මේ මගේ සඳයි
බලන්න ඉතා ආසාවෙන් ඉන්න පැරනි සිංහල චිත්‍රපට
කිහිපයක්ම ලැයිස්තුවක් විදියට හිතේ තියෙනවා.(නිද. පාරදිගේ, නිම් වලල්ල,වැලි කතර,
හාරලක්ශෙ, කලුදියදහර, දෙලොවක් අතර වගේ ඒව) ඉන් එකක්වත් තාම බලන්න හම්බ උනේ නෑ.
අනාගතයේදි බලන්න ලැබෙයිද දන්නෙත් නෑ.
පැරනි සිංහල චිත්‍රපට බොහොමයක නම් පමනක් අසන්න ලැබීම නූතන පරම්පරාවෙ අභාග්‍යයක්
ද මන්දා. නූතන තාක්ශනික යුගයක වෙලත් ඇයි එවැනි චිත්‍රපටි බොහොමයක් තවමත්
අන්තර්ජාලයෙන් හොයාගන්න බැරි වෙන්නෙ. සිනමාවට වඩා පැරනි තාක්ශනය සමඟත් එතරම්
සම්බන්ධයක් නැති සාහිත්‍යෙය්දි නම් තත්වය ඔයිට වෙනස්. පරන පොතක් නම් අවම වශයෙන් ඒක මුද්‍රන
කිහිපවාරයක් සිදුවෙලා හරි පාඨකය සොයාගෙන එනවා. නැත්නම් පුස්තකාලෙකින් පවා එකක්
හොයාගන්න අසීරු නැහැ. නමුත් සිංහල චිත්‍රපට සම්බන්දයෙන් නම් තත්වය හාත්පසින්ම
වෙනස්. පරන සිංහල චිත්‍රපට ඇතැම්විට 90 දශකයේ සිනමා නිර්මාන පවා හොයාගන්න එක ලේසි
නැහැ. ඒකට නිශ්චිත, ප්‍රේක්ශකයාට මිත්‍රශීලී ක්‍රමවේදයක් අපේ සිනමා කර්මාන්තය ඇතුලෙ තවමත්
ගොඩනැංවිලා නැතුව ඇති. ටොරාන එකෙන් සමහර චිත්‍රපට ගන්න පුලුවන් බව ආරංචි උනත් දීප ව්‍යාප්තව ඒව විකුනන ක්‍රමවේදයක් තියෙනවද කියන්න නම් දන්නෙ නෑ.
කලින් කිව්වත් වගේ මේ මගේ සඳයි චිත්‍රපටය
බලන්න ඉතා ආසාවෙන් හිටියත් තාම බලන්න
අවස්ථාවක් උදා උනේ නෑ. දන්න විදියට මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2000දී. තිර පිටපත
දෙතුන් වතාවක් කියවන්න අවස්ථාව ලැබුනු නිසා ඒක බලන්න තියෙන ඇල්ම තව තවත් වර්ධනය
උනා. පිටපත කියවද්දිත් හිතෙන්නෙ මේක
වෙනස්ම ශෛලියකින් සැකසුනු එකක් විය හැකි බවයි. මේ කෙටිම කෙටි සටහන චිත්‍රපටය ගැනම
නෙමෙයි උනත් මේ ඒ ගැන නෙමෙයිත් නෙමෙයි. අශෝක හඳගම තිරපිටපත සහිත කෘතියේ පෙරවදන
සරසන්නෙ අලුත්ම අදහස් මුසුවක් ඊට එක් කරමින්. ඇත්තෙන්ම ඒක හරිම අව්‍යාජ වගේම අවංක
ප්‍රෙව්ශයක් කියලයි මට හිතෙන්නෙ. පහතින් දැක්වෙන්නෙ ඒ පෙරවදන.
ඉස්සර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ
කාලාවේ පරමාර්ථ සම්බන්ධව අපට විවිධ අර්ත දැක්වීම් තිබුණා. ඔබේ කෘතියේ අරමුණ
කුමක්දැයි අහන ප්‍රශ්නයකට අපට තිබුණේ ‘ජනතාව’, ‘පන්ති අරගලය’, ‘පෝෂණය’ වගේ ගාම්භිර
උත්තර. ඒත් අද මට දැනෙන්නේ ඒවා බොහෝම රොමෑන්ටික් කතා හැටියට.
කෘතියක අරමුණ විය යුත්තේ කෘතියමයි. කලාකරුවෙකුගේ
අභිප්‍රාය විය යුත්තේ පරිනත කෘතියක් නිර්මාණය කිරීමයි. පරිණත කෘතියක් සමාජයක
චින්තන ප්‍රවාහය කැළඹිමකට ලක් කරනවා. ඇතැම් විට එහි දිශානතිය වෙනස් කරනවා. කෘතියක්
සමාජ සංවර්ධනයට උර දෙන්නේ එහෙම.
කෘතියක් නිර්මාණයේ දී මා කරන්නේ මාවම ප්‍රශ්න
කර ගැනීම. කෘතිය එළිදැක්වුණාම තමා ප්‍රශ්න කිරීම සමාජය ප්‍රශ්න කිරීමක් බවට පත්
වෙනවා. නොඑසේනම් තමා තමා සමඟම කරන සංවාදය සමාජගත වෙනවා. සංවේදී සමාජයක් නම් ඊට ප්‍රතිචාර
දක්වනවා.
විවිධ ප්‍රෙවේශයන් ඔස්සේ මේ මගේ සඳයි කෘතිය
කියනේනට ගත් උත්සාහයන් කිහිපයක් සමඟ කෘතියේ පිටපත මුද්‍රණය කරන්නට ගත් තීරණයට මගේ
මනපය පළකෙරුනේ එකී ප්‍රතිචාර සුරැකිව තැබීම අනාගතයේ විමර්ශනය සඳහා වැදගත් වේ යයි
හැඟුන නිසා. සංසන්දනාත්මකව මෙකී අදහස් නැවත සලකා බැලීමකට එමගින් ඉඩ සැලසෙනු ඇති.
පෙරවදන
‘මේ මගේ සඳයි’
අශෝක හඳගම
සංහිඳ ප්‍රකාශන