උපන් දා සිට
වික්‍රමසිංහ කතිකා ආයෙ ආරම්භ කරන්න හිතුනෙ නැවත
වතාවක් වික්‍රමසිංහගෙ උපන්දා සිට කියවන්න පුලුවන් උන නිසයි. කලින් වතාවන්
දෙක තුනකම මුලු පොතම නැතත් අතරින් පතර කියවපු මතකය තාමත් තියෙනවා.
උපන්දා සිට, බාල විය - තරුන විය - මැදි විය
කියල නම් කරල තියෙන කොටස් තුනම මේ වතාවෙත් මම අතරින් පතර ඒත් කලින්ට වඩා වෙනස්
ඇහැකින් යුතුව කියෙව්වා.
වික්‍රමසිංහගෙ මතවාද ගැන මගේ තියෙන අදහස ඔබට
ලියා එවීමෙන් මගේ කතිකාව නව නැම්මකට ගන්න පුලුවන් වේවි හෝ එය වෙනත් මානයකින්
බැලීමට හෝ අදහස් නැවත උපත ලැබීමේ හැකියාව ගැන දන්නා නිසයි මේක ලියා එවන්නට අදහස්
කලේ. ඔබ වික්‍රමසිංහ ගැන බොහෝ ගැඹුරට අධ්‍යනය කර ඇති නිසා මේ සංවාදයට ඔබ හවුල් වීම
හැම අතින්ම අප දෙදෙනාටම අත්කරදෙන්නේ වාසියක් වෙන්න පුලුවන්.
මීට පෙර මම දෙතුන් වතාවක් සරච්චන්ද්‍රෙග්
පින් ඇති සරසවි වරමක් දෙන්නේ පොතත් කියවා තියෙනවා.
ඉතින් මෙම කතිකා ලිපි මාලාව ඇරඹුනේම වික්‍රමසිංහ
- සරච්චන්ද්‍ර ද්වි ඝටනය ඇසුරින් නිසා මෙම ලිපියත් ගලා යන්නේ එම දෙදෙනා අතරින්
සංසන්දනාත්මකවම තමයි.
උපන්දාසිට කෘතියෙන් නැවත නැවතත් මට තහවුරු
උනේ වික්‍රමසිහගේ අනෙක් කෘති කියවීමෙන් අනතුරුව ඇතිවූ ආකල්පයම තමයි. එනම්
පුද්ගලයෙක් වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ සෑම දෙයක් දෙසම බලා ඇත්තේ බුද්ධිවාදී හෝ
තාර්කික දෘශ්ටියෙන්. ඔහු ජීවිත කාලය පුරා අත පෙවූ හෝ ඉතා උවමනාවෙන් මනස යොමු කල
විශයන් මොනවාදැයි විමසා බැලීමෙන් උනත් මෙය සනාථ කරගැනීමට හැකියි.
ඒ විතරක් නෙමෙයි. සමස්ථ ජීවිතය හරස්කඩක් ලෙස
ගැනීමේදී පවා වික්‍රමසිංහ ඉතා අසීරුවෙන් මෙන්ම දැඩි උත්සාහයෙන් පැමින ස්වකීය ඉලක්ක
කරා දැඩි පරිශ්‍රමයෙන් එලඹුනු අයෙක්. පුවත්පත් කලාවේදියෙක් වූ පසුව වවා ඔහුගේ
දෛනික ජීවිතය මෙන්ම කලාත්මක ජීවිතය ඉතා පරිස්සමින් සැලසුම් කරනු ලැබූ එකක් බව මේ
පොතෙන් පේනවා.
විවාහය, දරුමල්ලන් හෝ යෞවන ප්‍රේමය වැනි
සංකල්ප දෙස වික්‍රමසිංහගේ මනස යොමුව තිබුනේද මම පෙරකී තාර්කික බුද්ධිවාදී
දෘශ්ටියෙන්ම බවයි මට නම් පෙනෙන්නේ. හරියට අපි නූතනයේ අත් දකින් බොහෝ අයග් ජීවිතය වගේම හරිම සැලසුම් සහගතව ඉලක්කවලට ලඟා වෙමින් ජීවිතේ සෑම ඉසව්වක්ම ක්‍රමිකව
ඉහල නගිමින් ගමන්කරන සාමකාමී එකක්.
