Thursday, December 26, 2019

මා හැර දමා ගිය මියුලැසී









කවදකමහරි  කවුරුමහරි  බැන්දම එයත් එක්ක අපේ ගෙදර එන්න.. කානිවල් එකේ පීකර් සද්දෙ යටපත් කරන්නත්තෙක්ක ඔබේ කන ගාවම ඉඳගෙනත් මං එදා කීවේ මහ සද්දෙන්.

කැරකෙන, පද්දන, විසික්කරන මෙරිගෝ රවුමෙ පත්තුවෙන බල්බ්වල ඡායාව ඔබේ දෙනෙත්මත කාන්තියක් මතුකලා එවෙලේ. කන ලඟින් පහලට රූරා වැටුනු ලාම ලාම රෝම කූප රොත්තක් දිස්නෙ ගැසූ හැටි මට තාම මතකයි. 

මල් පත්තරේක නවකතාවක දෙබසෙක් වගේ ඒක.  ඔබ සිනාසුනා උවමනාවට වැඩි හයියෙන්. 

සදාකාලික නිහැඬියාවක ගල්ගැසෙන්නට උවමනා උනත් මම ආයාසයෙන් මූනට හිනාවක් අරගෙන හාත්පස දිහා එල්ලයක් නැතුව බැලුම් හෙලුවා. තාරාවන්ගෙ බෙල්ලට වලලු විසික්කරන්නට පොරකන මිනිස්සු හිටියෙ අපිට ආසන්නයෙම වගේ.  කුඩා දරුවෙක් ඔක්කේ ගහගෙන තවත් දරුවෙක් අතින් අල්ලගෙන යන තාත්තෙක්, බෑග් කදමලු උරේ පටවගෙන ලාබ ප්ලාස්ටික් කෑලි තෝරන අම්මෙක්  ඒ අතර එහෙ මෙහෙ උනා. සෙල්ලම්බඩු වෙලෙන්දෙක් අන්ධකාර අවකාශයට සබන්බෝල විදිමින් හිටියා. අන්ධකාරය ඇතුලේ නොයෙක් දෙසින් පැමිනෙන ආලෝක කිරන ආලේප වී ඒ සබන්බෝල මැව්වේ ඉන්ද්‍රජාලික සිත්තමක සේයාවක්.

මොනවද හලෝ ඔච්චරම කල්පනා කරන්නෙ. ඒක විහිලුවක්. සැහැල්ලුව පෙන්නන්න ඔයා මූන නැටෙව්වා දඟකාර රිද්මෙකට.

පියවි සිහිය එන මොහොතේ ඔබ සිටියේ, අත් දෙකම කම්මුලට තියාගෙන - වැලමිටි දෙක තේ කඩේ මේසය මත ඇනගෙන - දැල්වෙන ඇස්වලින් මා දිහා බලාගෙන.

ඒ වචන ඇතුලෙ ගබඩා වී තිබුනෙ සමාව ගැනීම, දඟකාරබව, නැවත මා ආදරයකට කැඳවන්න සුදුසු තොදොල්බව.  වෙන් වෙන්ව නෙමෙයි. ඒ සියල්ලගෙම මිශ්‍රනය.

හිත ඇතුලෙ සිතුවිලි තදබද වෙනව වැඩි වෙද්දි කටින් කතාකරන එක අමතක වෙනව. තාවකාලිකව අපි අපේ ඇතුලෙම නන්නත්තාර රෝන්දෙක යනව. ඒක සංකීර්න ක්‍රියාවලියක්. ඔයා කතාකරන වචන දෙකක් ඇතුලෙ තියෙන මතුපිට අරුත ඉක්මවා ගොස් ගේන හැඟීම් පවා වෙන් වෙන්ව මට පේන්න ගන්නවා. එහෙම පේන එක මිනිහෙකුට ලේසි නැහැ. 

ඔයාට තේ?  විමසුවා ඔබ මගෙන්.

