සිස්ටම් එක
අවුල්ද?
වෙනස් කරන්න
ඕන සිස්ටම් එක කියලා මට මතක ගොඩක් කාලෙක ඉඳන් මගේ සමීපතම වාමාංශික යාලුවො කියනව මට
ඇහිල තියෙනවා. නමුත් මේක ගැන මම හුඟක් බරපතල විදිහට හිතන්න ගත්තෙ මෑතකදි මම හිතින්
ආදරේ කරපු ගෑනු ලමයෙක් ඔක්තොබර් 26 වෙනසෙන් පස්සෙ ඒ ගැන පොස්ට් එකක් ශෙයා කරල තියෙනව දැක්කමයි. එයා ඒ තරම්
දේශපාලනය ගැන බරතලව හිතන කෙනෙක් නොවුනත් එයා මේක දාන්න ඇත්තෙ රැල්ලට ද නැත්නම්
අවංකව ඒ ගැන හිතල ද කියල කල්පනා කරද්දි මට මේ කාරනාව ගැන තරමක් බරපතලව හිතන්න ඕන උනා.
ඇත්තටම
සිස්ටම් එක වෙනස් කලොත් මේ සියලු රෝග නිවාරනය වේවිද? මට අවංකව හිතෙන්නෙ නම් මේ
සිස්ටම් එකේ ඒ හැටි වැරැද්දක් නෑ කියලයි. අද අපි දියුනුයි කියල පිලිගන්න බොහොමයක්
බටහිර රටවල තියෙන්නෙ මේ සිස්ටම් එක නෙමෙයිද? නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය හරි,
ජනාධිපති ක්‍රමය හරි වෙන මොකකින් හරි ඒ අය දියුනු වෙලා තියෙනවා. අපේ රටට ඉස්සරහට
යන්න අමාරු වෙලා තියෙන්නෙ මේ තියෙන සිස්ටම් එක අවංකව ක්‍රියාත්මක කරන්න තරම්
දැනුමක්, ප්‍රඥාවක් නැත්නම් හැගීමක් නැති එක විතරයි.
දැන් අපි
නිකමට හිතමු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන්න කලින් අපි කොයිතරම් නං ඔහුව
විස්වාස කලාද? ඔහු විධායක ක්‍රමය අහෝසි කරාවි, අර දේවල් කරයි මේ දේවල් කරයි වගේ
බොහොමවක් හීන තිබුනත් ඔහු සිද්ධ කලේ හාත්පසින්ම වෙනස් දේවල් ටිකක්. ඒක සිස්ටම් එකේ
අවුලක් නිසා ඇතිවුනා කියල පිලිගන්නවට වඩා පුද්ගලයෙක් ලෙස ඔහුගෙ චින්තනයේ තියෙන ග්‍රාම්‍ය
බව හරි අසමත්බව හරි නූගත් කම වගේ දේවල්වල එක්කාසුවක් තමයි ඒක. මෛත්‍රිපාල සිරිසේන
ව්‍යයවස්ථාව හිතූමනාපෙට උල්ලංඝනය කරන්නෙ හරි ඒක තමන්ට ඕන විදියට අර්ථ දක්වන්නෙ හරි
මේ කලින් කිව්ව දේවල්වල ස්වභාවයන් ඔහුගෙ අවිඥානයේ වැඩකරන නිසා(නැත්නම් සවිඥානයේම)
මිසක් මේ සිස්ටම් එක ඒකට පාරකපල තියෙන නිසා කියල මට නම් පිලිගන්න අමාරුයි. ඕනම
සිස්ටම් එකක රිංගන්න පුලුවන් හිල් හොයාගන්න එක අමාරු නෑ. සිස්ටම් එක ක්‍රියාත්මක
කරන පිරිසගෙ අවංකම මත තමයි ඒක යහපත්බව අයහපත් බව තීරනය වෙන්නෙ.
