රජා
මං වහලා
ලංකාවෙ
විතරක් නෙමෙයි ලෝකෙම පවා නාට්‍ය කලාව ක්‍රමිකව පල්ලම් බහිමින් තියෙනව කියල පසුගිය
කාලෙ පුරාවටම හිති හිති තිබුනු නිසා නාට්‍ය පිටපතක් ලියන්න වගේම නාට්‍ය නරඹන්න
තිබුනු උනන්දුව පවා දන්නෙම නැතුව හිතෙන් ඉවත් වෙලා වගේ තිබුනා. කොහොම උනත් අවුරුදු
ගානකින් හිත හොල්ලන ආකාරයේ නාට්‍ය නිර්මානයක් දකින්න නොලැබීම ප්‍රේක්ශක අපේක්ශා
දුර්මුඛ කරවන බව නම් මම කාලාන්තරයක් තිස්සේ අත්වින්ද සත්‍යයක්.
මේ
රජා මං වහලා නාට්‍ය ගාල්ලට ආපු දෙවනි වතාව.පස්වරු 2.30 (පාසල් දර්ශනය) පලවෙනි
දර්ශනයෙදි උනත් සැලකිය යුතු නරඹන්නන් පිරිසක් අසුන්ගෙන හිටි බවක් ද පෙනුනා.
ආරම්භයේ ඉඳන්ම නාට්‍ය යේ අපට අත්දකින්න සිදුවෙන නැවුම් ආකෘතිය අපිව මොහොතකටවත්
නාට්‍යෙයන් වෙනතකට යන්න නොදී ඇඳ බැඳ තබා ගන්න තරමේ සමත් එකක්. ඇත්තෙන්ම ඒ ප්‍රේක්ශකාගාරයේ
සිටි බහුතරය උසස් පෙල වයසේ සිසු සිසුවියන් උනත් ඒ අය පවා මේ නිර්මානාත්මක උගුලේ
රසවත්ව පැටලැවී සිටි බවක් පෙනුනා.
නාට්‍යෙය්
ආකෘතිය කතන්දර කීමේ විදියක්. ඒ බව ආරම්භයේදීම නාට්‍යය ඇතුලෙන්ම අපව දැනුවත් කරනවා.
මෙතනදි කාට හරි හිතෙන්න පුලුවන් කාලාන්තරයක් තිස්සේ අපේ නාට්‍ය කලාව ආකෘතික
අත්හදාබැලීම් වලම ආකෘතිගත වෙලා නිසා මේකත් එවැනි අසාර්ථක උත්සාහයක් ද කියල. නමුත්
නාට්‍යකරුවා ඒ සියලු බාධක අපහසුවකින් තොරව ජයගන්නා බවක් මුල ඉඳන්ම දකින්න පුලුවන්.
මේ
නාට්‍යෙය් මම වැඩියෙන්ම කැමති මොකකටද කියල ඇහුවොත් ඒකට කියාගන්න තරම් හරි උත්තරයක්
එකපාරටම හිතාගන්න බැහැ. මම කැමති මේ ආකෘතියටද, නැත්නම් ඒ හරහා කියවෙන කතාවලට ද?
නැත්නම් ඒ ඒ අවස්ථා අපූර්ව රංග වින්‍යාසයක් මගින් ගෙනහැරපාන නිසාද? වේදිකා සැලසුමේ
ඇති අපූර්වය්තයට ද? සංගීතය භාවිත කර ඇති නැවුම් විලාසයට ද? අවසන් වශයෙන් මට කියන්න
පුලුවන් මේ සියලුම දේවල් කැටිවුනු අවසාන නිමවුම තමයි මාව මේ තරම් කැලඹුවේ. වැදගත්ම
කරුන මම ඉහත කී සියල්ල හොඳින් බද්ධ වී මැස්මක් නොපෙනෙන තරම් සියුම් හුයකින්
ගෙත්තම් වී තිබීමත් කියල හිතෙනවා.