තත්පරයකටත් අඩු නිමෙශයකින් අනෙක් පසට බෙල්ල හරවමින්- දෙකක්. - එවර ඔබ කීවෙ තොල් දෙකෙන් උනත් සුනංගුවෙන් ඔබේ ඇඟිලි දෙකක් කවුන්ටරේ මනුස්සය  දිහාට ඔසවනා ගමන්. ඇස් බැමි චාපාකාරව නටවමින්. 

තව පැනි වලලු? එවර ඔබේ හඬ සිහින්. උල් උනා තොල්.

සුලුම සුලු මොහොතක පවා ඔබේ වචන, ප්‍රතිචාර, ඉරියව් සියල්ල තුල කැටිගැසී ඇති සුන්දරත්වයක් නිරන්තරයෙන් මා උරා ගන්නවා. කවියක් කියවනව වගේ. සුවඳක් විඳිනව වගේ ඒවට නිශ්චිත අර්ථයක් නැහැ. ප්‍රීතිදායක දැනීම්, හැඟීම්, සියල්ලක්ම මා අවශෝශනය කරගන්නවා ඉබේ ඇතිවෙන උත්කර්ශයකින්.  මේ හැමකක්ම ඔබට පැහැදිලි කරන්න මේ කලබලකාරී වටපිටාවක පුලුවන්ද? අනිත් අතට මා යමක් කියන්න වෑයම් දරද්දිම හෝ ඒකට වචන සකසද්දිම කාලය ඉගිල්ලිලා ඉවරයි. ඔබ තරම් ඇසිල්ලෙන් වචන භාවිතා කරන්නෙ කොහොමද මම? මට නම් ඒක බෑ. බෑම බෑ.

සින්දු ඇතුලෙත් වචන තිබුනට ඒක හැමතිස්සෙම වචන ඉක්මවා ගිය හැඟීමක් හදනවා. ඒක එක එක්කෙනාට පුද්ගලිකයි තමයි. මගේ ඒ පුද්ගලික ලෝකෙ කවුලුවක් ඇරල මටම ඒකත් එක්ක සමවැදෙන්න තියෙන පරම සුවය මම අල්පයකින් හෝ ඔබට දන්වන්නෙ ඒ ගීතය ගැන මතක් කරල. ඒ ගීතයත් එක්ක වටවෙච්චි ස්මරන සැමරුම් සියල්ලම ඇසුරුම් කරල.

ඉතින් මේ ගීතයක් විතරමද?

හෙට දිනක් - පෙරමඟක් - අරමුනක් නැති ගෙවෙන දිවියේ
ඉසිඹුවක් ලෙස හෝ....
පුරුදු රසබර මතක මතුකර හිනැහියන්
මා හැරදමා ගිය මියුලැසී...




Sunday, December 22, 2019

අප සිත් හඬන තරම්










ඔෆිස් එකේ රේඩියෙක දාලා. අපි ඒක අහගෙන වැඩ. කාගෙන්වත් හ්ම් හඬක්වත් නෑ.

ලංකා ඉතිහාසයේ එක කාර් එකක් විතරක් තිබ්බ රජතුමා කවුද?ටාසන් බාප්පගෙ වගේ විකට කටහඬක් එහෙම අහනවා.

කවුද? එක කාර් එකක්?වන්කනාසික තිස්සද? සාමාන්‍ය කටහඬ අයිති නිවේදක මනුස්සයගෙන් එන්නෙ ප්‍රශ්නකාරී බවක්.

කාවන්තිස්ස. අර කටහඬ උත්තර දෙනවා. කා වන් තිස්ස. හාත්පසින් සිනා හඬක් නොනවත්වා ඇහෙනවා.
විකට හඬ - හරි එහෙනම් මේකට කියනවකො. තම පෙම්වතිය බාගෙට ඇඳුම් ඇඳගෙන පාරේ යන බව කියන සින්දුව මොකක්ද?

නිවේදක - ම්...හරි.  ඔබ තෙමෙයි කියා බයයි එකනෙ..

විකට- නෑ නෑ.. අඳුර අඳුර මගේ.. සොඳුර සොඳුර මගේ ඒක..

නිවේදක - ඈ.. ඒ කොහොමද?