වික්‍රමසිංහගේ මේ ස්වභාවයම තමයි ඔහුගේ සමස්ත
සාහිත්‍ය ජීවිතය වෙත ප්‍රක්ශේපනය වන බව පෙනෙන්නෙත්. කොටින්ම ඔහු තත්කාලීන සෑම
කෘතියක්ම විවේචනය කරනු ලබන්නේම ඔහුගේ බුද්ධියේ පූර්ව මිනුම් දන්ඩේ ස්වරූපයට
අනූවයි. උපන්දා සිට කෘතියේ එක් තැනක ඔහු සරච්චන්ද්‍රෙග් මලගිය ඇත්තෝ කෘතිය විචාරය
කරනවා. ඒ විචාරය මෙන්ම අනෙක් කෘති ගැන ඔහුගේ කෙරෙන විවේචන සියල්ලක්ම ගලා යන්නේ
බුද්ධිවාදී හා තර්කවාදී මිනුමෙන්. කොටින්ම ඒක වික්‍රමසිංහගේ විදිය කියලයි මට
හිතෙන්නේ.
එක් අතකට එය ගැටලුවක් හෝ වරදක් යයි බැලූ
බැල්මට පෙනෙන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ වික්‍රමසිංහ ඉතා දැඩිව ස්වකීය
අභිමතාර්ථයම සාධනය කරනු වස් මුලු මහත් සිංහල සාහිත්‍යයම තමාගේ මිනුම් දන්ඩෙන් මැන
ඒ අනූව හැඩ ගැස්වීමට කල දැඩි වෙහෙසෙන් සිංහල සාහිත්‍යෙය් නිදහස් ගමනට යම් බලපෑමක්
උනාද යන්නයි. අපට ආවේනික, නිදහස්, සාහිත්‍ය මගක් සකසා ගන්න අවශ්‍ය යයි පුන පුනා
තර්ක කරමින් වික්‍රමසිංහ ඉටුකල කාර්යයෙන් සිදුවුනේම නිදහස් හෝ ආවේනික තත්වය කෘතීම
කිරීමක් හෝ ඒකමානීය දිශාවකට තල්ලු වීම දෝ කියල මට හිතෙනවා.
වික්‍රමසිංහ ගැමිකම(හෝ නාගරික), අපේ
මූලයන්ගෙන්, සමාජයෙන් පැමිනෙන කතා ගතයුතු බව නිරන්තරව තර්ක කලේ බුද්ධිවාදී
මිනුම්දන්ඩෙන් පමනයි. මෙතැනදී ආසියාතිකයන් වශයෙන් හෝ ශ්‍රී ලාංකිකයන් සතුව බටහිර
ඇත්තන්ට වඩා වෙනස් හැඟුම් ලෝකයක් ඇති බවට වන තර්කය වික්‍රමසිංහ අතින් ගිලිහෙනවා.
මං ඒක තවදුරටත් පැහැදිලි කරන්නම්.
මං පුද්ගලිකව විස්වාස කරන්නේ ආසියාතික හෝ
දකුනු ආසියාතික මිනිසා ස්වභාවයෙන්ම බටහිරයන්ට වඩා හැඟුම්බරයි. එනම් ඔවුන්
නිරන්තරයෙන් හැරෙන්නේ තාර්කික හෝ බුද්ධිවාදී විශයන්ට වඩා හැඟුම්බර කාල්පනික
තලයන්ටයි. ප්‍රේමය වැනි විශයක් අරගත්තොත් ආසියාතිකයන් හැසිරෙන අන්දමත් බටහිර
මිනිසුන් හැසිරෙන අන්දමත්සපුරා වෙනස්. මෙතැනදී ආසියාතිකයන් ප්‍රේමය වෙනුවෙන් මුලු
ජීවිතයම කැප කරමින් හෝ අඬා වැලපෙමින්, ඒ වෙනුවෙන් පූජනීය වූ පරිත්‍යාග කරනු
ලැබුවත් ස්වභාවයනේම බටහිර ලෝකය කියන්නේම ප්‍රේමය ජීවිතයේ එක් ඉසව්වක් පමනක් බවයි.
මෙවැති තත්වයන් සන්සන්දනය කිරීමේදී අප සරලව
හිතන්නේ එය බටහිර දියුනු සංකල්පයක් බවත් අපගේ නොදියුනු සංකල්පයක් බවත් වැනි දේ.
