ෆුල් ටයිම්
කලාව සහ වින්ස්ටන් වෑන්ගෝ
ඔවුන් සිතන්නේ චිත්‍ර ඇඳීම නිසා මා
උන්මත්තකයෙකු වූ බවයි. මම දන්නවා චිත්‍ර ශිල්පියෙකු තමා දකින දෙයින් කොයිතරම්
ආසක්ත වෙනවද කිව්වොත් ඔහුගේ ජීවිතයේ අනෙක් පැති සම්බන්ධයෙන් සාර්ථක නොවන බව. ඒත් ඒ
නිසා ඒ වගේ මිනිසෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? (553 පිටුව)
‘නිර්මානයේ මහා ශෝකය -
වින්සන්ට් වෑන්ගෝ’ නම් පරිවර්තන
කෘතිය (පරිවර්තනය - සුභා රනවීර) වෑන්ගෝ ගේ චරිතය අලලා අර්වින් ස්ටෝන් නැමැත්තා
විසින් ගවේශනාත්මකව ලියන ලද චරිතාපදානයක් යයි කිව හැකි නවකතාවක් බවයි මට හිතෙන්නේ. වෑන්ගෝ ගේ අවුරුදු
38ක් තරම් කෙටිකාලීන ජීවිතයේ සිදුවීම් ඇසුරින් ලියවෙන මේ පොතෙන් වෑන්ගෝ ගේ
ශෝකාන්තයට වඩා අපට පසක් වෙන්නේ නිර්මානකරුවෙක් ස්වකීය නිර්මාන උදෙසා කොයිතරම් නම්
අවංක කැපකිරීමක් කරනවා ද යන්නයි. ආරම්භයේ ඉඳන් අවසානය වන තෙක්ම වෑන්ගෝ චරිතය මෙම
නොනැසෙන ධෛර්යය ප්‍රකට කරවමින් මරණය වෙත ලඟා වෙනවා.
වෑන්ගෝට තමන් පතන අදරය හිමි වන්නේ නැහැ. තමන්
ආදරය කරන, ආදරය අයදින කෙල්ලන් විසින් ඔහුව නිර්දය ලෙස බැහැර කරනවා. පමා වී වුවත්
ඔහු එලඹෙන චිත්‍ර නිර්මාන කාර්යය උදෙසා පුරා දස අවුරුද්දක් ඔහු කරන අරගලය විටෙක
විස්මය දනවන සුලුයි. ඔහුට රැකියාවක්, වෙනත් අරමුනක්, බලාපොරොත්තුවක් නැහැ. පවුල්
ජීවිතයක්, ලිංගික ආශ්වාදයක්, ආදරයක් මේ හැම සංවේදනාත්මක හැඟීමක්ම ඔහුගේ චිත්‍ර
නිර්මානය කිරීමේ නොසිඳෙන ආශාව අභිමුව පරාජයට පත් වෙනවා. කොටින්ම කෑම, නවාතැන්, සුව
පහසුව හෝ නින්ද පවා ඔහුගේ මේ ආශාවට අභියෝග කරන්නේ නැහැ. කලාව වෙනුවෙන් ස්වකීය
නිර්මානාත්මක ගවේශනය හෝ සාර්ථකත්වයට පැමිනීමට කරන අනවරත අරගලය තමයි එක්තරා විදියකට
විස්මයානුකූල ශෝකයක් ජනිත කරවන්නේ. අවසාන කාලයේ දී ඒ කැපකිරීම කොතරම් දුර යනවාදැයි
කියනවානම් ඔහු ශාරීරික හා මානසික දුබලතාවන්ට පත් වෙනවා. එහෙත් වෑන්ගෝ තම සටන
අතහරන්නේ නැහැ.ඔහු ජීවිතය පවා තම කලාව වෙනුවෙන් කැප කරනවා. නැතනම් ඔහුට නොදැනුවත්වම
ජීවිතය ඔහු කෙරෙන් මරණය වෙතට මාරු වෙනවා. එතෙක් ඔහු කිසිවක් දන්නේ නැහැ. හාත්පස
මිනිසුන් පිස්සා යයි නම් පට බඳිද්දී ඔහුට විහිලු කරද්දී, හිනා වෙද්දී ඔහු කරන්නේ
ගිනි කන අවුවේ, දැඩි සුලං මධ්‍යයේ නොනවැතී සිතුවම් නිර්මානයේ යෙදීමයි. තම අත ඇති අන්තිම
සතය ද වියදම් වෙද්දී ඔහු කරන්නේ නොකා නොබී කුසගින්නේ උණ ගැනෙනතුරු නර්මාණකරනයේ නිරත
වීමයි. ඊට අවශ්‍ය කලමණා මිල දී ගැනීම යි. ජීවිතය අන්තයට ලඟා වන තුරු නිර්මාණ එක්ක
ජීවත් වීමයි. ඒ තුලම ව්‍යාකූලත්වයට පත් වීමයි. සාර්ථක වීමයි.වෑන්ගෝ ගේ චරිතය හෙලිදරව්
වන මෙම ප්‍රබන්ධය තුල ඔහුගේ ජීවිතය මොනතරම් ශෝකාන්තයක ගැලී විනාශ වනවාද කියන එකට
වඩා පාඨකයාව කලඹන්නේ මෙකී කැපකිරීමයි. නිර්මාන වෙනුවෙන් කරන අවංක වෙහෙසකර මෙහෙවරයි.