විකට - ඇයි ඒකෙ කියන්නෙ නොයනු මැනවි මා දා.. තනිකර එලියේ.. සභාවේ සිනා.. තනිකර එලියේ..
ඒ හිනා හඬ වැඩිවෙනවා. ඔෆිස් එකේ අයටත් ඒකටනං බකස් ගාල හිනා ගියා. හිනාව තුනී වෙද්දි ඒ සින්දුව රේඩියොවෙ ප්‍රචාරය උනා.


ප්‍රියා කියන්නෙ මම ආසම ගායකයෙක්. ඒ සින්දුවලට ප්‍රියාගෙ වොයිස් එකෙන් එන හැඟීම හරි තාලය හරි නිසා ඒක අපිට හොඳටම දැනෙන්න ගන්නවා. අනිත් අතට ඒවයෙ තියෙන අමුතු වාග් මාලාව. රෝමාන්තික ගතිය.

පාසල හැර අප වෙන්වීගියා
මතක සේයා මවා
ඔබ ලියු දේ තියා - කී දේවල් පවා
සුලඟේ -විසිරී - දේ දුන්න වගේ...

මාගෙ සැමරුම් පොතේ සින්දුවේ මං ආසම තැන එතන. ඒ සින්දුවල තාලය අදින හැටි නැවත අහන්න හිතෙන තරම්.

ප්‍රියාගෙ සින්දුවලට මං ප්‍රිය කලේ මොන කාලෙ කොහොමද කියල මට නිශ්චිතව කියන්න අමාරුයි. මේ මොහොතෙ මතක්වෙන මතකෙ ඈතම සීමාව සුනාමි ඇවිත් මාස දෙකකට විතර පස්සෙ යාන්තම් අටවල තිබ්බ ගාල්ල බස්ටෑන්ඩ් එකේ නිතරම දාල තිබ්බ ලවුඩ්ස්පීකරේකින් ඈත රන් විමන් තුලින් සින්දුව අහපු මිහිරියාව මතක් කරගන්න පුලුවන්. එතනින් පස්සෙ එක එක මොහොතවල් වල එක එක විදිහට ප්‍රියා මගේ ප්‍රියතම ගායක ලිස්ට් එකේ ඉහලින්ම රැඳිල ඉන්නවා.

කොහේදි හරි සින්දු කියන්න සෙට් උනොත් මම ප්‍රියාගෙ එකක් කියනවමයි. තරමක් අතිශයෝක්තියට බර කරල ප්‍රියාගෙ කටහඬ අනුකරනය කරන්නත් මට පුලුවන්.

මේ සටහන අවසන් කරන්න මම අරගන්නෙත් ප්‍රියාගෙ සින්දුවලින් මාව වෙනස්ම විදිහකට කලඹපු මතකයක් එක්ක පැටලිච්ච සින්දුවකින්.

දැයට කිරුල ප්‍රදර්ශනය. තිබ්බෙ නුවර ටවුන් එකේ. අපි කැම්පස් ලමයි සෙට් එකක් වීදි නාට්‍ය කෙරුවා. කුලියට. ඒ දවස්වල හැටියට අපිට හොඳ ගානකුත් ගෙව්වා.

නාට්ටි ඉවරවෙලා සෙනඟ ගොන්න අස්සෙ තෙරපි තෙරපී යද්දි ඈත වීදි කෙලවරක වයසක, වැරහැලි මනුස්සයෙක් ඩොල්කියක් ගගහ ප්‍රියාගෙ සින්දුවක් මුලු ඇඟෙන්ම කියනවා. මාව මොහොතක් එතැන නතර කෙරෙව්වා ඒ ගායනය විසින්.

මේ වයසට ගැලපෙන්නෙම නැති සින්දුවක් ඒ මනුස්සය තාලෙට හැඩේට කියනවා. ඒ සින්දුවට දෙන්න පුලුවන් වෙනත් හැඟීමක් මට මෙතෙක් මුන ගැසිල නෑ.

සෙනඟ තෙරපි තෙරපී ප්‍රදර්ශන කුටි, වෙලඳ කුටි ගානෙ යන අස්සෙ අර මනුස්සයා ප්‍රියා වගේම කොන්ඩෙත් අවුල් කරගෙන සින්දුවක් කියනවා.