නාට්‍යෙය්
සියලුම නලු නිලියන් ප්‍රමානය පහයි, රංග භාන්ඩ වෙන්නෙ බැරල් කිහිපයක්. මතකයේ හැටියට
බැරල් 8ක් පමන. නාට්‍ය ඇතුලේ මේ බැරල් ඕනෑම දෙයක් බවට පත් වෙනවා. අශ්වයෙක්, ලොකු
කන්දක්, රාජාසනයක්, තැබෑරුමක්, ඇතෙක්, ටැප් කනුවක් ආදී විදියට බොහෝ ස්ථාන නිර්මානය
වෙන්න මේ බැරල් පාවිච්චි වෙන විදියනම් පුදුම හිතෙන තරම්ම නිර්මානාත්මකයි. ඒ වගේම
ඒක වෙනමම රසයක් ජනික කරවන්නකුත් වෙනවා.
නලු
නිලියන් පවා එහෙමයි. කතන්දරය කියමින් සිටින නිලියම එක පාරටම ඒ චරිතයට පන පොවනවා.
සැනකින් ඇය සාලුවක් පොරවාගෙන වෙනත් චරිතයකට මාරු වෙනවා. නලුවෙක්ට ස්ථිරවම එක චරිතයක් භාර දීල නැහැ. එක
වෙලාවක රජතුමාට රඟ දැක්වූ නලුවාම එම රජාගේ වහලාට ද රඟනවා. වහලාට රඟ දැක්වූ නලුවා
තවත් වෙලාවක රජාට රඟදක්වනවා. නාට්‍ය ඇතුලේ මේක තේමාත්මක සංකීර්න පටලැවිල්ලකුත්
වෙනවා. දුටුගැමුනු එලාර සටනට පන පොවන්නේ නිලියන් දෙදෙනෙක්. මෙවැනි රසවත් වගේම
අර්ථවත් දේ හැම අවස්ථාවක් වෙනුවෙන්ම නාට්‍යකරුවා සූක්ශමව භාවිතාකරන විදියයි
විශිශ්ට වෙන්නෙ. ඔහු ඒ ආකෘතිය ඇතුලේ හැම තැනකම නිදහසේ සෙල්ලම් කරන බව පැහැදිලියි.
විශෙශයෙන්
මේ නාට්‍ය ඇතුලේ සංගීතය යොදාගනිපු ඒ වෙනස්ම විලාසිතාව ගැන නොකියත් බැහැ. සංගීතය
ශිල්පියත් මෙහි චරිතයක්. නැත්නම් ඒ චරිතය ඒ ඒ මොහොත වෙනුවෙන් සංගීතය සපයනවා.
ගිටාරයක් සහ බැරල් වලට අතින් හා ලී කෑලි වලින් තලමින් නිපදවන හඩ මුලු නාට්‍ය පුරාම
මවන සංධ්වනියත් මේ නාට්‍යෙය් රසාලිප්ත බවේ රහසට මුල් වන හේතුවක්.
ඒ
වගේම පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ කුඩා විවේකයක්වත් නොගෙන මේ නලු නිලියන් පස්
දෙනාම එක විදියටම වෙහෙසෙනවා. කිසිම භේදයකින් තොරව මේ අය බැරල් පෙරලනවා. ඒ ඒ
අවස්ථාවට උචිත විදියට බැරල් භාවිතා කරනවා. ඒ කිසි දෙයක් නිර්මානය කරන බවට වෙනම
කැපිල නොපෙනෙන විදියට අවස්ථා වේදිකාව මත නිමවෙනවා.
මං
හිතන්නෙ මෙවැනි මනරම් නාට්‍ය අත්දැකීමක් නාට්‍ය රසිකයන්ට නරඹන්න වෙන්නෙ ඉතාම
කලාතුරකින්. සත්තකින්ම මේ පිටුපස දැවැන්ත කැපකිරීමක් ඇති. ඒ වෙනුවෙන් ඒ සමස්ථ
පද්ධතියටම මගේ ගෞරවනීය ප්‍රනාමය කලා කවුලුවෙන් පුදකරන ගමන් මේ නාට්‍ය තවමත් නරඹා
නැතිනම් නාට්‍ය කලා හිතැති හැමෝටම පනිවිඩේ
දෙන්නෙ ඉක්මනින්ම ගිහින් මේ මනරම් අවස්ථාව උදාකරගන්න කියල කියන ගමන්මයි.
නාට්‍ය
පිටපත වගේම අධ්‍යක්ශනයත් චාමික හත්ලහවත්තගෙන්
නලු
නිලියන්
සනත්
විමලසිරි
තෙරුනි
ආශංසා
සරත්
කරුනාරත්න
උමයංගනා
වික්‍රමසිංහ
තිලංක
ගමගේ