බොලඳ වියේ බැඳි හාද....
හරියටම අපි ඒ
ලෙවල් කරන්න පටන්ගත්තු අවුරුද්ද. ඕ ලෙවල් ඉවර වෙලා හිත නිදහසේ පියාඹමින් හිටපු
කාලෙ.
ඒ නිදහස
බුක්ති විඳින්න හතරවටේ ඕනතරම් සාධක ගොඩගැහෙමින් තිබුනා. ඉස්සර හදිසියෙන් දවසක්
දෙකක් විතරක් තනියම ගාලු ටවුමට ගිහින් තිබුනු මට සතියට දවස් දෙක තුනක් නොවරදවාම
තනියම ටවුන් යන්න චාන්ස් එකක් ආපු කාලය.
බස්සෙක
සඳකැලුම.
වෙන වෙන
සීටීබී අනන් මනං බස් තිබ්බට සඳකැලුම තමයි අපේ තරුන ජවය වෙනුවෙන් ඉපදිලා තිබුනු
බස්සෙක. කොලපාට ඉරි දෙකක් ගහගෙන දිලිසෙන ස්ටිකර් වලින් හැඩවෙච්චි බස්සෙක ඇතුලෙ පවා
තිබුනෙ සුවපහසු ලීලාවක්. මං හවස එකයි විස්සට නගින්නෙත් සඳකැලුමෙ. පන්ති ඉවරවෙලා
පහයි විස්සට ගාල්ලෙන් නගින්නෙත් සඳකැලුමෙ.
මේ මුල් කාලෙ
රංචු ගැහෙන්න, ලොකු සෙට් එකක් එක්ක වල බහින්න වගේ හීනි ආසා තිබ්බත් ඇත්තටම මට
එහෙමට කියල යාලුවො හිටියෙ නැහැ. කොහොමටත් අපේ ගමෙන් පන්ති යන්න බස්සෙකට නැග්ගෙ
කොල්ලොන්ගෙන් මං විතරක් ගානයි. මගේ වයසෙ හෝ මට වඩා බාල ගෑනුලමයි නං ගෝනි ගනන් බස්
එක පුරවල උන්නා කොන්ඩගස් වලින් විහිදෙන නැවුම් සබන් සුවඳින් මුලු බස්සෙකම
සුගන්දවත් කර කර.
මගේ පලවෙනි
ආදරය. නදීකා. ඒ වෙද්දි අපේ ආදරේ ස්ථිර වෙලා තිබ්බෙ නෑ. මං සත්‍ය ප්‍රේම බෘංග
රාජයෙක් විදිහට එයාගෙ පස්සෙන් යන - බැලුම්
හෙලන - හිරිමල් යෞවන කාලය. නදීක එකමෙක දවසක් මේ බස්සෙකේ නැග්ග එයාලගෙ අම්මල තාත්තල
නැතුව. යාලුවො දෙතුන්දෙනෙක් එක්ක. එතකොට එයාලට සාමාන්‍යෙපල විභාග සම්බන්ත්‍රනයක්
තිබුනා ගාල්ලෙ. එයා ඇවිත් තිබුනෙ ඒකට.
යාලුවො සෙට්
එකක් නැතුව නදීකට ‘ටෝක්’ කරන විදිහ දන්නෙ නැති
අන්ත බොලඳ මං නදීක ලඟම හිටගෙන එයාගෙ ඉස්සරහ සීට් එකේ දෙපැත්තෙ ඇඳි දෙක අල්ලගෙන
විනාඩි හතලිස් පහක විතර බස් දුරක් ගෙවාගෙන ගෙදර ආවා. බහින්න ඔන්න මෙන්න සීට් එකෙන්
නැගිටිද්දි එයාගෙ අත මගේ අතේ මෘදුව ස්පර්ශ උනා.
ඒ අපේ අත්
එකිනෙක ගෑවුනු පලවෙනි වතාව වගේම අන්තිම වතාව කියල මං එදා දැනගෙන උන්නෙ නෑ.
