වික්‍රමසිංහ කතිකා - 03
සාහිත්‍යයේ විද්‍යාව
ලිපිපෙල
ලියාගෙන යද්දී ඒ ගැන තිබුනු උනන්දුව නිසාම වික්‍රමසිංහගේ කෘති කිහිපයක් එක
දිගට කියවා බැලුවා. ඇත්තෙන්ම ඒවා
ආකර්ශනීයයි සහ මෙතක් ඔහු ගැන තබා තිබූ ප්‍රතිරූපයට වඩා තියුනු සහ බුද්ධීමය
ස්වරූපයක් ඒ මුහුනුවරට එමගින් ලැබුනු බව කිව හැකියි. වික්‍රමසිංහ අපේ අක්මුල් සොයා
යමින් ගවේශනාත්මකව ඔහුගේ සාහිත්‍ය චාරිකාව යම් කේන්ද්‍රයක් වෙත දිශානතිගත කරනවා
කියල හිතන්න පුලුවන්. ඔහුගේ විචාරශීලි කතිකාවන් බොහොමයක් ඒ හරහා යමින් පාඨකයාගේ
බුද්ධිය හා ආකල්ප ඔහුගේ ආස්ථානය වෙතට ඇතුල්කරගන්න තරම් තාර්කික අතින් බෙහෙවින්
ශක්තිමත්. ඒ නිසාම තව දුරටත් ඒවා කියවීමේ අනියත් බියක් හිත ඇතුලේ හොල්මන් කරන බවත්
මට හැඟී ගියා. ඇත්තෙන්ම මට හිතෙනවා ඒවාට වඩා ලං වෙන්න ලං වෙන්න අපේ අවිඥානය මෙල්ල
කරගත නොහැකි පරිද්දෙන් අපේ සංස්කෘතියට දේශීයත්වයට හෝ උරුමය (ජාතිකවාදය?) වෙතට
නාබිගත වෙනව වැඩිද කියලා. වික්‍රමසිංහ මෙතනදී මොනතරම් මැද මාවතක ගමන් ගත් බ වක්
පෙනුනත් ඒක උපේක්ශාවෙන් යුක්තව සංයමයෙන් යුතුව ඒ ගමන නිරතවීම හැමවිටම කල නොහැකි
බවක්ද හිතෙනවා. ඒ කියන්නේ වරින් වර අපි අපේ දේ වෙතට නොදැනුවත්වම බර වෙන්න දක්වන
අවිඥානික ආසාව අපව මෙහෙයවනවා වෙන්න ඇති. ඔබට මේ සම්බන්ධව මොකද හිතෙන්නේ? එසේම නව
සන්නිවේදන ක්‍රමෝපායන් හරහා සංස්කෘතියේ සීමා මායිම් ඉරි එන්න එන්නම දියවෙවී යන්න
පටන් ගෙන වගේම විවිධ සංස්කෘති අංග කවලම් වීමේ ප්‍රවනතාවයන් හරහා සංස්කෘතික හරයන් කවලම්
වෙමින් සීග්‍රගාමී ගමනක නිරතවෙමින් ඉන්න බවත් පේනවා. එවැනි වටපිටාවක් තුල තවදුරටත්
අපි අපේ සාහිත්‍ය යේ හෝ කලාවේ අපේ අනන්‍යතා මායිම් සලකුනු කිරීමට වෙහෙස දැරීම
මොනතරම් දරට ප්‍රා යෝගිකයි කියල ද ඔබට හිතෙන්නෙ?
කොහොම
උනත් වික්‍රමසිංහ ජපන් කාම කතා හෙවනැල්ල ගැන දැක්වූ අදහස් සම්බන්ධව මගේ ඇති
විවේචනය තවමත් සිතින් සේදී ගිහින් නැහැ. නමුත් ඒ ගැන දීර්ඝ ලෙස කරුනු
දක්වන්නට ගැම්මක් හෝ ආවේශයක් මේ මොහොතේ ඇත්තේ නැහැ.
සොයන්නාට
හම්බවේ වගේ සරච්චන්ද්‍රෙග් සාහිත්‍ය විද්‍යාව පොත හොය හොය සිටි කාලයක අහම්බෙන්
හම්බ උනා. ඒ නිසා ඒ මොහොතේම ඒක කියවන්න ගත්තා. සාහිත්‍ය විද්‍යාව සරච්චන්ද්‍ර
අතින් ලියවෙන්නෙ 1965දී. ඒ කියන්නෙ කල්පනා ලෝකයට පසුව කෙරෙන ලියවිල්ලක් විදියට
සලකන්න පුලුවන්. මට පේන විදියට සාහිත්‍ය විද්‍යාව කල්පනා ලෝකයටත් වඩා ඉදිරියෙන්
තබන්න පුලුවන් තරමේ කෘතියක්. සරච්චන්ද්‍ර ගේ ගමන වික්‍රමසිංහගේ ගමනට හාත්පසින්ම
වෙනස් වූවක් කියල මෙතනදි තවදුරටත් ගම්‍ය වෙනවා.