නමුත් අපි ගැඹුරින් කල්පනා කර බැලුවොත් ආදි කාලයේ සිටම අප ආධ්‍යාත්මයට බර වූ
කොට්ඨාසයක් බව තහවුරු වෙනවා. අපේ ආගම්, ගවේශනය කිරීම්, වෛද්‍ය සංකල්ප හෝ තොවිල්
පවිල් ආදී ඕනෑම විශයක් දිවෙන්නේ ආධ්‍යාත්මික පැත්තකටයි. නමුත් මුලු මහත් බටහිර
ලෝකය දිව්වේ ලෞකික ලෝකයක විද්‍යාත්මක හා තාර්කික ලෝකයක් වෙතයි. ඔවුන් හොයාගත්
කාර්මිකත්වය,විද්‍යාව හා වෙනයම් ඕනෑම දෙයක් ඊට සාධක ලෙස දක්වන්න පුලුවන්.
දැන් බලන්න නූතන සිනමාව දෙස. දියුනු බටහිර
හොලිවුඩ් සිනමාවේ නිරූපනය වන්නේ එක්කෝ ඉතා බිහිසුනු වෙඩිතබා ගැනීම්, කාර් රේස්, අලුත්
වීරයෙක්(බැට් මෑන්,සුපර් මෑන් වැනි) වගේ දේවල්. නමුත් ආසියාවේ දියුනු බොලිවුඩ්
සිනමාවේ කාලාන්තරයක් තිස්සේම නිරූපනය වන්නේ ප්‍රේමය, රෝමාන්තික ලෝකය වැනි දේවලුයි.
මට හිතෙන්නේ මෙම මූලයන් හෝ සම්ප්‍රදායන් හිතාමතා ඇතිකල ඒවාට වඩා ඒවා සම්ප්‍රදායන්
ලෙස ඒ ජන සමාජ ඇසුරින්ම ඉබේ හටගත් ඒවා බවයි.
මිනිසුන් ලෙස ආසියාතික අපි හැඟුම්බර පක්ශයට
කොහොමටත් ලඟයි. අප දෙමාපියන් කෙරෙහි, සහෝදරයන් කෙරෙහි මෙන්ම අපේ ආදරනීයයන් කෙරෙහි
දක්වන දයාව කරුනාව හෝ බැඳීම අපේ ශරීරියේ රසායනිකත්වය විසින් හසුරුවන්නක්. ඉතා
ඉක්මනින් හිතා මතා ඒවායෙන් ගැලවීමට අපේ සමාජය පමනක් නෙමෙයි අපේ අභ්‍යන්තරය පවා ඉඩ
දෙන්නේ නැහැ. දරුවෙක් ඉපදුනාම ආසියාතික අම්මෙක් හැසිරෙන අන්දමයි බටහිර අම්මෙක්
හැසිරෙන අන්දමයි එකක් නෙමෙයි - දෙකක් බව මට අපේ බිරිඳ ඇසුරින් සිය දහස් වාරයක්
පෙනී තියෙනවා. නමුත් මට හිතෙනවා බටහිරයන්ගේ රසායනිතක්වය අපට වඩා ඉඳුරාම වෙනස්
තැනකයි තියෙන්නේ. අප ඔවුන්ගේ සංකල්ප ගෙන
අපේ රටේ මූලයන් හා ජන ජීවිතය ඇසුරින් ගෙන දැක්වීම එතරම් ඵලදායී යයි මට නොසිතෙන්නේ
මේ නිසයි.
පින් ඇති සරසවි වරමක් දෙන්නේ
සරච්චන්ද්‍ර යනු උක්ත මගේ සංකල්පය අනූව පෙන්විය හැකි
ලාංකිකයෙක් හෝ ආසියාතිකයෙක් බවයි මට හිතෙන්නේ. ඔහුගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක්
ගවේශනය කලත් මීට සාධක සොයාගත හැකියි.
