රුවින් උතුම්
කුමාරියේ...
ජනාධිපතිවරනයක් ගැන මගේ අතීතම මතක මායිම් සීමා
වෙන්නෙ 94 ජනාධිපතිවරනෙ ලඟ. රනිල් - චන්ද්‍රිකා
ගැටුම කියල පස්සෙ කාලෙ අහල තිබුනට ඒ
පුංචිම පුංචි කාලෙ අපි දැනගෙන හිටපු එකම එක්කෙනා චන්ද්‍රිකා විතරයි. අපේ ගෙවල්
පාරම්පරිකවම ශ්‍රී ලංකාකාරයො හින්දමද මන්දා චන්ද්‍රිකාගෙ නම වගේම රූපයත් අපිට
හොඳාකාරවම මතකයි.
ගමේ හැම තැනකම කතා උනේ චන්ද්‍රිකා ගැන. ඒක
ලාම ලා දියසායම් තුනී වෙච්ච සිතුවමක් වගේ දැන් අහෙන් මෙහෙන් මතක සියුම් පැල්ලම් කිහිපයක් විතරයි.
නමුත් එවැනි ලා මතක අතර තද වර්නයෙන් ඇඳ
එකමෙක සිතුවමක් ජීවිත කාලෙ පුරාවටම මගේ මතක ඇතුලේ එල්ලිලා තියෙනවා.
අපේ ගම කුඩා ගමක්. ඒක තාමත් එහෙමමයි.
2005දිවත්, 2010දිවත් 2015 දිවත් කිසිම ජනාධිපතිවරනෙක, කිසිම අපේක්ශකයෙක් අපේ ගමේ
රැස්වීමකට ඇවිල්ල නැති තරමට කුඩා ගමක්.
ඒත් අපේ ලපටි වියේ 1994 තරම් ඈත දුශ්කර
අතීතෙක චන්ද්‍රිකා ජනාධිපතිවරනෙ වෙනුවෙන් අපේ ගමේ රැස්වීමකට ආවා. 94 ජනාධිපතිවරන
සටන අපේ හිත්වල තදින් බලපාන්න මේ සිදුවීම අනිවාර්ය බලපෑමක් කරන්න ඇති.
එතකොට චන්ද්‍රිකා තරුනයි. ප්රතාපවත් ගැහැනු
කෙනෙක්. මුහුනෙ ලස්සන හිනාවක් තිබ්බා. කටහඩ පිරිමි ගතියයි. ගමේ හන්දිය ඒ තරම් සෙනගෙන්
ඉතිරිලා ගිය දවසක් මෑත අවධියකවත් වෙලා නැහැ. එහෙම වෙලා නැද්ද නැත්නම් අපේ පුංචි
කමට ඒක මහා ලොකු සිද්ධියක් වගේ දැනුනද කියල කියන්න මට තේරෙන්නෙ නැහැ.
කොහොමටත් චන්ද්‍රිකා ආපු හන්දියේ රැස්වීම
බලන්න තාත්ත මාව අරගෙන ගියේ වඩාගෙන. සෙනඟ අස්සෙ හිස් ගෙඩි උඩින් මට ස්ටේජ්එක
පෙනුනා.
චන්ද්‍රිකාට මල් පොකුර දෙන්න තිබුනෙ අපේ ගෙට
පල්ලෙහා ගෙදර රසික අක්කට. එයා මට වඩා අවුරුද්දයි වැඩිමල්. ලස්සන අක්ක කෙනෙක්. එයා
ස්ටේජ්එක උඩදි චන්ද්‍රිකාම මල් කලඹ දීල පිලිගනිද්දි චන්ද්‍රිකා පහත්වෙලා එයාව ඉම්බා.
සෙනඟ නොනවත්වා අත්පොලසන් නාද දුන්නා.පීකරේ ජයවේවා කියන හඬක් රාවය දුන්නා. මතකයේ ලා
දුමාර ඔස්සේ තාමත් ඒ සිදුවීම මැවිල පේන සුලුයි.
මේ 2019. අපේ ගමේ පොහොට්ටු රැස්වීමක්. ජයටම
කෙරෙන බව ස්ටේජ් එකෙන් පවා පෙන්නුම් කරනවා. ඒත් 94 දි වගේ ප්‍රධාන ජනාධිපති
අපේක්ශකය සහභාගී වෙන එකක් නෙමෙයි. කොහොමටත් රැස්වීම අතරතුර සංගීතෙකුත් ගහන්න තීරනය
කරලා. පක්ශ පාට මොනව උනත් අපි ඒකට යන්න සැදී පැහැදී හිටියෙ සංගීත අත්දැකීමක්
කාලෙකින් එන වෙලාවක ගමේ අයගෙ හැසිරීම්, නැටුම් බයිලා නිරීක්ශය කරන්න තියෙන දුලබ
අවස්ථාවට මුහුනදෙන්න.
ස්ටේජ් එකේ ඉන්නෙ අපේ ගමේම බෑන්ඩ් එකක් නිසා
කොහොමටත් කික් එක වැඩියි. දේශපාලනෙයි, ගමේ කමයි, සංගීත රසයයි පැටලිලා කැලතිලා අපේ
තාත්තත් සෙනග රොත්තෙ නටනවා.
සින්දු දෙකයි. දේශපාලන කතාවකුයි වගේ
සංකලනයක් තියෙන මේ රැස්වීම මල්වෙඩි, රතිඥඥා වලින් ද පරිපූර්න එකක්.
මේ සින්දුව
කියන්නෙ වෙන කවුරුවත් නෙමෙයි. 94 චන්ද්‍රකාට මල් කලඹ දුන්නු රසික අක්කගෙ මහත්තයා.
එයා ගමේ සංගීත කන්ඩායමේ නිත්‍ය ගායකයෙක්.
රසික අක්ක
එයාගෙ දරුවො දෙන්නත් එක්ක සෙනඟ රොත්ත අස්සෙ තමන්ගෙ මනුස්සය ගමේ මිනිස්සු ඉස්සරහ
සින්දු කියන අපූරුව බලාගෙන ඉන්නවා.
කෝකිල රජ දහන්
පවා හඬින් උමතු වෙලා
සීගිරි
සුකුමාල ලඳුන් හොරෙන් මුකුලු කලා
ඔබේ ලොවට මා
ගෙනයන උදුම්බරා මනාලියේ
No comments:
Post a Comment