දෙසැම්බර්
සීතලේ ඔක්තෝබර් යථාර්ථය
ඔක්තොබර් චිත්‍රපටියට වස්තු විශය වෙන්න
සාමාන්‍යෙයන් හින්දි චිත්‍රපටයකට තේමා වෙන්නෙ නැති අති සියුම් සිදුවීමක්. ඇත්තටම
බැලුවොත් කතාවක් තියෙනවා යයි කියන්නත් බැරි තරම් සුලු සිදුවීමක් වටා මේ සමස්ත චිත්‍රපයටම
විකාශය වෙනවා.
නිල වශයෙන් පෙම්වතුන් නොවෙන අවම වශයෙන් තමා
ගැන ප්‍රේමනීය හැඟීමකින් සිටියාදැයි විස්වාසයක්වත් නැති තම ආයතනයේ මිතුරියක් හදිසි
අනතුරකට පත්වීමෙන් තරුනයෙකු ක්‍රියාකරන ස්වභාවය ගැන සියුම්ව මතු කරන්න තරම්
සිනමාකරුගේ සිනමා භාශාව තාත්වික වෙලා තියෙනවා.
විශේශයෙන් මෙහි ප්‍රධාන භූමිකාව නිරූපනය
කරන්න චරිතය අප සාමාන්‍යෙයන් දකින චිත්‍රපටිවල සිටින නැනවත්, වීර තරුනයා නෙමෙයි.
ඔහු තමා වැඩකරන ආයතනයේ, සමාජයේ මෝඩයෙකු හෝ තැකිය නොහැකි චරිතයක් ලෙස භාර ගැනෙන
වර්ගයේ හුදකලා වූවෙක්.
ඔහු සමඟ සේවයේ නිරතවන තරුනිය සෙසු අයට වඩා
තරමක් හෝ ඔහුට ලෙන්ගතුව සිටිනවා. ඔහු සමඟ සිනාසෙනවා. කතාබහ කරනවා. නමුත් ඒ
ගනුදෙනුව කොහෙමත්ම විශේශිතම එකක් බව පෙනෙන්නෙත් නැහැ.
හදිසි අනතුරින් තරුනිය සති කිහිපයක් හදිසි
අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඇය හුස්ම ගන්නවා පමනයි. එතැනින් එහා කිසිදු
චලනයක්වත් ඇසිපිය සැලීමක්වත් සිදුවන්නේ නැහැ.
ඇගේ මිතුරියන්, මිතුරන්, පවුලේ ඥාතීන්, පියා
පවා ඇගේ ජීවිතය ගැන ඇති සියලු බලාපොරොත්තු අතහැර දමද්දී තරුනයා දශමයක් හෝ නෙවෙනස්ව සිය අවංක කැපකිරීම
ඇයවෙත පුදදෙන විලාසය මතුකෙරෙන්නෙ හැඟීම්බර විදිහට.
මේක ඉතාම සෙමෙන් දිව යන, සමහර විට නරඹන්නාට
එපා වෙන වර්ගයේ කිසිදු සිදුවීමක් සිදු නොවෙන ඔහේ ගලායන සිදුවීම් සහිත එකක්. එහි
රිද්මය වගේම කතාවේ සංවේදනාවට ඇතුල් වූ අයෙකුට හැර එහි නියම හැඟීම විඳින්නට හැකි
වෙන එකක් නැහැ. එසේම සාමාන්‍ය චිත්‍රපටයකින් අප බලාපොරොත්තුවන විදිහේ සිදුවීම්,
අවසානයන් රහිතව මේ චිත්‍රපටය ජීවිතයේ ඇති සැබෑව දෙසට අන්ධකාර මීදුමාරයක් අස්සෙන්
වගේ අපව කැඳවාගෙන යනවා. කතාවට හෝ එය අවසන්
වන විලාසයට අප කොහෙත්ම අකමැති වූවත් සිනමාපටය නැරඹීමෙන් අනතුරුව ආපස්සට ජීවිතය දෙස
බලද්දී අපට ගැලවෙන්නම බැරි විදිහට එය අපේ චිත්‍යභ්‍යන්තරයේ හිඳිමින් සංවේදනා මතු
කරවනවා.
රමනීය හෝ සම්භාව්‍ය යන දෙපැත්තටම නොයා මේ
චිත්‍රපටය ගමන් කරන්නේ කතා දේහයට අවශ්‍ය කරන, එයම තනාගත් ස්වාධීන මාවතක වීම මාව
අලුත් විදිහකට කම්පනය කරන්න සමත් උනා.
ඔක්තෝබරය ඒ තරම් සංවේදීව දැනෙව්වාට
දෙසැම්බරයට ස්තූතියි.
No comments:
Post a Comment