අපේ අත්
එකිනෙක ස්පර්ශ වුනු හැටි, මට දැනුනු ඒ උන්මාදනීය හැඟීම නදීකටත් එහෙමම දැනෙන්නැතිද,
ඒ කුඩා විනාඩි ගාන ඇතුලෙ අපේ ඇස් දෙතුන් වතාවක් එකිනෙකා දිහා අහම්බෙන් වගේ බැලුනු
හැටි, එතකොට නදීක මං ගැන මොනව හිතන්න ඇතිද, මට වගේම ගෙදර ගිහින් හැම තත්පරේදිම
එයාට ඒ සිදුවීම මතක් වෙන්නැතිද වගේ විකාර ලෝකෙක මං අතරමං උනා.
බස් අවකාශයේ
මේ සියලු සිදුවීම් සිදුවෙද්දී පසුබිමේ නාදවුනේ අජිත් - කිංස්ලිගෙ මල්මල් ගීත
ඇතුලත් නන්ස්ටොප් එකක්.
එදා කිංස්ලිගෙ
බොලඳ සින්දුවක් දිගේ මං ගෙදර දිහාට පාවුනා විතරයි මතක.
අජිත්
මුතුකුමාරන, කිංස්ලි පීරිස් දෙන්න ජයට ජයේ සංගීත ලෝකෙ හොල්ලමින් උන්නු කාලය තමයි
මේක. අජිත්ගෙ සුදු අරලියා මල, කිංස්ලිගෙ දෙලුම් මල.. සඳකැලුමෙ යන එන වාරයක් වාරයක්
පාසා මට ඇහුනෙ, මං වින්ඳෙ මේ සින්දු.
අර නන්ස්ටොප්
කැසට් පීස් එකේ සින්දු නන්ස්ටොප් පිලිවෙලට මට තාමත් එහෙම්මම මතකයි.
පසුකාලීනව
උසස්පෙල, කැම්සප් වලින් ඔලුවට දාගත්තු මහබර න්‍යාය විචර විධික්‍රම ඇතුලෙ
බැටකමින් කුඩා වෙවි ශේශ වෙවී හරි මේ කාලෙ
ආදරබර බොලඳ මතකයන් ඒ ගීතත් එක්කම තාමත් ඉතිරිවෙලා තියෙනවා.
කාලාම
කලාතුරකින් හරි අජිත්ගෙ- කිංස්ලිගෙ සින්දුවක් ඇහෙන දවසක ඉබේටම මගේ මතකෙට එන්නෙ
ඒලෙවල් මුල් කාලෙ මගේ හිතේ පලවෙනි වතාවට ඇතිකරපු උත්කර්ශනීය ආදර හැඟුම. ඒ පිවිතුරු
හැඟුම් ඒ විදිහට ආයෙ කවදාකමත්ම ගන්න බැරිවෙයි නේද කියල හිතෙද්දි හිත ඇතුලෙන්ම එන
මහා සුසුම් කන්දරාව ගිලගෙන මම ආයෙ ආයෙමත් කිංස්ලිගෙ සින්දු ආවර්ජනය කරනවා.
අතීත
සිදුවීමක් මතක් කරනවට වඩා මොකක් හරි සිදුවීමක් හරහා අතීතයේ වින්ද හැඟුමක් ඒ
විදිහටම මතක්කරන එකේ වෙනමම රහක් තියෙනවා. කිංස්ලිගෙ-අජිත්ගෙ මල් රැල්ල හැරන්න ඒ
හිරිමල් යෞවනයට පාවෙන්න පුලුවන් වෙනත්
පාරක් මං දන්නෙ නෑ.
උපන්දින සුබපැතුම පිලිගන්න
සිතේ දුක්බර සුසුම මට දෙන්න
බක්මහේ මල්සුවඳ විඳ ගන්න
ආයෙ නම් බැහැ අපට ලං වෙන්න...
No comments:
Post a Comment