බැමිනිතිකාලය ගැන කෙටි ලිපියක්...
බැමිනිතිකාලය - නවකතා
අනුරාධ මහසිංහ
සයුර ප්‍රකාශන
බැමිනිතිකාලය. තරමක් අමුතු නමක් වගේම වෙනස්ම
විදියේ පිටකවරයක්. ඓතිහාසික පුවතක් පාදක කරගත් ප්‍රබන්ධයක් නිසා(දැන් මේ විදියෙ
නවකතා රැල්ලක් වගේ තියෙන නිසා) මේක කියවන්න ගත්තෙ තරමක් අවිස්වාසෙන් උනත්
මූලාරම්භයේ ඉඳන්ම වෙනස් ප්‍රවේශයකින් පාඨකයාව ග්‍රහනය කරගන්න කතුවරයා සමත්වෙනවා.
එහි සූක්ශම වියමනක් තියෙනවා. කෙටි නවකතාවක් ලෙස ගොඩනගා ඇතත් මේ සිදුවීම් යටින්
සංකීර්න දේශපාලන, සමාජ යාථාර්ථයක් සියුම් විදියට ගෙත්තම් කරන්නට ඔහු සමත් වෙලා
කියලයි හිතෙන්නෙ. විශේශයෙන් ඒ ගෙත්තම මැස්ම නොපෙනෙන ගානට සියුම් කරන්නට ඔහුට
හැකිවී තිබෙනවා. මේ කතාව කියවෙන ආකෘතිය එහි ඇති කුතුහලය සහ කතාව ගලාගෙන යාමට කර
ඇති මෙහෙය අතිවිශාල බවත් කියන්න පුලුවන්.
මේ තුල අඩංගු ආකර්ශනිය සිදුවීම් කිහිපයකටම මම
කැමතියි. එකක් කලුහාමිට බරනී මුන ගැසීම සහ කරත්තය පෙරලීම තෙක් සිදුවීම, දෙවැන්න
රජතුමාගේ බිසව කරත්තයෙන් බැසීම ගැන ඉඟිය. මට ඒ මොහොතේ හිතුනේ මේ කතාවට අතිවිශාල
ආලෝකයක් සැපයිය හැකි මොහොතක් කතුවරයාට මඟ හැරෙමින් යනවා කියලයි. නමුත් කතාව
අවසානයේ දී තීරනය කරන්න පුලුවන් ඔහු එය සංයමයෙන් හා උපකමික විදියකට එය මේ කතාව තුල
භාවිත කර ඇති බව. තුන්වැන්න වේලංග සහ පිරිවර මාංශ අනුභවය. මේ ආකර්ශනීය රූපකාත්මක
සිදුවීම් තුනෙන් තමයි මාව මේ කතාවට බැඳ ගත්තෙ. පුද්ගලිකව මම දේශපාලනික යථාර්ථයන්
මතු කරනවා වැනි නිර්මානවලට කැමති නැතත් මේ කතාව තුල මොකක් හෝ මාව කලඹවන යමක් ඇති
බව දැනෙනවා. විශේශයෙන් කතාව තුල අවස්ථා ගනනකදීම අපට අදාල සර්වකාලීන දේශපාලන ක්‍රියාදාමයන්
පිලිබඳ කෙරෙන සාහසික ඉඟි කිරීම් ප්‍රසංසනීයයි. අනික මේක කෙලින්ම මහ රජතුමන්ගේ ආශ්‍රිත
සිදුවීමක් ලෙස නොපෙන්වා කලුහාමි වැනි නිකම්ම මිනිසෙකු ආශ්‍රෙයන් හෝ වේලංග වැනි
කෙනෙක් ඇසුරින් ගෙනහැරපෑමට ක්‍රියා කිරීමම වැදගත් ඉදිරි පියවරක්. වේලංග, කලුහාමි
දෙදෙනා වෙත අවස්ථා කිහිපයකදී මෙහි කේන්ද්‍රය දෝලනය වන ආකාරයත් සුන්දර අත්දැකීමක්.
කතාව පලාගෙන දේශපාලනය මතු වෙන්නෙවත් දේශපාලනය පලාගෙන කතාව මතු වෙන්නෙවත් නැති තරමට
මේකෙ සාරය හොඳින් කවලම් වෙලා තියෙන බවත් කියන්න පුලුවන්.
මුල් අවස්ථාවන් කියවන විට නවගත්තේගම වැනි ශෛලියක්
මතකයට නැගුනත් පසුව ඒක ඒ තරමටම දැනුනෙ නැහැ. කතාවේ නමින්ම උනත් ( බැමිනිතිකාලය) අදාල
යුගය, කාලය ගැන ක්ශන වටහාගැනීමක් ලබාගන්න පුලුවන්. ඒක කතාවට පිවිසීමට විශාල
වාසියක් සපයනවා.( මේ ඉතිහාස කතා පුවත ගැන පුලුල් දැනුමක් මට නැහැ. කතාව විඳින්න ඒක
ලොකු බාධාවක් උනෙත් නැහැ.) නමුත් අවසන් බාගයේ රජතුමා සහ පඬි රට සෙබලුන් අතර යුද
ගැටුම් ආදී දේ කතුවරයා පෙරමුනට පැමින කතාව කියන ආකාරය ඍජු වැඩිදෝයි කියලත් වෙලාවකට
හිතෙනවා. සහ ඒක බරපලත අවුලක් විදියටත් මම දකින්නෙ නැහැ.
අවසන් වශයෙනුත් මම මේකට කැමති බව කට පුරා කියන්න
පුලුවන්. කාලෙකින් හොඳ නිර්මානයක් කියෙව්වා කියා හිතෙනවා සහ යලි යලි ඒ ගැන
කල්පනාබරිත වෙනවා. නිර්මානකරුවා ඉතා පහසුවන් සංකීර්න තැන් ස්පර්ශ කරනවා. නිසැකවම ඒ
පිටුපස විශාල උත්සාහයක් ඇති. ඒ වෙනුවෙන් මගේ අවංක සතුට. සහ සටහන.
කලා කවුලුව
No comments:
Post a Comment