ඔහුගේ පවුල් ජීවිතය, ඔහු පුද්ගලයන්,
දරුමල්ලන් දෙස බලන්නාවූ බැලුම. හැඟුම්බර කලාපය ඔහුගේ කෘතිය හරහා මතුවෙනවා. ඔහු ප්‍රිය
කරන්නා වූ විශයන් අයත් වන්නේම වින්දනාත්මක හෝ හැඟුම්බර වූ කලාපයකටයි. සංගීතය, කවිය
වැනි දේවල් තර්කයේ මිනුම් දන්ඩෙන් පෙන්වාදිය නොහැකි අපූර්වත්වයක් අප හදවතේ
නිරන්තරයෙන් ජනිත කරවනවා. හරියට ප්‍රේමය වගේ. ප්‍රේමය නිරන්තරයෙන් විඳිනු, විඳවනු
මිසක් එහි මහා ලොකු දර්ශනවාද හෝ යටි අරුත් තියෙන්න පුලුවන්දැයි සැකයි.
සරච්චන්ද්‍ර ඔහුගේ මුල්කාලීන කෘතිවලින්
අනාවරනය කලේ මෙම හැඟුම්බර හෝ ස්වකීය සැබෑ ජීවන තත්වයන්. කල්පනා ලෝකය, මලගිය ඇත්තෝ,
මලවුන්ගේ අවුරුදු දා, සිංහබාහු, මනමේ වැනි කෘති පවා මේවාට නිදසුන්.
මේ හැමකක්ම තුල චරිතයන්ගේ චිත්‍යභ්‍යන්තරික
සංකීර්නතා දිස්වන බවයි මට හිතෙන්නේ. බුද්ධිවාදී සමාජ ගමනකට වඩා එවැනි චරිත ස්වකීය
අභ්‍යන්තරය විසින්ම ගෙනෙන පැන හා ගැටෙනවා. අනතුරුව සමාජය ඉදිරියේත් ඇදවැටෙනවා.
ගැටෙනවා.
මට මේ වෙලාවේ අහම්බෙන් වගේ මතක් උනේ අපේ
උසස් පෙල කෙටිකතා සංග්‍රහයේ තිබූ සරච්දන්ද්‍රෙග් කෙටිකතාවයි. මුද්‍රා නාටකය එහි
නමයි. සමහර විට ඔබටත් මතක ඇති. මුද්‍රා නාටකයෙන් නිරූපනය වන්නේ තම බිරිඳ නැටුම්
ඉගනගන්නවාට සිත යටින් විරුද්ධ සහ තාර්කිකව පක්ශ වන ස්වාමිපුරුශයකිගේ සිතිවිලි
සමුදායකුයි. මට හිතෙනවා එය ඉතා සියුම් තේමාවක් බව. එදා පවා මම ඒ කෙටිකතාවට සෑහෙන
ඇලුම් කලා. බිරිඳට නැටුම් පන්තියට ඉඩ දී ඔහුම ඊට එරෙහිව කටයුතු කරන අභ්‍යන්තර
සංකීර්නත්වයක හැටි ඔහු හොඳින් නිරූපනය කරනවා.
ජපන් කාම කතා හෙවනැල්ල
මම හිතන්නේ ඒ කාලයේ වික්‍රමසිංහගේ දැඩි
විවේචන හමුවේ හෝ වෙනයම් සිදුවීම් නිසා සරච්චන්ද්‍රෙග් හෝ වෙනයම් පුද්ගලයෙකුගෙන්
මතුවෙන්නට ඉඩ තිබූ මෙවැනි සාහිත්‍යයික පෙදෙසක් ක්‍රමිකව අන්ධකාරයේ සැඟවුනු බව.
සරච්චන්ද්‍ර පවා පසුකාලීනව සිය කෘතිවලට ස්වාධීනව ගලායාමට ඉඩ දුන්නාද කියලාවත් මම
දන්නෙ නැහැ. නමුත් එක දෙයක් පැහැදිලියි. ඔහු සිය විඳීම් පක්ශය ඇතුලෙන් දිගු ගමනක
නිරත වුනා. එනම් සංගීතය, ගීතය, කවිය ඇසුරේ යන සුන්දර මාවතක් ඔහු කලාත්මක(නාට්‍ය)
ජීවිතය ලෙස තෝරාගෙන තිබුනා.
