සමහර
සින්දු තියෙනවා මතකෙ නැවතිලා තියෙන්නෙම රූප රාමුවත් එක්කම.
මේකත්
එහෙව් එකක්.
අනිත්
විශේශත්වය ඒක ඒ සින්දුවටම අනන්‍ය වෙච්චි ඇත්තම රූප රාමුවත් නෙමෙයි. වෙන විදෙස්
චිත්‍රපටයක රූපරාමු ගනනාවක් එක්කාසු කරගත්තු එකක්. පසුබිමින් ඇහෙන්නෙ සිංහල
සින්දුව.
මං
මේ කතාව පටන්ගන්නෙ කොතනින්ද කියල හිතාගන්න බැරිවයි ඉන්නෙ. මුලින්ම චිතපටය ගැන
කියන්නම්.
ඇවටර්.
මේක
මම මුලින්ම බැලුවෙ පේරාදෙනියෙ ඒටී එකේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක. පුලුල් තිරයේ. එදා
ඉඳන් ඇවටර් මගේ හොඳම චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම තියෙනවා. ඒකට හේතු ගොන්නයි.
විශේශයෙන් ඒ අපූර්ව වික්‍රමය. යථා ලෝකෙ ඇතුලෙන් නින්දක් හරහා වෙනත් සිහින ලෝකෙක
හැබෑවක් විලාසයෙන් සිද්ධ වෙන කතාන්දරය. ආදරය, ත්‍රාසය, භීතිය, කුතුහලය ආදී හැම
රසයක්ම ඒක ඇතුලත ගොනු කරන්න පුලුවන් විස්මිත නිමැවුමක්. තාක්ශනය අතිනුත් අලුත් හා
වෙනස් පිම්මක්.
ඇවටර්
එකේ කොල/නිල් පාට වලිග සහිත මිනිසුන්ගෙ ලෝකයෙ ප්‍රධාන ගෑනු ලමයා. එයාගෙ විසාල ඇස් දෙක. එයා අලුත් පිරිමි ලමයට දක්වන දයාව,
ලෙන්ගතුකම මේ සියල්ල ඇතුලේ මගේ ඇතුලත පත්තු කරන මොකක්දෝ හැඟුම් කදම්බයක් තියෙනවා.
ගෑනු ලමයා පිරිමියට ගස් උඩ සමබරව ඇවිදින හැටි, සත්තු පිටේ යන හැටි සහ දඩයම් කරන
හැටි ආදී හැමකක්ම කියලදෙන්නෙ අර ආදරනීය ගනුදෙනු ඇසුරින්.
ඒ
ගැහැනු ලමයගෙ මූන මට තාමත් මැවෙන සුලු විදිහේ විරූපී සුන්දරත්වයක් සහිතයි.
ෆිල්ම් එක බලන්න අක්කත් මගේ ලඟින් හිටියනම් මොකද
කියල මට හිතුනු වාර අනන්තයි. ෆිල්ම් එකක් සම්බන්ධව මට මෙහෙම තදට හිතිච්ච දෙවනි
වතාව. පලවෙනි එක ජැපනීස් වයිෆ්. ඒකත් ෆිල්ම් එකක් නෙමෙයි. හැඟුම් සමුදායක්.
කොහොම නමුත් අක්කට මේ ෆිල්ම් එක මුනගස්සන්න අහම්බ
සම්බන්ධයක් මාස ගානකට පස්සෙ අන්තර්ජාලය අස්සෙ ඇමිනිලා තිබ්බා.
අහන් ඉන්න අහගෙන ඉන්න සින්දුවට ඇවටර් එකේ රූප
රාමු දාල හදපු විශුවල් එක.
මම ඒ ලින්ක් එක අක්කට ඊමේල් කලා. සින්දුවේ වචන
පෙලකුත් එක්කම. සින්දුව ආපු මුල්ම මුල් කාලෙ. වැඩිය ප්‍රසිද්ධ නැති කාලෙ. ඒ කටහඬ, ඒ වචන, ඒ සංගීතය බොක්කටම වදින විදිහේ
එක්කාසුවක්. ඒ මනරම් එකතුවට අර විදිහේ ආත්ම බද්ධ රූපාවලියක් මටත් හොර රහසේ ගොනු
කලේ කවුද මන්දා. ඒ නන්නාඳුනන්නාට මගේ හදපිරි භක්ති ප්‍රනාමය පුද නොකර කොහොමද?
අක්කගෙන් ලින්ක් එකට ප්‍රතිචාරයක් නාවට හරියටම
දවස් දෙකකට පස්සේ අක්කගෙ නංගි ෆේස් බුක් එකේ ඒ සින්දුවේ, රූප රාමුවේ ලින්ක් එක දාල
තිබ්බා.
ලින්ක් එකට උඩින් අදහසකුත් ලියල තිබ්බා ඉංග්‍රීසියෙන්
. මට දැන් ඒ පද එහෙම්මම මතක නෑ. නමුත් ඒක මේ වගේ අදහසක් තමා දුන්නෙ.
ඔබේ ඇස්දෙක වහගන්න. දැන් මේ සින්දුව හදවත ස්පර්ශ
හැටි අහගෙන ඉන්න.
මම ලින්ක් එක ඕපන් කලා. ඇවටර් එකේ යුවල රූස්ස ගහක
අත්තක් දිගේ දුවගෙන යනවා. වරා මල් වගේ පන තියෙන මල්, ජෙලිෆිශ් මාලුවෙක් වගේ
අවකාශයේ දඟලනවා. ඒක ඉන්ද්‍රජාලික මනස්කාන්ත සිහින ලෝකයක්. ඇවටර් චිත්‍රපටයයි, ඒ
ආදර කතාවයි, සින්දුවයි, අක්කවයි හැම එකක්ම එකට පැටලෙන කැලතෙන හැඟීම් ජාලයක් ඇතුලෙ
මං චාරිකාවක යනවා.
සින්දුවක මං දැකපු හොඳම විශුවල් එක මේක. මේ එදා
මං අක්කට යවපු ඊමේල් එකේ පද හතර.
සිලි සිලියේ හමන සුලඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරුකැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි.
https://www.youtube.com/watch?v=HmekEBsz1Xg
No comments:
Post a Comment