සිංහලෙන්
ලියන්න බයද?
අන්තර්ජාලය
භාවිතා කරනවත් එක්කම සිංහල ලේඛන විදිය අලුත් මාවතක ගමන් කරනව කියල කිව්වොත් එක
අතකට ඒක වැරදි නැහැ. එහෙමත් නැත්නම් ලේඛනයේ ස්වභාවික වර්ධන විලාසය හොඳින් මතුවෙලා
පේන්නෙ අන්තර්ජාලය වගේ පොදු ජනයාට ඉක්මනින් සහ පහසුවෙන් සහභාගී විය හැකි මාධ්‍යයකදී
කියල අපිට කියන්න පුලුවන්. භාශා විශාරදයන්, භාශා විද්වතුන් මොන ආකාරයේ අන පනත්,
බාධක පමුනුවලා තිබුනත් අන්තර්ජාලයෙන් සිදුකෙරෙන සංවාද, ලිපි, සටහන් බොහොමයක්
ගලාගෙන යන්නේ පොදු මිනිසාට වඩාත් සමීප සරල කතාකරන විලාසයකින්. ඒක සංවිධානාත්මක කල්ලියක
සූක්ශම මෙහෙයවිමක ප්‍රතිඵලයක් නෙමෙයි. බටහිර
කුමන්ත්‍රනයකුත් නෙමෙයි. ඒක ස්වභාවිකයි. ඉබේ හට ගැනුනු එකක්. මේ වෙනකොට ෆේස් බුක්
වැනි සමාජ ජාලා වෙබ් අඩවිවල සිංහලෙන් ලියන බහුතරයක් පාවිච්චි කරන්නෙ මේ සරල වාක්‍ය
රටාව. කතා කරන භාශාව.
ඒ
කෙසේ නමුත් ලිඛිත භාශාවේ අධිකාරීත්වය අඩපන වෙලා කියලත් ඒකෙන් කියවෙන්නෙ නැහැ. අද
සිංහල උගන්වන පාසල්වලින් එලියට එන්නෙ ලේඛන ක්‍රමය ගැන මේ කෘතිම අදහස් බලහත්කාරයෙන්
මනසට ඇතුලත් වුනු ශිශ්‍ය බට කන්ඩායම්. ඒ අතින් මේ තරමට හෝ භාශාව ස්වභාවික මාවතක
ගමන් කිරීම ගැන පුදුම වෙන්න ඕන සහ සතුටු වෙන්න ඕන. අද සිංහල කියන්නෙ පාසල් සිසුන්ට වගේම
විශ්ව විද්‍යාල සිසුන්ටත් නම ඇසූ සැනින්ම බිය ඇතිකරන විශයක් බවට පත් වෙලා. ඒ වෙන
මොනවත් නිසා නෙමෙයි ව්‍යාකරන දුශ්කර නිසා. ව්‍යාකරන සංකීර්න නිසා.
පාසල්වල
සිංහල උගන්වන ගුරුවරයාගේ ප්‍රධාන වගකීම වෙලා තියෙන්නේ සමාජයේ අන් අය නොදන්න තමන්ම
විතරක්ම දන්නා මැහැඟි ව්‍යාකරන දැනුම සිසුන්ගේ පිලිතුරුවල තියේදැයි පරීක්ශා කිරීම.
මම කිව්වොත් මි යන්නෙන් අවසන් වෙනවද නුඹ කිව්වොත් හු යන්නෙන් අවසන් වෙනවද වගේ දේවල්
පරීක්ශා කරනවටයි උග්නනවටයි වැඩි දෙයක් සිංහල ගුරුවරයට නැහැ කියලයි ගුරුවරු හිතාගෙන
ඉන්නෙ. එක අතකට ගුරුවරයා විතරක් නෙමෙයි මුලු අධ්‍යාපන ක්‍රමයෙම අවුලක් තමයි මේක.
මම
නම් හිතන්නේ භාශාවක් හසුකරුවනව කියන්නෙ ඊට වඩා සරල සහ ආසාවෙන් කරන්න පුලුවන් දෙයක්
වෙන්න ඕන කියලයි. භාශාව සන්නිවේදන මාධ්‍යයක්. සන්නිවේදන මාධ්‍ය අතරින් වඩාත්ම
දියුනු තලයට පත් වූ එකක්. ලේඛනය කියන්නේ ඒකෙ දෘශ්‍ය ස්වරූපය. භාශාවේ ශබ්ද අපි
සම්මුතිකව පිලිගන්නා සංකේත රටාවක් මගින් ඉදිරිපත් කරල තියෙනවා. භාශාවක් වඩා හොඳින්
ප්‍රගුන කරනව කියල කියන්නේ ඒ භාශාවෙන් අපේ හැඟීම් සිතුවිලි අපිට වඩාත් සංවිධිතව සහ
ආකාර්ශනීය පිලිවෙලකින් අසන්නාට හෝ කියවන්නාට හොදින් වැටහෙන පරිදි ඉදිරිපත් කරන්න
හැකියාව ලැබෙනව කියන එකටයි. කරුනු ගොඩක් මනා පිලිවෙලකට ගැටගහග්න පුලුවන්ද කියන එකටයි.