ආපසු එනවා...
මගෙ ගත ඉබි ගමනේ.. ඔබ ඈතක රඳවා..
කාට කියන්දෝ... කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්...
අප සිත් හඬන තරම්...

https://www.youtube.com/watch?v=VvYs8G72iYk


Thursday, December 19, 2019

මේ ආදර පුංචි අප්පු










අපි කැම්පස් එකේ දෙවනි අවුරුද්දෙදි මොකක් හෝ ප්‍රසංගයක් කිරීමේ ආසාවක් මගේ හිතේ පහල උනා. මුලුමනින්ම මේක හිත ඇතුලේ ගොඩනගාගෙන ගියපු එකක්. එක එක සින්දු අරගෙන බැජ් එකේ කොල්ලො කෙල්ලො අරං ඒකට නාට්‍යානුසාරී රංගනාත්මක නර්තන ඉදිරිපත් කරන්න තමයි අදහස තිබුනේ. ඒක හරි සාමාන්‍ය හෝ සාම්ප්‍රදායික ආකෘතියක එකක් බව දැන් හිතුනත් ඒ දවස්වල ඒකට මුලු හිතින්ම තිබුනු කැමැත්ත හිතාගන්නවත් බැරි තරම්.


මුලදි මුලදි මම ඒක සෑහෙන දවස් හිතේ මව මවා හිටියා. වූස් වලේ පොඩි ස්ටේජ් එකේ සෙනග කට කපල ඉන්න වෙලාවක මුල්ම සින්දුව ආරම්භ වෙනවා. මම ඇඳගෙන ඉන්නෙ මුට්ට කරගහන කොල්ලෙක් අඳින තාලේ හම්පඩ වෙච්චි ඇඳුම් කඩමාලු. වේදිකාවෙ තියෙන්නෙ තැනින් තැන ලට්ට ලොට්ට බඩු භාන්ඩ. පටන් ගනිද්දිම වේදිකාව කට්ට කලුවරයි. මම වේදිකාවට ගොඩ උනත් පේන්නෙ නෑ. වේදිකාව මැදදි මම ගිනිකූරක් ගහනවා. පොඩි පකිස් පෙට්ටියක් උඩ කුප්පි ලාම්පුව පත්තු කරනවා. ඔන්න එතකොටම සින්දුව ආරම්භ වෙනවා. ඒ සින්දුවේ මුලින්ම ඇහෙන්නෙ සංගීතය නෙමෙයි. ලියුමක කෙරෙන වර්ගයේ ආමන්ත්‍රනයක්

මගේම ආදර සිරියාවි වෙතටයි...

මම අර පකිස් පෙට්ටිය ලඟ වාඩි වෙලා ලියුම ලියන්න පටන් ගන්නවා. සංගීතය ඉවර වෙලා ගීතයේ පද ආරම්භ වෙද්දීත් මම පෑන කටේ ගහගෙන මනමාල හිනාවෙන් වචනයක් දෙකක් ලියනවා. නැවත කල්පනා කරනවා.

සිරියාවි නුඹව මම කොච්චියෙන් කොලඹ එක්ක යනවා
මේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්  ලැබුන හැටියෙ එනවා
නුඹ එව්ව ලිව්ම මගෙ පෙට්ටගමේ තාම  හිනාවෙනවා
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තාමත් සුවසේ නිදියනවා.

සිරියාවිට රඟපාන ගැහැනු ලමයා එක් පසෙකින් එනවා. මම එයාව කොච්චියෙන් කොලඹ එක්ක ආවට පස්සේ සුද්දන් මුන ගැසෙන, ට්‍රෑම් කාර්වල යන, හෝ ගාන පොකුන පෙන්නනවා වගේ විවිද සිද්දි වේදිකාව උඩ මැවෙන විදිය සැලසුම් කරල තිබුනා.

මේ සින්දුවේ නැටවෙන සංගීතය ඒකට ලොකු හයියක් වෙයි කියල මගේ හිතේ ලොකු විස්වාසයක් තිබුනා.

