්නේ කොහොමද? Apocalypse
Now අප ඉදිරියේ දිග හරින්නේ මෙම සත්‍යයයි.
මේ
චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ නවකතා පොතක්. පොතේ නම Heart of Darkness. මේ නවකතාවට පසුබිම් වෙලා තියෙන්නේ අප්‍රිකානු
රාජ්‍ය්‍යක් වෙච්ච කොංගෝ රාජධානිය තුළ බෙල්ජියම පාලනය කරද්දී බෙල්ජියමේ
සොල්දාදුවන් විසින් ගෙනගිය අන්ධකාර ජීවිතය පිළිබඳ කතාන්තරයක්. යුරෝපීය ජාතීන්ගේ
යටත්විජිතවාදයේ නිරුවත පෙන්වීම මෙහි මූලික අරමුණක්. මෙම නවකතාවේ පදනම ඇමරිකා
වියට්නාම් යුද්ධයට ගලපා ගැනීමේදී නොයෙක් වෙනස්කම් සිදුකිරීමට පවා සිද්ධවෙලා
තියෙනවා.
කොහොම
වුණත් මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ පිලපීන් දූපත්වල. වසර ගණනාවක් දැඩි දුෂ්කරතා
මධ්‍යෙය් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු අවසන් කරද්දී නිෂ්පාදන කණ්ඩායම අකරතැබ්බ
බොහොමයකට ගොදුරු වෙලා තියෙන බව සඳහන්. කොච්චර අකරතැබ්බ ගොඩකට මුහුණදුන්නා ද කියනවා
නම් ඒ ගැන වෙනම වාර්තා චිත්‍රපටයක් පවා Hearts of Darkness: A Filmmaker's
Apocalypse නමින් නිෂ්පාදනය කොට තිබෙනවා.
යුද්ධයේ
බිහිසුණු බව මිනිසාගේ මානසිකත්වය එහි ගොදුරක් බවට පත් වෙමින් අන්ධකාරයට තල්ලු වන
අයුරු පෙන්වන්නට යාමේ දී අධ්‍යක්ෂකවරයා පවා එවැනි අන්ධකාරයකට ගොදුරු වෙමින් සිටි බව
සිනමා ලෝකයේ ප්‍රසිද්ධයි. කොහොම නමුත් මේ සියල්ල අවසානයේ චිත්‍රපටය එදා මෙදා සිනමා
ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ චිත්‍රපටයක් ලෙස විචාරකයන් විවාදයකින් තොරව පිළිගැනීම
මෙහි ඇති විශිෂ්ටත්වය ගැන අපට දිය හැකි හොඳම සාක්ෂිය බව කියන්න පුලුවන්.


No comments:
Post a Comment