සාහිත්‍ය
විද්‍යාවෙදි ඔහු වැඩි ඉඩක් වෙන්කරගන්නෙ සාහිත්‍යෙය්දි භාශාව භාවිත කල යුතු ආකාරය
ගැන විග්‍රහ කරන්නයි. ඔහු එකම අදහසක් විවිධ වූ ආකාරයෙන් ලියනවා. ඒ ඒ තත්ව යටතේ
කථකයාගේ පසුබිම, මනෝභාවයන් ඒ ඒ භාශා උපක්‍රම මගින් නිරායාසයෙන් හෙලිවන හැටි
පෙන්නන්න ඔහු එතැනදී සමත් වෙනවා. වාර්තා ශෛලිය වගේම නිර්මානාත්මක භාශා විලාසයන්
ඔහු එතැනදී පෙන්වා දෙනවා. අපේ සාහිත්‍යකරුවන් හොඳින් ග්‍රහනය කරගත්තානම් ඇත්තෙන්ම
සරච්චන්ද්‍ර ඒ තරම් වේලාසනින් කියූ කරුන නිසා අපේ සාහිත්‍ය මීට වඩා අලංකාර වූ
මාවතක ගමන් කිරීමේ හැකියාව ඇතිවෙන්න ඉඩ තිබුනා. සහ ඒ නිසාම වික්‍රමසිංහ පුන පුනා
කියූ අපේ සංස්කෘතික උරුමයන් හෝ අනන්‍යතාව භාශාව හරහා නෛසර්ගිකවම සුරැකෙන්න හැකියාව
තිබුනා. (තත්කාලීනවම වගේ තිලකසේන මේ සාහිත්‍යෙය් භාශාත්මක මැදිහත්වීමේ අපූර්වත්වය
ඔහුගේ නිර්මාන හරහාම පෙන්වලා දුන්නත් ඔහුගෙන් ඔබ්බට එය විහිදී යාමක් පේන්නෙ නැහැ)
සාහිත්‍ය
විද්‍යාවෙදි සරච්චන්ද්‍ර සංස්කෘත විචාරවාදයන් වගේම බටහිර විචාර මූලධර්මයන්ද ඇසුරු
කරන බවට අනුමාන කල හැකියි. වඩාත්ම වැදගත් දේ ඔහු සාහිත්‍යය යන්න අරගන්නේ විශ්වීය
අර්ථයෙන්. සාහිත්‍ය රචනා පිලිබඳ න්‍යායික විපරමක් සරල ආකාරයෙන් පෙන්වාදෙන්නයි ඔහු
උත්සාහ ගන්නේ. නමුත් ඔහුගේ අර්ථ නිරූපන කවිය මූලික කරගන්න උත්සාහ ගන්නා නිසාම එය
හුදෙක් සමස්ථ සාහිත්‍ය ලෝකය ඇමතීමේ අරමුනින් ගිලිහෙන බවක් ද පේනවා. ඒ නිසාම ඔහු
දක්වන කරුනු කවිය වටා කේන්ද්‍රගත වූ බව සිතන්න පුලුවන්. නමුත් ඔහුගේ තර්කයන්,
හුවාදැක්වීම් අපේ සමස්ථ සාහිත්‍ය වෙතටම ආරෝපනය වූවනම් එය අතිශය වැදගත් බවක්
සිතෙනවා.
සාහිත්‍ය
විද්‍යාවේ යම් යම් කොටස් උපුටා දක්වමින්ම මෙය පැහැදිලි කරන්න තිබුනානම් මෙය ප්‍රත්‍යක්ශ
කිරීම හොඳින් කල හැකිව තිබුනා. නමුත් ජීවිතේ සියල්ලක්ම අලකමින් පිරී ගිහින්. පොතක්
කියවීම, ලිවීමෙ පවා උදාසීනභාවය තුල ගිලී ගිහින්. කිසිම දෙයක් කල නොහැකි අරමුනකින්
තොරව ඔහේ පැද්දෙන ජීවිතයට ඉඩ දෙමින් ඉන්නවා. අපි වයසින් මුහුකුරා යන්න යන්න තව
තවත් සුපැහැදිලි වෙමින් පවතින ජීවිතයේ සිත්තමේ සාහසිකබව දැකීම තවදුරටත් ජීවිතය අපුලකරනවාද මන්දා.
No comments:
Post a Comment