හින්දි
මීඩියම් සිංහලෙන්
හින්දි
මීඩියම් හැම අතකින්ම සිංහල මීඩියම් අපිට වැදගත් චිත්‍රපටයක්. මුලින්ම මේ චිත්‍රපටිය
තුල කතා හය වෙන තේමාත්මකය ගත්තොත් ඒක මේ කාලසීමාව තුල අපේ රටේ ධාවනය වන ප්‍රධානතම
ඉසව් වලින් මූලිකම එක යයි පිලිගන්න පුලුවන් මට්ටමේ එකක්.
පලමු
වසරට දරුවන් ඇතුලත් කරගැනීමේ තරඟය.හින්දි
මීඩියම් තුල කතිකා වෙන මූලිකම කතා සාරය මේකයි.
පන්ති භේදයකින් තොරව සමාජයේ සෑම
පවුලක් තුලම මේ තරඟයේ තරංග මාලා සෙලවීමටවත් නොහැකි පරිද්දෙන් ගෙල මුල දක්වාම සිරවී
තිබෙන අන්දම හාස්‍ය මුසු සිනමා බසකින් ඉදිරිපත් කිරීමට හැකිවීමම අගය කල යුතු එකක්.
මේ තේමාව ලංකාවට තොකරම්ම ලඟද කියන එකත් එක්ක චිත්‍රපටිය අපේ කරගන්න අපිට තියෙන ඉඩ
කඩ පුලුල් වෙන බවයි මට හිතෙන්නෙ.
තේමාත්මක
කතන්දර වගේ දේවල් හැරුනු විට මට හැඟෙන වැදගත්ම කාරනාව තියෙන්නෙ මේ සිනමා විලසයේයි.
මෙවැනි ආකාරයේ සමාජ නිරූපන තේමාවක් ඉදිරිපත් කිරීමේදී සහ එය පොදු සිනමා රසිකායා හා
සම්බන්ධ කරගැනීමේදී හින්දි මීඩියම් සිනමාකරුවන් සිංහල මීඩියම් සිනමාකරුවන්ට වඩා
සෑහෙන ඉදිරියෙන් ඉන්න බවයි මට නම් හිතෙන්නෙ. මොකද මේ වගේ තේමාවක් සිංහල මීඩියම්
නිසමා කරුවෙක්ගෙ අතින් නිර්මානය උනානම් ඒක වෙනවා ඇත්තෙ දරුවන් පාසලට ඇතුලත් කරන්නට
මගඩි වැඩ කරන පන්තිය දෙස විවේචනාත්මක දෘශ්ටියකින් යුතු සම්භාව්‍ය උපමා රූපක, සංකේත
වලින් පිරුනු පොදු සිනමා රසිකයාට තබා දියුනු සිනමා රසිකයන්ටවත් රසවිඳින්න බැරි
මොකක්දෝ අසම්භාව්‍ය බරකින් පිරුනු එකක් විදියටයි. හින්දි මීඩියම් සිනමා කරුවා ජය
ගන්නේ මෙතනදී කියලයි මට නම් හිතෙන්නෙ.
මොකද
ඔහු භාවිතා කරන්නෙ ඉතා සරල හාස්‍ය පිරුනු විලාසයක්. ඒ හාස්‍යය ඇතුලෙන් ඔහු කතාව
සමාජයේ නොයෙක් තල ස්පර්ශ කරමින් සුන්දරව ගලා යාමට සලස්සනවා. ඒ නිසාම අපට මේ ක්රියාවේ
යෙදෙන පවුල කෙරෙහි ඇතිවන්නේ වෛරයක් හෝ තරහක් නෙමෙයි. ඒක අනුකම්පාවකුත්, දුකකුත්
නෙමෙයි. නමුත් මේ සියල්ලේම එකතුවක්. නිශ්චිතව කියන්න බැරි තරමට ඔවන් එක්ක එකඟ
වෙන්නත් ඔවුන්ව විචේචනව කරන්නත්, ඔවුන්ට හිනා වෙන්නත්, ඒ එක්කම ඒ හිනාවේ සැබෑ
අරුත් සිංහල මීඩියම් වලින් විමසා බලද්දී වේදනා විඳින්නත් අපට සිදු වෙනවා.
පලවෙනි
පන්තියට දරුවව ඇතුලත් කරගන්න දෙමව්පියන් නොකරන වැරුද්දකුත් නෑ. නොකන කට්ටකුත් නෑ.
නමුත් ඒ සියලු මගෝඩි වැඩවලට සමාජයේ උස්-පහත් හැමෝම එක විදියටම පෙලඹෙන්න තරම් මේ
වරදෙ නාබිය තියෙන්නෙ කොයි ඉසව්වක වෙන්න පුලුවන්ද? ඒක එහෙම තරඟයට පනින දෙමව්පියන්ගෙ
සහජ වැරැද්දක්ද? මේ සමාජ -දේශපානය ක්‍රමය සැලසිලා තියෙන විදියෙ උරුම කරුමයක් මත
සිදුවන්නක්ද?
මුලු
කතා පුවතම ජනප්‍රිය බොලිවුඩ් සිනමා ශෛලිය අනූව කෙරුනත් ඒ හාස්‍ය තුල ගෙනෙන යථාර්ථය
අතින් එය පිම්මක් ඉදිරියට පැන තිබෙනවා. චිත්‍රපටයේ අවසානය ඊටත් වඩා වෙනත් කොනයක්
ගත්තානම් හොඳ බව සිතුනත් සමස්ත කතාවෙන් ගොඩනඟන සාර්ථකත්වය හා සන්සන්දනය කරද්දී ඒක
එතරම් තැකියයුතු කරුනකුත් නෙමෙයි.Irfan
Khan ප්‍රධාන චරිතය නිරූපනය කරන මේ චිත්‍රපටය SaketChaudharyගේ අධ්‍යක්ශනයක්.
No comments:
Post a Comment