ලේඛනයේදී ඒක කතාකරන භාශාවෙන් ද ලියන භාශාවෙන් ද කියල හොයල බලනවට වඩා කරුනු කොහොමද
පෙලගස්වල තියෙන්නෙ කියන එකයි වඩාත් වැදගත්.
නමුත්
අපේ ලොකු කුඩා බහුතරයක් සිංහලෙන් ලියන්න
බයයි. ලියන්න පුලුවන් උනත් හොඳ කරුනු තමන් සතු උනත් බය ඇතිවෙන්නෙ ඒක
කොයිතරම් දුරට ව්‍යාකරනානුකූලද කියන තැනදියි. උක්තයට අනූව ආඛයාතය ගැලපිලාද කියල
හොයන්න වෙන තැනදියි. නණ -ලළ හරියට පිහිටලාද කියල සැක හිතෙ තැනදියි. ලේඛකයො පුවත්පත් ලිපි රචකයො පවා එහෙමයි. අපි
ලියන ලිපියක් හෝ සටහනක් වෙනත් භාශා ප්‍රවීනයෙක් ලවා පරීක්ශා කරගන්න අපිට වෙලා
තියෙන්නෙ ඒකයි. අපි බයයි. අපිට සැකයි. අපි හිතනවා අපි මේක හරියට දන්නෙ නැහැ කියලා.
අපිට තව කාගෙ හරි පිහිට පතන්න සිද්ධ වෙනවා.අපේ මව් භාශාව ලියන්න බය වෙන්න සිදුවීම
ගැන ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන.
අපි
කතාකරන භාශාවේ කොතනකවත් ඔය ආකාරයේ උක්ත ආඛ්‍යාතයක් නැහැ. නණ - ලළ භේදයක් නැහැ.
නමුත් අපි කිසම ප්‍රශ්නයක් නැතිව අදහස් හුවමාරු කරගන්නවා. අදහස වෙනස් වෙන්නෙ නැහැ.
විකෘති වෙන්නෙ නැහැ. සංදිග්ධතා නැහැ. ලියනකොටත් ඒ ක්‍රමයම භාවිතා කරනවනම් ඒක සිංහල
ඉගෙන ගන්නව කියන එක ඔය තරම් භයානක හැඟීමක් සිතට ඇතිකරන්නක් වෙන එකක් නැහැ.
සංස්කෘතික
ලැග්ම කියන එක හැම සංස්කෘතියක් තුලම සංස්කෘතියේ ස්වභාවික චලනය අහුරාගෙන සිටින බව
අපි අත් දකින සත්‍යයක්. විශ්වවිද්‍යාල උප සංස්කෘතිවල වගේ උප සංස්කෘතිවල ඉඳන් මහා
සංස්කෘතියෙත් මේ ලැග්ම ඒ විදියටම බොහොම තදින් ක්‍රියාත්මක වෙනවා. (අපි විශ්ව විද්‍යාලෙදි
පලමු වසරෙදි ගැහැනු ලමයින්ට කලිසම් අදින්න තහනම්. නමුත් අපි ඒක වෙනස් කරලා එයාලගෙම
ආරක්ශාව උදෙසා කලිසම් අදින්න ඉඩ දෙන්න ඕනෑ
කියන යෝජනාවක් සම්මත කරගන්න උත්සහ කලත් ඒක බොහෝ විවේචන හමුවේ පසු බස්ස හැටි මට මතකයි. පුදුමයට කරුන ඒකට තදින්ම විරුද්ද උනේ අන්
කවුරුවත් නෙමෙයි ගැහැනු ලමයින්ම වීමයි.) මම හිතන්නෙ භාශාව සම්බන්ධයෙන් පවා ක්‍රියාත්මක
වෙන්නෙ මේ ලැග්ම. එක පුංචි සංකල්පයක්
වෙනස් වෙනව කියන්නෙ මුලු සංස්කෘතියම කඩා වැටීමක් විදියට දකින අයයි මේ ඕනෑම
සංස්කෘතියක අධිපතීත්වය දරන්නේ. ඒකට තදින්ම එරෙහි වෙන්නේ. ස්වභාවික මාර්ගය අවහිර
කරගෙන ඉන්නේ.
