තල්ලු කරන්න
එපා. ඔරුව යන තැනට යයි....
ක්ලැරා
වෙනස් විදියට
ගලා යන කතාවක්. සත්‍ය ඇසුරින් නිර්මිත ප්‍රබන්ධයක්. කතා නායකයා කවුරුත් හදුනන ගායන
ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයි.
ක්ලැරන්ස්ගේ
ජීවිතය, එය ගලා ගිය ආකාරය පිලිබඳ ගවේශනයක් කරනවාට වඩා ක්ලැරන්ස් සතුව තිබූ සංගීත
ඥානය මෙන්ම ඔහුගේ භාවිතාව පිලිබඳ ඔහුම දරන මතය පිලිබඳ සාවධාන වීමටයි කතුවරයා
මෙහිදී උත්සාහ ගන්නේ. සමකාලීන ලෝක සංගීත, සාහිත්‍ය පිලිබඳ තතු මෙන්ම ලංකාවේ සංගීතය
ස්ථානගත වී ඇති ආකාරය සහ එතෙක් ඔහු එහි
දකින අර්බුදය ගැන වටිනා හෙලිදරව් කරන්නට කතුවරයා සමත් වෙනවා. විශේෂයෙක් කෘතියේ මැද
හරියේ සිට ගොඩනැගෙන කථකයා සහ ක්ලැරා අතර මතු කරන සංවාද කෘතියට ආලෝකයක් සපයන බවයි
පෙනෙන්නේ.
ක්ලැරා - ඔයාට
කියන්ඩ ද? ඔය ගැන මම අවබෝධ කරගත්ත සත්‍යයක් තියෙනවා. අනයොන්‍ය පැවැත්මෙන් තමා
දැනුම බිහි වෙන්නේ. ගනුදෙනු කළ නොහැකි දැනුම අසත්‍යක්.
ක්ලැරා- යුග
පුරුෂයන් යයි හඳුන්වන අපේ සම්භාව්‍ය ගාන්ධර්වයින් බොහෝ දෙනා සිටින තැනට මට යන්න
බැහැ. මට එතන ඉන්න බැහැ. මං වෙනස්. මම සිතන දැනුම මාව වෙන තැනකට අරන් යන්නෙ. ඔවුන්
හා මං අතර පරතරය දිනෙන් දින විශාල වන බවක් මට හැඟෙනවා. නව දැනුම් මාර්ග පුද්ගලයින්
එක් කරනවා වගේම දුරස් කරනවා. වෙන් කරනවා නේද? ඒක නව දැනුම් ලෝකයේ ඛේදවාචකයක් තමයි.
(209 පිටුව)
............................
මම - ඔබට
සංගීත අහසකම පාවෙමින් ඉන්ඩ පුලුවන් ද?
ක්ලැරා - ඇයි
ඔබ ජීවිතය පොලොවේ ඇසින් බලන්නේ?
ක්ලැරාගේ
මුවින් දක්වන මෙවැනි අදහස් සත්‍ය හා ප්‍රබන්ධය අතර තැනක ස්ථානගත වෙනවා. ලංකාවේ
සංගීතය, සංගීත විචාරකයන් ගීතය කෙරෙහි හෙලන දෘශ්ටිය ගැන කෙරෙන සංවාදය සංගීතය
හදාරන්නන්ට පවා වැදගත් එකක්. ක්ලැරා නිරන්තරයෙන් සොයන්නේ වෙනස් මගක්. පොදු ජනයාට
සමීප විය හැකි ප්‍රවේශයක්. පොදු ජනයාගේ වේදිතයන් ගැන සවිඥානික වීමක් ඔහුට අවශ්‍ය
වන බවත්, ඔහු ලාංකීය සංගීතය නව මාවතකය ගැනීමක කල නිහඩ අරගලයත් මේ සංවාද හරහා මතු
කරනවා. මෙය පොදු ජනයාගේ ස්නායු වලටම ආමන්ත්‍රනය කරන ගී ආරක් සොයමන් කරන ගමනක් බව
පෙනෙනවා. එබැවින්ම කතුවරයා කරුනු හොඳින්
තොරා බේරාගෙන සිදුකරන නිබන්ධනයක් බව සිතෙනවා.
ක්ලැරා - සම්පූර්නයෙන්ම
නොවෙයි. මම කලේ මට කළ හැකි කොටසයි. ඉන් එහාට පාරක් මට පෙනුනෙ නැහැ. එය පෙනුනෙ
කේමදාසට. මම හිතන්නෙ මම හිටියෙ ප්‍රෙස්ලි ජිම් රීව්ස් සිටිය තැන වගේ තැනක.
බීට්ල්ස්ලා ගිය ගැඹූරට මං සේන්දු වෙලා නැහැ. (202 පිටුව)
ක්ලැරා -
සිංදුවල වචන සැමාන්‍ය මිනිස්සුන්ගෙ භාෂාවෙන් ඈත් කිරීම භයානකයි. කලාවත් ජනතාවත්
අතර දුරස් වීමක් සිද්ධ වෙන්නෙ එතැනින්. පොප් ගී වල ඇත්තේ හැඟීම් භාෂාවක්. ඒවා
මිනිසුන් එකතු කරන බලයකින් යුක්තයි. එය කලු සුදු දෙලොවම යා කල සැටි පුදුමයි. (163
පිටුව)
අවසානයේ කෘතිය
කියවන පාඨකයාට ලංකාවේ සංගීතයේ දිශානතිය සම්බනයෙන් මෙන්ම කලාකරුවෙකුගේ භාවිතයන්
පිලිබඳ ඔහුගේ මතවාදය කේන්ද්‍ර වන අයුරු ආදිය ගැන යලි යලි සිතන්නට හැකි දොරක් ද
විවර වෙනවා. ක්ලැරන්ස් යනු ගිටාරයක් ගෙන සරල පද රචනාවකට ගී ගැයූ තවත් එක් ගායකයෙක්
පමනක්ම නොව තව භාවිතයන් පිලිබඳ නිරන්තර ස්වයං අධ්‍යකින්, විවේචනයකින්, හැදෑරීමකින්
ගොඩනැගුණු කලා කරුවෙකු බවයි කතුවරයා
අනායාසයෙන් මතු කරන සත්‍ය වන්නේ.
මම කියවපු වෙනස් ආරක නවමු කතාවක්. ඒත් කතුවරයෙකුට තියෙන අයිතය මොකක්ද මම ලියන්නෙ නවකතාවක් කියන්න. ? ඒත් නවකතාවක් නොවන්නෙ කුමක්ද? යන්න ගැටලුවක්.
ReplyDeleteඒත් මේකෙ විදියට මම ආසයි. රසවත් පෙතෙක්. නිකංම නිකං ජීවිත සරල ගි කියන මිනිහෙක් වගේ හිතුමතේට ජීවිත අත්හැරල දාන්න බෑ කියල මෙකෙන් පේනව. බේකරියෙ කට්ටියට මේ පොත අරන් දෙමුද?