අත්වැල්
බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
උනවටුන බීච්
එක තියෙන්නෙ අපේ ගෙදර ඉඳල කිලෝමීටර් 10ක පහලොවක විතර රේඛීය දුරකින් උනත් අවුරුදු
20ක් 25ක් වෙද්දිවත් මම ඒකෙ හරියාකාරව ඇවිදල තිබුනෙ නෑ. ඇවිදල තිබුනනම් ඒ වැල්ලෙ
දේවාලෙ තියෙන දවස්වල ගෙදර අම්මල තාත්තල එක්ක ගියපු වාරයක් දෙවාරයක් විතරයි.
ඒ මගේ ජීවිතේ
26 වෙනි අවුරුද්ද වගෙයි මතක. නැතිනම් ඊට ආසන්නම කාලයක්. අපි අපේ වැඩපලේ යාලුවොත්
එක්ක උනවටුනෙ බීච් ගියා. යාලුවො කිව්වට අයියල සෙට් එකක් තමයි හිටියෙ. මගේ වයසෙ
කොල්ලො හිටියෙ එක්කෙනයි. බීච් එකේ බෝල අරගෙන සෙල්ලම් කරල නාන්න ෆන් එකක් ගන්න තමයි
අපේ අදහස තිබුනෙ. පඩි වැටිලා බොන්න සෙට් වෙන්න තරම් මෝරපු යාලුකමක් නොතිබුනු ඒ
මුල් කාලීන යාලු සෙට් එකේ ඒ වගේ සිඟිති ආතල් තමයි අරගත්තෙ.
මම හිටියෙ
දවල් ගිනි කූටකේ බැහැගෙන යන මොහොතේ ඉර අවුව විඳගෙන වැල්ලෙ බෑවිලා. එහෙම පැය ගානක්
උනත් ඉන්න මං ආස බව මුලින්ම දැනගත්තෙත් එතකොට.
මට මීටර් හතර
පහක් විතර වැල්ල පැත්තට වෙන්න ඔරු කඳක් උඩ වාඩිවෙලා සහ වැල්ලෙ හිටගෙන උන්නු ලන්කට්
ඇඳපු, හිර වෙන්න කොට කලිසම් ගහගෙන උන්නු වෙරිකාර කොල්ලො සෙට් එකක් සින්දු කියනවා.
කොතරම් ඩෝප් උනත්, වෙරි උනත් ඒ අය සින්දු කොලිටියටම කියන්න ලොකු වෙහෙසක් ගන්න බව
මුල ඉඳලම මට තේරිල තිබුන. විශේශයෙන්ම සින්දුවට තාලෙ දෙන බොන්ගෝ එක විතරක් නෙමෙයි ඒ
සින්දුව පටන් ගන්න කලින් කටින් ගහන ගිටාර්, ඕගන් පාර්ට් එහෙමත් හරිම සංවිධිතයි.
ට...ට...ටර්...ටට...
කොල්ලො සෙට් එකේම කටින් එකම හඬින් මියුසික් මුනු මුනුවක් ප්ලේ වෙනවා. බොන්ගෝ එක
රත්වෙලා පදමට සෙට් වෙලා. මධු විතෙන් මත් වෙච්චි කොල්ලො නිදහස් ආරෙන් තමන්ගෙ ශරීර
කූඩු නලවනවා. ඒකෙන් අමුතුම වින්දනයක් ලබමින් සින්දුව කියනවා. සිගරට් එකක් උරන
කොල්ලෙක් ඉතිරි බාගෙ යාලුවට දික් කරලා අර ගුම් කොච්චි එන්ජින් එකකින් වගේ අවකාශයට
විදිනවා. සැහැල්ලුවක් උගේ මුලු සර්වාංගෙම නලියනවා.
පියමැන්නේ...
ඇයිද මෙසේ...
මීට කලින් කොහෙන්
හෝ අහපු/ අහල තිබුනු සින්දුවක ලස්සන මේ කොල්ලො සෙට් මගේ මතකයේ ඉස්තොප්පුවටම අරගෙන
ඇවිත්.
මම වැල්ලෙ
පාරක් කැරකිලා - බඩගාගෙන ඒ දිහා බැලුවා.
ඒ තරම්
වින්දනයක්. මටත් හිතුනෙ ඒ සෙට් එකට පැනලා අර තාලෙටම සින්දුව කියන්න. අත්පුඩියක්
ගහගහ තාලෙට ඇඟ නටව නටව.
අත්වැල්
බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
එතන හිටපු සිගරට්
දුම් පිම්බ ලන්කට් එක ඇඳපු කොල්ලා තමන් ආත්මීයව විඳිමින් ඇස් දෙක චූටි කරගෙන රූ
රටා කියන තැනදි තමන්ගෙ අත් දෙකෙන් කෙල්ලෙක්ගෙ හිසේ ඉඳන් මතුවෙන මූලික හැඩතල
පෙන්නමින් නටනවා.
අත් වැල්
බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා..
මැකී......
ගියා වැල්ලේ නිසල රැයේ...
ඒ කොටස
නිරූපනය කරන්න තවත් හොඳ විදිහක් කොයින්ද? මගේ හදවතේ ගැඹුරු දියඹේ ඒ කෑල්ලත් එක්කම
සින්දුව කිඳා බැස්සා.
ආයෙත් කොල්ලො
සෙට් එකේ රොත්තම සින්දුවේ මියුසික් එක ගහනවා. කටින්. මම ආනන්දයේ මිහිරේ මධුවිතෙන්
මත් වෙලා.
අදටත් ට්‍රිප්
එකක් ගියාම හරි සින්දු කියන්න සෙට් උනාම හරි අනිවාර්යයෙන් මගේ මතකෙට එන සින්දුවක්
තමයි මේක.
ජය ශ්‍රීලගෙ
පියමැන්නේ ඇයිද මෙසේ.. සින්දුව. අර අත් දෙකෙන් දාන ගැහැනු රූප අඟ පසඟ සැරසිලි
නර්තනෙත් මට තරමකට පුලුවන්. ඒක දාන එකෙත් අමුතුම ලල් එකක් දැනෙනවා ඒ සින්දුවටම
බද්ද උන.
No comments:
Post a Comment