දැන් අපි මේක
එක එක අවස්ථාවන්ට, පුද්ගලයන්ට ආදේශ කරල බලමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන්ම
පිලිඹිබු වෙන්නෙ මේ තත්වයේ අඩුවැඩි ස්වභාවයක් නෙමයිද?. ඔවුන්ව මේ සිස්ටම් එක
නෙමෙයි මීට සියදාස් ගානක හොද සිස්ටම් එකක් උඩට ගෙනල්ල අතහැරියත් ඒ අය ඒ සිස්ටම්
එකේ හිල් පාදාගනිමින් තමන්ට අවශ්‍ය තැනින් නවා ගන්නවා සිකුරුයි. සුද්දො අපට දුන්නෙ
එයාලට තේරුනු හොදම ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එක. නමුත් ඒක අවශ්‍ය විදිහට වෙනස්
කරකර කප කප වෙනස් කරගත්තෙ ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරන උදවිය. අනිත් අතට නීතිය
අරගෙන බැලුවත් එහෙම්මමයි. නීතිය කොයිතරම් යහපත් එකක් උනත් වැඩක් නෑ නීතිය අර්ථකතනය
කරන අය හරි නීතිය ක්‍රියාත්මක කරන අය හරි වංක නම්. නිදසුනක් විදිහට සරත් එන්
සිල්වා ගන්න පුලුවන්. මේ අනූව
පාර්ලිමේන්තුවට උගතුන් යවනවද නැද්ද කියල එකත් මහ ලොකු තර්කයක් වෙන්න බෑ.
අපි නිකමට
හිතල බලමු කොයි කවුරුත් කියන සමාජවාදී සිස්ටම් එක මේ ලංකා මිනිස් සංහතියට ආදේශ කරල
මොකද වෙන්නෙ කියල. එතනදි මට හිතෙනවා මේ තියෙන ක්‍රමයටත් වඩා ඒකාධිපති, බලයෙන් කෘර
වෙච්චි පාලන තන්ත්‍රයක් ලැබෙන එක වලක්වන්න අමාරුවෙයි කියල. ඉතිහාසයෙන් නිදසුන්
අරගෙන ස්ටාලින් උනත් සිද්ධ කලේ මේකම ද කියල මට නිකමට වගෙත් හිතෙනවා.
ඉතින් මේ
ලංකාවෙ වෙමින් තියෙන සහ සිද්ධ වුන බොහෝ දේශපාලන තත්වයන්ගෙන් අපට උගත හැකි පාඩම්
තමයි සිස්ටම් එක මොනවිදිහ වුනාද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒක ක්‍රියාත්මක කරන
මිනිස්සුන්ගෙ තීරන ඒකට තීරනාත්මකව බලපානව කියන එකයි.
බ්‍රිතාන්‍ය
ව්‍යවස්ථාවෙ බොහොමයක් දේ අලිඛිතයි කියල දේශපාලන විද්‍යාවෙදි අපි ඉගෙන ගන්නවා. ඒ
කියන්නෙ ගොඩක් ව්‍යවස්ථා අර්ථ දැක්වීම් තියෙන්නෙ සම්ප්‍රදායක් ලෙසට කාලයක් පැවතුනු
දේවල්. ඒව කොහේවත් ව්‍යවස්ථාවක් කියල ලියවිල්ලක ලියවිලා නැහැ. සම්ප්‍රදායන් ලෙස
ඉස්සර පැවතිච්ච පාර්ලිමේන්තුවලදි ඒක කලේ කොහොමද ආදිය ගැන කතාවෙල ඒව විසදාගන්නවා.
ඉතින් දියුනු රටක අලිඛිත ව්‍යවස්ථාවක් දශක ගනනාවක් එහෙමම පවතින අතරේ අපේ රටේ ව්‍යවස්ථාව
ලියල මන්තරයක් වගේ ජපකරල තිවිලත් සමහර වගන්ති ගැන අහන්න අපේ අයට අධිකරනයට යන්න
වෙලා තියෙන්නෙ සිස්ටම් එකේ අර්බුද්යක් හින්දවත්, ව්‍යවස්ථාවෙ අර්බුදයක් හින්දවත්
නෙමෙයි. අපි අපේම සමාජ දේශපාලන චින්තනයේ අවුලක් නිසා කියලයි මම නම් මේ මොහොතේ
විස්වාස කරන්නෙ.
No comments:
Post a Comment