කිම් කි දුක් - 3 Iron
නිහඩ චිත්‍රපටයක්. මුලුමනින්ම නැතත් ප්‍රධාන චරිත
කිහිපයක්ම චිත්‍රපටය තුල අදහස් හුවමාරු කරගන්නෙ නැහැ. ප්‍රධාන චරිතය හිමි තරුනයා
අපූරු ජීවන රටාවකට හුරු වූ අයෙක්. නිවැසියන් බැහැර ගොස් සිටින නිවෙස්වලට හොර රහසේ
රිංගන ඔහු නිවැසියන් යලි එනතෙක් කාලය තුල එහි වාසය කරනවා. නැත්නම් ඒ කෙටි කාලසීමාව
තුල තමන්ගේම නිවසක් ලෙස එහි භාන්ඩ පරිහරනය කරනවා. වෙසෙනවා. වැදගත්ම දේ ඔහු එහි
වටිනා කිසිවක්ම සොරකම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ඒ නිවෙස්වල අක්‍රීය වූ හෝ ක්‍රියා
විරහිත වූ භාන්ඩ සකසනවා. නිවැසියන්ගේ රෙදි ආදිය සෝදා තබනවා. මෙවැනි පුදුම සහගන
ජීවන චර්යාවේ එක්තරා දිනයකදී ඔහුට ඇය මුනගැසෙනවා. ඇය ගෘහස්ථ ප්රචන්ඩත්වයට හසුවූ
කාන්තාවක්. ඔහු හමුවීමෙන් පසුව මේ තරුනයාගේ චාරිකාව මොන ආකාරයේ වෙනස්කම් වලට
ලක්වේවිද? ඔහුත් ඇයත් අතර නිහඩ බැඳියාව කවර අන්තයක් වෙත ගලාගෙන යාවිද? 3 Iron චිත්‍රපටය
පුරාවට කවියක් වගේ අපිව චමත්කාර ලෝකයකට කැඳවාගෙන යන්න කිම් කි දුක් සමත් වෙනවා.
කිම් කී ඩුක් තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා. කොරියානු
චිත්රපටකරුවෙක්. මේ සිනමා නිර්මානය විතරක් නෙමෙයි ඔහුගේ සියලුම චිත්‍රපට ඔහුටම
අනන්‍ය වූ මාවතක ගමන් කරන වෙනස්ම මාදිලියේ ඒවායි. පොදු සමානතාවක් විදියට චිත්‍රපට
කිහිපයකම චරිතයක් හෝ චරිත කිහිපයක් නිහඬ චරිත ලෙස ක්‍රියාකරන බව දකින්න පුලුවන්.
වරක් මේ පිලිබඳ කිම් කී දුක් ගෙන් ඇසූ විට ඔහු ඒ සඳහා කදිම පිලිතුරක් ලබා දෙනවා. ඒ
මෙසේයි.
මට
නිහඬතාවය යන්න අවකාශයක්. The
Isle
චිත්‍රපටයේ තිබෙන්නේ වචන කිහිපයයි. එහි නිහඬතාව කතා කරනවා. මට පෙම්වතියක් සිටින
බවට උපකල්පනය කරන්න. අපේ හමුවීමේදී මම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. නමුත් මම ඇයට
ආදරෙයි. මට හිතෙනවා එවැනි ත්වයක් වචනවල අන්තයක් බවad Guy හි Han-giගේ නිහඬතාව ඔහුගේ අවංකභාවය පිලිබඳ සංඥාවක්. තිරරචනයේ
ඔහුට තිබුනු වචන අපි පුහුනුවීම් වලදී ඉවත් කලා. The Isle චිත්‍රපටයේත් එසේමයි. මට පැහැදිලි උනා ඔවුන්ගේ
නිහඬතාව වචන වලට වඩා කොච්චර ප්‍රබලද කියා.
මිනිසුන්
ඇතුලතින් දරුනු ලෙස තුවාල වුනහම ඔවුනු වැඩිය කතා කරන්නේ නැහැ. ඔවුන් අනෙක්
මිනිසුන් මත තැබූ විස්වාසයන් ඔවුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් කඩ වී තිබෙනවා.
මිනිස්සු ආදරෙයි කිව්වට එහි අරුත ප්‍රකාශය තුල අරමුනු කර නැහැ.
-කිම් කි-දුක්-
කොරියානු සිනමාව සහ කිම් කී දුක් ගේ සිනමාරූප
සංජීව පුශ්පකුමාර
මුලින් සඳහන් කලාක් මෙන් කිම් කී ඩුක්ගේ සිනමා
නිර්මාන අතරින් සහ මෙතෙක් මා නරඹා ඇති සිනමා නිර්මාන අතරින් අමතක කල නොහැකි චිත්‍රපටයක්
ලෙස 3 Iron
චිත්‍රපටය සඳහන් කරන්න පුලුවන්. ඒ ඒ චරිත අතර
බන්ධනය නිහඬතාවය හරහා රොමාන්තික ලෝකයක් විවර කරන අතරේම ප්‍රේමය පිලිබඳ නව අර්ථකතන
සපයන්නටත් සමත් වෙනවා. හැමදාම කියනවා වගේ වැඩි වැඩි විස්තර වචනයෙන් සඳහන් කිරීමත්
අසීරු සහ දුශ්කර කාර්යයක්. හොඳම දේ නිර්මානය හා දොඩමලු වීමයි. මේ ලියමන ඒ සඳහා
සුලු පෙලඹවීමක් පමනයි.
No comments:
Post a Comment