වෙලාව පාන්දර දෙකයි. මං අවදි උනේ කීයටද. එකට කිට්ටු වෙලාවක. පෙරලි පෙරලි නින්ද හොය හොයා කොට්ටෙ බදාගත්තට නින්ද අහලකවත් නෑ.
සමහර විට මං එහෙම මැසේජ් නොකලනම් හරි.
එහෙම දෙයක් කියපු එකෙන් එයා මෙහෙම හිතන්න ඇති. ඒකයි ආයෙම මට රිප්ලයි නොකලෙ.
අපරාදෙ මට කෝල් එකක් අරං කතාකරන්න තිබිලත් නිකං මැසේජ් දැම්මෙ. මං මහ
බූරුවෙක්.
ඔහොම කෙලවරක් නැති වැල් වටාරං ගොඩක් මගේ ඔලුව ඇතුලෙ වොශින් මැශින් එකක රෙදි වගේ කැරකෙමින් ඇඹරුන් මගේ නින්ද අහුරනවා.
කසුන් එහා ඇඳේ නිදි. ගෙරවිල්ලක් නොවුනත් හුස්ම හෙලන හඬ සද්දෙට ඇහෙනවා.
මං ඇඳෙන් නැගිට්ටා. එලියට ගිහින් චූ දාල වතුර එකක් බීල ඇවිත් ආයෙ ඇඳේ පෙරලුනා.
ආයෙම
අර පුරුදු සිතිවිලි කැලැත්තුම මගේ ඔලුව විකාර කරනවා. නන්නත්තාර සිතුවිලි
හිතට ඇතුල් වෙන්නෙ අපිටත් හොරෙන්. නැත්නම් අපිව රවට්ටගෙනම ඒක ඇතුලට කඩා
පනිනවා.
ඊයෙ රෑත් මට තුනට විතර ඇහැරුනා. දවල් ෆැකල්ටිය ගියත් ඔලුවෙ බරගතිය ගියේ නෑ හවස හතර විතර වෙනකං.
මට
හිතෙනවා කසුන් ඇහැරවලා මේ ඔක්කොම මනස්ගාත ටික ඌට කියන්න. ඒත් මං දන්නවා ඒක කිසිම
ප්‍රයෝගික වැඩක් නෙමෙයි. අනික කසුන් ඕව දිහා බලන්නෙ හරිම තාර්කික හරි
මැදිහත් හරි ලෙවල් එකකින්. මට ඒක මෙතනදි කොහෙත්තම වැඩක් නැහැ.
හිත
හදාගනන්න, මං හිතේ බර යනකං කියවන එක අහගෙන ඉන්න දැන් මට ඕන පූර්න වශයෙන්
මට පක්ශග්‍රාහී යාලුවෙක්. මං කරපු දේ, කියපු දේවල් වැරදි නෑ කියල මාත් එක්ක
හයියට හිටගන්න කවුරුහරි.
නැත්නම් මං හිතන්න මට ගොඩයන්න
කොහෙත්තම බැරිවෙයි. මෙච්චරක්කල් මං මොනවද කලේ? ඇත්තම මගේ වැරදි ටික ලඟම
යාලුවන්ට කියල දැම්ම එක. කොහොමත්ම මෙතනදි මං ක්‍රියා කර විදිහ අන්තිම
සවුත්තුයි තමයි. ඒත් ඒ සවුත්තුබව නිසාම මං දැං ඉන්නෙ අවුලක නම් ඒ අඳුරු
අගාධයෙන් ගොඩ එන්න මට අත දෙන්න ඉන්න ඕන මගේ පැත්තෙ ඉඳන් හිතන මතන කෙනෙක් නෙමෙයිද?
ඒකට මේ යාලුවො. උඹට තිබුනෙ එහෙම නොකිය ඉන්න. එහෙම නොකර ඉන්න. මං අච්චර කිව්වනෙ. උඹෙත් පඬිකම.
ඕව අහද්දි එන්න එන්නම මං මේ ගොහොරුවෙම එරෙනවා. මට කවද හරියාකාර නින්දක් තියේවිද?
ෆේස්බුක්
ගියා. ඒක පාලු සොහොන් පිට්ටෙන්නක් වගේ. ඔන්ලයින් එන්නව කියල කොලපාට ඩොට්
පෙන්නන උන්ට මැසේජ් කලත් හා හූවක් නෑ. කොල ඩොට් කියන්නෙ දැන් සිග්නල්
පෙන්නන උපාංගයක් වගේ දෙයක්.
මෙලෝ බල්ලෙක් නැතත් සින්දුවක්වත් නැද්ද මගේ හිත සනසන්න.
මේක නිරෝෂගෙ මං කැමතිම එක. කාලයක් මගේ ජාතික ගීය වෙලා තිබ්බ එක. මං නොදැනුවත්වම ආයෙ ඒ සින්දුව අහන්න පටන්ගෙන
මගෙන් මිදුනු ලොව ඔබට මිහිරිනම් එය සැපකී..
ඔබට ලංව දුක බොදාගන්න බැරිකම දුකකී
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී...
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී..
No comments:
Post a Comment