500 DAYS OF SUMMER චිත්‍රපටයේ ආරම්භයේදී අපට කියන්නේ මේක ආදරය ගැන කතාවක්
මිස ආදරනීය කතාවක් නොවන බවයි. දින 500ක් පුරාවට දිවෙන කතාවේ දින දසුන අපේ ඉදිරිපිට
දිග හැරෙන්නේ අපිළිවෙළකට. අතනින් මෙතනින්. පලවෙනි දවස් කිහිපයෙන් අනතුරුව දින 290
වෙන්න පුලුවන්. ආයෙත් 500 වෙනි දිනයට යන්නත් පුලුවන්. ඔය වගේ කතාව ගලාගෙන යාමේදී අපේ
පිළිවෙළ සහිත ආකෘතිය බිඳ හෙලනවා.
ටොම්
කියන්නේ සාමාන්‍යෙයන් අපි වගේ පෙම්වතෙක්. මම වගේ කෙනෙක් විදිහටයි මට දැනුනේ. එයා
ආදරය දකින්නේ සදාතනික දෙයක් විදිහට. ස්ථාවර හෝ ස්ථාර දෙයක් විදිහට. අචල දෙයක් විදිහට.
නමුත් ටොම්ගේ පෙම්වතිය ( සමර) එසේ නැහැ. ඇය ටොම් එක්ක ආදරයෙන් බැඳුණත් ඇය නිරන්තරයෙන්
ප්‍රකාශ කරන්නේ අපි නිකං යාළුවෝ විතරයි. මා ගාව බරපතල හැඟීමක් නැහැ. කියලයි. ආදරය
ආරම්භ කරද්දී මේ ප්‍රකාශය බරසාරත්වයකින් තොරව භාරගත්තත් ටොම්ට ක්‍රියාත්මක තලයේදී
මේ අස්වාභාවික ගනුදෙනුව දරාගත නොහැකි වෙනවා.
කාලයත්
එක්ක සමර්ට (පෙම්වතියට) ටොම් ගැන තියෙන උනන්දුව දියවෙලා යනවා. අවම වෙලා යනවා.
290දී ටොම්ගෙන් වෙන් වෙලා සමර් තනි වෙන්න බලනවා. ඒකට නිශ්චිත තනි හේතුවක් සමර් ගාව
නෑ.
සමර්
වෙන් වෙලා ගියාට ටොම් ගාව තවමත් ආදරය නොනැසී තියෙනවා. කල්පනා ලෝකෙ ඇතුලේ සමර්
ජීවත් වෙනවා. ටොම් නිරන්තරයෙන් විශ්වාස කරන්නේ සමර් ආයෙ කවදාක හෝ තමන් සොයා
පැමිණේවි කියලයි.
ඔය
අතරේ දවසක අහම්බෙන් ටොම්ට සමර්ව මුණ ගැසෙනවා.
තම නිවසේ උත්සවයක් වෙනුවෙන් සමර් ටොම්ට ආරාධනා කරනවා. ටොම් මෙයින් මුසපත් වෙනවා.
උද්යෝගිමත් වෙනවා. ටොම්ගේ ඇතුල් හද දැල්වෙන්නේ සමර්ව යළි දිනාගැනීමේ අරමුණෙන්. සමර්
යළි තමාට ආදරය කරාවිය යන අපේක්ෂාවෙන්.
නමුත්
ටොම්ට මුහුණ දෙන්නට සිදුවන්නේ බලාපොරොත්තු නොවන දෙයක්.
මේ
කතාව ඇතුලේ ආදරය පිළිබඳ යථාර්ථවාදී කතාවක් අසම්මත ආකෘතියක් ඇතුලේ ලස්සනට ගලපනවා.
ආදරය කියන්නේ මොකක්ද සම්බන්ධතා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට පිළිතුරකටත් වඩා ඒ
පිළිබඳ නැවත වටයකින් සිතන්න අපිව පොළඹවන ආකාරයේ නැවුම් සිනමා කෘතියක්

No comments:
Post a Comment