ජපන් කාම කතා ලෙස වික්‍රමසිංහ දකින කතා පවා
(මම ඒ ගැන දැඩිව සිතන්නේ නැතිව පොත් කිහිපයක් පමනක් කියවා තමයි මේ කියන්නේ) ඉතා
හැඟුම්බර කලාපයන් ආමන්ත්‍රනය කරන කෘති බවයි මම දකින්නේ. විශේශයෙන් ඔසමු දසායි,
යසුනරි කවබතා වැනි ලේඛකයන් නිර්මානවලින් පමනක් නෙමෙයි තම ජීවිතය පවා කෙලවර කරගත්තේ
මෙවැනි සංකීර්නත්වයක පැටලෙමිනුයි. කවබතාගේ නිර්මාන බොහොමයක ඇත්තේ ප්‍රේමය හෝ ඉතා
තද බැඳියාවන් සහිත ලෝකයක තතු විත්තියි. ඒවා ආසියාතිකයන්ට උරුම වූ ජීවන විලාසයන්
මතින් පැමිනි දේ විය හැකියි.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ වික්‍රමසිංහ හෝ
සරච්චන්ද්‍ර වේවා ඉතා දැඩිව, කෙවිටක් රැගෙන මෙහෙයවන ආකාරයෙන් කලාවක දිශාව
හරිගස්වන්නට වෙරදැරීම නිශ්ඵල බවයි. ඒවා ගමන් කරන්නේ ඒ ඒ ජන සමාජයේ සාමූහික
අවිඥානයේ ස්වරූපයට අනූවයි. අපි ඉක්මන් වී ඒවායෙහි ගමන පෙන්වා දීම එහි ගමන කෘතීම
කිරීමක් විතරයි. ගංගාවක් අතුගංගා, වැසි ජලය මෙන්ම කුනු වතුරද එක් වෙමින් සයුර සොයා
ඇදෙනවා. ගංගාව යනු ඒ සියල්ලේම එක්කාසුවක්.
අපේ සාහිත්‍ය හෝ කලාව හැඟුම්බර පක්ශය තෝරාගත
යුතුයයි මම මෙහිදී අවධාරනය කරනවානම් එයත් අර විදියම ආකෘතිගත කිරීමක් විතරයි. එනිසා
මට යෝජනා කල හැක්කේ මොන ආකාරයට හෝ තම නිර්මානයට තමා අවංක වීම මත එහි ගමන නිදහස් වන
බවයි. ආසියාතිකයන් බහුතරය හැඟුම්බර වුවත් එසේ නොවන තාර්කික අයත් එහිම අඩු වැඩි
වශයෙන් සිටිය හැකියි. එසේම බටහිරත් හැඟුම්බර, ආධ්‍යාත්මයට බර වූ අය අතරින් පතර හෝ සිටින්න
පුලුවන්. ඒ ඒ අය අතින් තම සම්ප්‍රදායට පටහැනි නිර්මාන මතුවීමේ ප්‍රවනතාව තිබෙනවා.
නමුත් නිරන්තරයෙන්ම තමාට අවංකව කරන නිර්මානය ව්‍යජයක් ලෙස පෙනෙන්න තියෙන ඉඩ අඩුයි.
තම සිතැඟි හෝ ස්වකීය මනෝභාවයන් ඇසුරින් මෙන්ම තමා අත්දකින සමාජ ස්වරූපයන් අව්‍යාජව
ගෙනහැර පාන්නෙකුට ව්‍යාජ ලේබලය ඇලවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අල්පයි. එවැනි නිර්මාන
සමාජය අතින් හොඳින් විචාරය වෙනවා. මතු වෙනවා හෝ ප්‍රතික්ශේප වෙනවා. ව්‍යාජ විචර
මතුකිරීම් - උඩ දැමීම් ඇත්තේ ඉතා කෙටි කාලසීමාවක් පමනයි. ඒවා ගැන අප වැඩි වැඩියෙන්
කලබල වීම අවශ්‍යත් නැහැ.
මේ කරුනු පිලිබඳ ඔබේ මතය කෙටියෙන් හෝ කියා
එවනවානම් වටිනවා. අපේ සංවාදය අපි අපිටම විවරකර දෙන කවුලු ඇසුරින් ආලෝකය ලැබෙන්නේ
හුදෙක් අපටම විතරන් නොවෙන්න පුලුවන්. එනයින් මේ සංවාදය අතිශය වැදගත් බවයි මට
හිතෙන්නේ.
No comments:
Post a Comment