මගේ මේ හීන ගීත නර්තන ලෝකය විශ්ව විද්‍යාල භූමිය තුල කවමදාකවත් යථාර්ථයක් කරගන්න තරම් හයියක් මට තිබුනෙ නෑ. මේ ගීතයට අමතරව තව සින්දු හත අටක් මමත් මගේ රූමාගේ අදහසුත් අනූව අපි ඇතුලත් කරගෙන තිබුනා. ඉවාන් පවුලුශා, මගෙ අමල් බිසෝ වගේ ගීත කිහිපයක් මේ මොහොතේත් මට මතක් වෙනවා.

වේදිකාවක් මත යථාර්ථයක් නොවුනට මේ ගීත කිහිපයම හිතේ සැලසුම් කල නාට්‍යානුසාරී ස්වභාවයෙන්ම තාමත් ඉඳහිට මගේ මතකෙට එනවා. විශේශයෙන්ම මුලින්ම මම යොදාගන්න සැලසුම් කල ගීතය ඒ අතරින් ප්‍රමුඛ එකක්.

මම ආසම කරන්නෙ ඒ සින්දුවේ අවසානයට. රොඩ්නිගෙ උපහාසාත්මක හෝ හාස්‍ය මුසු ගැමි කටහඬ අන්තිම හරිය වෙද්දි සංවේදනාත්මක එකක් බවට පත් වෙමින් තියෙනවා.

මම ඔක්කොම රංගන දාල ඇවිත් ආපහු පකිස් පෙට්ටිය ලඟ නැවතිලා පෑන කටේ ගහගෙන ඉන්නවා. එතැන ඉඳන් ලියුම ලියාගෙන යන බව අභිනයෙන් පෙන්නනවා.

සිරියාවි නුඹව මම කොච්චියෙන්  කොලඹ එක්ක යනවා
මේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක්  ලැබුන හැටියෙ එනවා
නුඹ නාඩ ඉඳින් මගෙ රත්තරනේ මම එන පෝයට එනවා

වේදිකාවෙ විදුලි බුබුලු ඔක්කොම හෙමීට නිමිලා මේ වෙද්දි දැල්වෙන්නෙ අර මුලින් පත්තුකල කුප්පි ලාම්පුව විතරයි.

මේ කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවරයි දැන් මම නවතිනවා

ඒ පහන් දැල්ලත් නිමිලා ගිහින් වේදිකාව තිත්ත කලුවර වෙනවා.

මේ ආදර පුංචි අප්පු.

අන්දකාරෙම රොඩ්නිගෙ දුබල කටහඬ ඇසෙනවා.




Sunday, December 15, 2019

මන්දා නාලනී?








ශිහාන්ගෙ කතාවත් එක්ක ආයෙ සංවාදයක් ඇවිලිලා නිමිල යමින් තිබෙන වටපිටාවක මට ආයෙ අලුත් කෝනෙකින් ඒ දිහා බලන්න හිතුනා. ශිහාන්ගෙ කතාවෙ බොහෝ තැන් වලට එකඟ වෙමින්ම ඔහු ඇතුලත් නොවූ කලාපෙකට ඇතුල් වෙන්නයි මගේ සූදානම.

මෙතනදි ශිහාන් කියනවා ඔහු නව පරපුරේ ගායකයෙක් විදිහට සංගීත ප්‍රසංගෙක හවුස් ෆුල් කරන්න කොයිතරම් වෙහෙසෙන්න ඕනද කියලා. නමුත් නන්දා මාලනී සරල ලීලාවකින් ඇවිත් ගයද්දි වාඩිවෙන්න සීට් නැති වෙන බවත් ඔහු මතුකරනවා.

ඒ වගේම පැරනි ගායන පරපුරේ හෝ වැඩිහිටි පරම්පරාවේ නිර්මානකරුවන් නිරන්තරයෙන් මතක් කරන කරුනු අතර මෙවැනි අදහස් තිබෙනවා.