එතරම් ම විස්මිත කැපකිරීමකින් අනතරුව පවා තමා සාර්ථක ද යන ප්‍රශ්නයට පැහැදිලි
පිලිතුරුක් ඔහු ගේ ජීවිත කාලය තුල නොලැබීම තව දුරටත් ශෝකී බව තීව්‍ර කරනවා. තම
මරනය එක්කම වෑන්ගෝ අමරනීය වන්නේ ද ඒ තරමට ඔහු නිර්මාන වෙනුවෙන් නොනවතින සටන සටන
කෙදිනක හෝ ඵල දරන නිසායි.
ලංකාවේ දී කෙතැනකවත් කලාව ෆුල් ටයිම්
නොකෙරෙන බව මෑතක බූපති නලීන් කියන විචාරකය ලියල තිබුනු ලිපියකින් කියල තිබුන. ඇත්ත.
ලංකාවෙ බොහොමයක් නිර්මානකරුවො නිර්මාන කරන්නෙ පාට් ටයිම් එකක් විදියට. ඒක එක්තරා
ආකාරයකට සමාජ ක්‍රමයේ වරද. ෆුල් ටයිම් නිර්මානකරයේ යෙදීමට අවශ්‍ය මානසික නිදහස,
අවස්ථාව සමාජයෙන් නිර්මානකරුවන්ට විවර කරල දිල නැහැ. ඉඩදිල තියෙනවනම් ඒ ආර්ථික
උවමනාවන් පිරිමැසෙන වානිජ කලාවන් උදෙසායි. අනිත් අතට නිර්මානකරුවනුත් ඒ තැනට යන්න
සමත් නැහැ. ඔවුන් තම තමන්ගේම හුදකලා සටන්වලින් පරාජිතයො බවට පත් වෙලා අවසානයේ
පවුල් සංස්කෘතියේ ගොදුරක් බවට පත් වෙලා නතර වෙනවා. 17/18 වැනි සියවස්වල තරම් ඈත
කාලසීමවාල යුරෝපයේ ඒකට හොඳ සමාජ වටපිටාවක් සැකසිල තිබුනු බව වෑන්ගෝ කෘතියෙන් වක්‍රාකාරව
අපට පෙන්නල දෙන තවත් සත්‍යයක්. වෑන්ගෝ, ගොගෑන්, ආදී සමකාලීන නොයෙක් චිත්‍ර
ශිල්පින් නිරන්තර අරගලයක නිරතවන්නේ ඔවුන්ගේ නිර්මාන කාර්ය සඳහාමයි. ඒ වෙනුවෙන් සිය
ජීවිතයම කැපකරන නිර්මානකරුවන් රොත්තක් අතරේම තමයි වෑන්ගෝ ස්වකිය නිර්මානකරනයේ
යෙදෙන්නේ.