මේ
ලඟදි ෆේස් බුක් එකේ එක්තරා සමූහයක කෙනෙක් ප්‍රශ්න කරලා තිබුනා කතාකරන භාශාව ලියන්න
ගන්න එක හොඳද නරකද කියලා. ඒකට ලැබුනු ප්‍රතිචාර වලින් 80% විතර කියල තිබුනෙ ඒක හොඳ
නැහැ කියලයි. සමහරු බොහොම ආවේගෙකින් පිලිතුරු දෙන්න උත්සාහ අරන් තිබුනා. කතා කරන
භාශාවෙන් ලියන්නෙ සිංහල දන්නෙ නැති අය කියල සමහර අය තර්ක කරනවා. තවත් අයගෙ අදහස
උනේ අනුරාධපුර යුගයේ වගේ දියුනු සාහිත්‍ය යුගයන් පරිශීලනය කරන්න අපිට ලේඛන විදිය
දැනගන්නම වෙනවා නැත්නම් ඒක ලොකු පාඩුවක් කියලයි. කතාකරන බසින් ලිව්වොත් ඒක නිකම්
ගමේ ගොඩේ කතාවක් වගේ නැත්නම් රස්තියාදුකාර භාශාවක් වෙයි කියලා බය හිතෙනවා කියල තව
පිරිසක් අදහස් දක්වල තිබුනා. හාස්‍යයට කරුන වෙන්නෙ ඒ හැම උත්තරයක්ම වගේ ලියල
තිබුනෙත් කතාකරන භාශාවෙන්ම වීමයි.
කතා
කරන භාශාව ලියන්න ගන්න ඕන කියන තර්කය අද ඊයෙක හටගත්තු එකක් නෙමෙයි. මං හිතන විදියට
ඒක වඩාත් ගැඹුරින් තාර්කිකව කරුනු විග්‍රහ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ ඒ පිලිබඳ
අදහස් ඉදිරිපත් කරන්නෙක් විදියට අජිත් තිලකසේන මෙහිදී ලොකු මෙහෙවරක් කරනවා. ඒක හුදකලා
සටනක්ද දන්නෙත් නැහැ. 70 දශකයේ ඉඳන්ම ඔහු
මේ ගැන කතා කලා. යෝජනා ඉදිරිපත් කලා. ප්‍රතිපත්තියක් විදියට ඔහු ඒ මාර්ගයේ ගමන්
කලා සහ කරමින් ඉන්නවා.
නව
පරපුර වගේම භාශා විශාරදයන් ඉදිරිපත්කරන ගැටලු වලට, ප්‍රතිතර්ක වලට හොඳ සාධනීය
පිලිතුරු ගොනු කරමින් ඔහු ලියූ ලිපි වල එකතුවක් විදියට සහ එය පිලිවෙලකට ඉදිරිපත්
කරමින් ඔහු පොතක් ලියනවා මැදිවහර නමින්. ඒක ප්‍රකාශයට පත්වෙන්නෙත් මේ අවුරුද්දෙ.
මැදිවහරෙන් ඔහු යෝජනා කරන්නෙ තව දුරටත් අපි ආයාසකර ලේඛන ක්‍රමයේම එල්ලිලා ඉන්න එකේ
තේරුමක් නැහැ කියන එකයි. ඒක සිංහල භාශාවේ අනාගතය ගැන ලොකු හැදෑරීමකින් සහ අවංක
ආදරයකින් කරන යෝජනාවක් උනත් බොහෝ වියතුන් වගේම සාමාන්‍ය ජනයා තිලකසේනව දකින්නෙ ඔහු තරම් සිංහල භාශාව විකෘති කරපු
කෙනෙක් තවත් නැති ගානටයි. මට හිතෙන්නෙ ඒ කිසි කෙනෙක් තිලකසේන දශක හතරක් පහක්
තිස්සෙ ලොකු ගවේශනයකින්, ගැඹුරු හැදෑරීමකින් ඉදිරිපත් කල භාශාව සම්බන්ධ කෘති,
සටහන් එකක්වත් කියවලා නැතිව ඇති.
වෙහෙසකර
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය අතහැර සරලව වාක්‍ය අවසන් කරන විදිය කොහෙත්ම භාශාව
රස්තියාදු කිරීමක් හෝ පරිනත ස්වභාවය පහත හෙලීමක් නොවන බවට ඔහු මැදිවහර කෘතියෙදී පෙන්නලා දෙනවා. කොටින්ම කතා කරන භාශාව ලියන්නට
ගන්නවා යනු කතා කරන බස එහෙම පිටින්ම ලේඛනයට ගන්නවා කියන එකම නෙමෙයි. එය කොහොමටත්ම
කල නොහැකි කාර්යයක්. ඒ වෙනුවට උක්ත ආඛ්‍යාතයේ අසීරුතා මගහැරීම සරල ක්‍රියාවලියක්.