වෑන්ගෝට මුලු ජීවිත කාලය පුරාවටම මුදල්
ආයෝජනය කරන්නේ ඔහුගේ සහෝදරයා. නමුත් ජීවත්වන කාලසීමාව පුරාවට කිසිකෙනෙක් වෑන්ගෝ
සාර්ථක නිර්මානකරුවෙක් විදියට දකින්නේ නැහැ. අඩුම තරමින් වෑන්ගෝවත් එසේ දකින්නේ
නැති තරම්. ඒ කෙසේ නමුත් ඔහු නිර්මානකරනුයේ යෙදෙනවා. සහෝදරයාගේ ව්‍යාපාරයන් පවා
අභියෝගවලට ලක්වන මොහොතක පවා ඔහු සැලෙන්නේ නැහැ. පියවි ලෝකයට හිමි වන්නේ ඔහුගේ
දිවියේ දෙවැනි තැනක්. උදේ පාන්නර පටන් රාත්‍රී වනතුරු. මුලු ජීවිතයම ඔහු සිත්තම්
වෙනුවෙන් දියකර හරිනවා. තම ජිවිතය, ප්‍රානය පවා ඔහුගේ නිර්මානකරනය අභියස දෙවනි වන
ආකාරය පුදුමාකාරයි. අනෙක් අතට ඔහු නිර්මාන කරන්නේ සමාජ යථාර්ථයක්, මඟ පෙන්වීමක් හෝ
සමාජ කාර්යයකට උර දිමටමත් නොවෙයි. ඔහු මොකක් හෝ සොයාගෙන සොයාගෙන යනවා. ඉන් ඔහු
තෘප්තිමත් වන බවක් පෙනෙන්නට නැහැ. නමුත් ඒ තමයි උමතු වෙමින් මත් වෙන වෑන්ගෝගේ
ජීවිතය.
“දියමන්තියක් හෝ මුතු
කැටයක් සොයා ගැනීම තරම්ම ඉතා හොඳ චිත්‍රයක් නිර්මානය කිරීම දුෂ්කර බව මේ වන විට
ඔහු සොයාගෙන තිබුණි. ඔහු තමා සමඟ නොසතුටක් අත් විඳිමින් සිටිය ද තමාගේ චිත්‍ර කවදා
හෝ සාර්ථක වන බව ඔහු ගේ සිතෙහි බලාපොරොත්තුවක
ඡායා මාත්‍රයක් විය. සමහර විට එය බලාපොරොත්තුවක් පමණක් විය හැක. එහෙත් ඔහු
ජීවත්ව සිටින බව ඔහුට දැනුනේ සිය චිත්‍ර සමඟ අරගල කරන විට පමණි. පෞද්ගලික ජීවිතය
කියා දෙයක් ඔහුට හිමි වුයේ නැත. ඔහු මිනිසෙකු නොව ආහාර දියර වර්ග සායම් වැක්කෙරුනු
සම්පූර්ණ කැන්වසයක් ඉදිරියට පිට කරන චිත්‍ර යන්ත්‍රයක් මෙන් විය.
මෙය කුමක් සඳහා ද? අලෙවි සඳහා ද? සහතිකෙන් ම
නැත. තමාගේ චිත්‍ර මිළ දී ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නොවන බව ඔහු දැන සිටියේ ය. එසේ
නම් මේ කලබලය කුමක් ද? තමාගේ ඇඳ යට ගොඩගසා ඇති දිනෙන් දින ඊට තවත් එකතු වන චිත්‍ර
තොගයේ ඇති වදගත්කම කුමක් ද?
සාර්ථකත්වයට පත් වීමේ උවමනාව වින්ස්ටන්ගෙන්
ගිලිහී ගොස් තිබුණි. ඔහු වැඩ කලේ එසේ කළ යුතු නිසාය. තමා පෙලන මානසික වේදනාව අමතක
කළ හැක්කේ එයින් ම පමණි. ඔහුට භාර්යාවක්, දරුවන්, නිවසක් නැතිව ජීවත් විය හැකිය.
ඔහුට ආදරය,මිත්‍රත්වය සහ ශරීර සෞඛ්‍ය රහිතව ජීවත් විය හැක. ඔහුට ආරක්ෂාව, සුව
පහසුව සහ ආහාර නැතිව ජීවත් විය හැක. ඔහුට ඇදහීමට දෙවියෙකු පවා නැතිව ජීවත් විය
හැක. එහෙත් ඔහුට ආධ්‍යාත්මය ඉක්මවා යන යම් උත්තරීතර කාර්යයක් නැතිව ජීවත් විය
නොහැක. එය ඔහුගේ ජීවිතයයි. එනම් නිර්මාණ කිරීමට ශකතිය සහ හැකියාවයි. ” (465 පිටුව)
Interesting. I feel I want read the book asap.
ReplyDeleteKeep your writing up sumith..