මම කියල ලිව්වත්, අපි තොපි, නුඹ, නුඹලා මිනිසුන්, මිනිස්සු ආදී මොන ආකාරයෙන්
ලිව්වත් කලා, කෙරුවා, කරනවා කියල වාක්‍ය අවසන් කරන්නට හැකිනම් එය පහසු සහ ඕනෑම අයෙකුට අවබෝධකරගත හැකි තත්වයක් ඇති කරනවා.
ලේඛයයේදී සෙසු වචන භාවිතයන් විදග්ධ ස්වරූපයේ ඒවා උනාට කමක් නැහැ. කතා කරන බස
වෙනුවට මැදිවහර ලෙස ඔහු එය නම් කරන්නෙත්
මේ නිසාම වෙන්න ඕන.
මම
හිතන්නෙ අපි සිංහල භාශාව අතරින් අනාගතයට ගමන් කරන්න ඕන නම් මේ ආකාරයට භාශාවේ අනවශය
බර හෑල්ලු කරගන්නම වෙනවා. එහෙම කලොත් විතරයි ලොකු කුඩා, උගත් නූගත් ඕනෑම අයෙකුට
බයක් සැකක් නැතිව භාශාව පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ. ඒක අපේ භාශාව අනාගතය වෙත
ගමන් කිරීමේ මාර්ගය එලි කරන්නක් මිසක් විකෘති කරන්නක් විදියට භාර ගන්න එකයි ලොකුම
විකෘතිය. කාලයේ තාලයට භාශාව වෙනස් වෙනවා. භාශාව පරිනාමනය වෙන දෙයක්. එය ආයාසයෙන්
නවත්වා ගන්නා තැන තමයි එය පසුබෑමට ලත් වෙන්නේ. ආයාසයෙන් හදාරන්න වෙන්නේ එතකොටයි. ඒකට
පෙරමුන ගන්න ඕන මූලික වශයෙන්ම ලේඛකයා. රචකයා. තිලකසේන කියන ආකාරයට නිර්මානාත්මක ලේඛකයා,
පුවත්පත් රචකයා, දැන්වීම් ලියන්නන් වැනි පුද්ගලයන් මේ කාර්යයට මුල පුරන්න ඕන.
මම
හිතන්නේ අද පලවෙන සිංහල නවකතා කෙටිකතා බොහොමයක් ලියවෙන්නෙ මේ ක්‍රමයට. ඉස්සර තරම්
අසීරු ඔලුව කරකවන තරම් බරසාර උක්ත ආඛ්‍යාත පිරිල නැහැ. සරල වාක්‍ය රටාවන් පවා
සාහිත්‍යාත්මකයි. තරුන රචකයන් පුවත්වල ලිපි ලියන්නෙ උක්ත ආඛ්‍යාතය තකන්නෙ නැතිව.
ඒක හොඳ ප්‍රවනතාවයක්. සාහිත්‍ය කලා, සමාජ විචාර ලියන්න උනත් මෙය සුදුසු බව ඇතැම්
ප්‍රසිද්ධ රචකයන් ඔප්පුකර තිබෙනවා. මේ වන විටත් එහෙම ලියවෙමින් තිබෙනවා. එහෙම
ලියන්න හුරුවෙන තරමට සිංහල භාශව
සම්බන්දයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගන්න
අපිට පුලුවන් වේවි.සිංහලෙන් ලියන්න කවුරුවත් බය වෙන්න ඕන නැහැ. අපිට දැනෙන හැඟෙන
දේ අපි ලියනවා. ඒක තමයි ලියන්න පුලුවන් හොඳම විදිය.
කලා කවුලුව
පාසල්වල සිංහල උගන්වන ගුරුවරයාගේ ප්‍රධාන වගකීම වෙලා තියෙන්නේ සමාජයේ අන් අය නොදන්න තමන්ම විතරක්ම දන්නා මැහැඟි ව්‍යාකරන දැනුම සිසුන්ගේ පිලිතුරුවල තියේදැයි පරීක්ශා කිරීම. මම කිව්වොත් මි යන්නෙන් අවසන් වෙනවද නුඹ කිව්වොත් හු යන්නෙන් අවසන් වෙනවද වගේ දේවල් පරීක්ශා කරනවටයි උග්නනවටයි වැඩි දෙයක් සිංහල ගුරුවරයට නැහැ කියලයි ගුරුවරු හිතාගෙන ඉන්නෙ. එක අතකට ගුරුවරයා විතරක් නෙමෙයි මුලු අධ්‍යාපන ක්‍රමයෙම අවුලක් තමයි මේක.
ReplyDeleteමම නම් හිතන්නේ භාශාවක් හසුකරුවනව කියන්නෙ ඊට වඩා සරල සහ ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕන කියලයි