ඒ කාලෙ අපි සින්දු කියද්දි මෙච්චර චැනල් තිබ්බෙ නෑ. දැන් අයට කොච්චර චාන්ස් තියෙද
අපිට තිබුනු මාර්ග හරි සීමිතයි.
අපි සෑහෙන කල් අභ්‍යාස කරල, හදාරල තමයි මේ තැනට ආවෙ.
අපි සින්දු ඇහුවෙ ගුවන් විදුලියෙ වෙලඳ සේවෙන් විතරයි. ඒකට අද ඉන්ටර් නෙට් එකෙන් කොච්චර සින්දු අහන්න පුලුවන්ද?
එදා අපිට තිබුනෙ නැති චාන්ස් මේ අයට කොච්චර තියෙද? ඒත් කෝ එයාල ඒවගෙන් ප්‍ර යෝජන ගන්නවද?

නමුත් ඉතා සංවිධිතව බැලුවොත් මට හිතෙන්නෙ මේ මාර්ග දෙකම එකිනෙකට නොදෙවනි ලෙසම දුශ්කරයි කියලයි. කිසිම මාර්ගයක් නැති වීම වගේම මාර්ග බහුල වීමත් මගියෙක්ගෙ ගමනේ දුශ්කරබව ඇතිකරන කාරක කියලයි මම විස්වාස කරන්නෙ. ලෝක මට්ටමින් තාක්ශනය, සන්නිවේදනය වගේ අංශවල අධික දියුනුව හමුවේ නව පරපුරට නිර්මානකරුවන් විදිහට ඉස්මතුවෙන්න කොහොමටත්ම ලේසි නැහැ. අනිත් අතට අද ඇතිවෙලා තියෙන කාර්ය බහුල ජීවන ප්‍රවාහය විසින් නිර්මානකරුවෙන් එකතැන තබාගෙන ස්වයං අධ්‍යනයක් කරන්න තරම් හිතවත්, පහසු තැනක් වෙන්නෙ නැහැ. අතීත නිර්මානකරුවා නිවසට වෙලා හුදකලාව පොත් කියවමින්, පරිකල්පනය කරමින් අධ්‍යනය කිරීම ඔවුන්ගේ දස්කමක් පමනක් නෙමෙයි. මේ සියල්ලට අදාල යුගය, පරිසරය නිසැකවම බලපෑමක් ඇතිකර තිබෙන බවද පේනවා.

එකම එක චැනල් එකක් විතරක් තියෙන, වාදනය, ගායනය, පද රචනා ආදී දේ පහසුවෙන් එක්කාසු කරගන්න බැරි වටපිටාවක තමන්ගෙ හඬේ ප්‍රබලත්වය ජනතාව අතරට ගෙනයන්න තියෙන අපහසුවටම නොදෙවනි අපහසුවක් ගායනා, වාදන, සුලබ අනන්ත අපරිමාන තියෙන පරිසරයක් තුලද තියෙනවා. ඒ අතින් නව නිර්මානකරුවන් සිටින්නේ තාක්ශනික, සන්නිවේදන දැවැන්තව  දියුනු වූ වටපිටාවක දුශ්කර අඩවියක් පසුකරමිනුයි. ඒ දුශ්කර බව මීට දශක තුන හතරක පැවති දුශ්කර බව හා සැසඳීමෙන් මැනීම සාධාරන මිනුම් ක්‍රමයක් නෙමෙයි.
ශිහානුත් මතු කරන විදිහට ආයතනික වානිජ ව්‍යුහයන් වගේ ඒවත් මේ දුශ්කරබව තීව්‍ර කරනවා. ඉතින් ලේසියි වගේ පෙනුනට ගමන කොහොමටත් ලේසි නැහැ.

ශිහාන් නන්දා මාලනී නිදසුනක් විදිහට ගැනීම සහ ඇගේ ගායනා විලාසයට ප්‍රේක්ශකාගාරය මන්මත් වීම ගැනද වෙනත් තාර්කික කාරනාවක් තියෙනවා. ඇත්තටම මිනිස්සු නන්දා මාලනීගේ සින්දු අහන්න යන්නෙ ඒ කටහඬට අසීමිතව ආදරය කරන නිසාද? ඒකට බලපාන්නෙ ඒ හඬේ මිහිරියාව විතරමද?

මං හිතන්නෙ ඒ වෙන්වෙන් සංකීර්න හේතු දාමයක් එකිනෙක පැටලී තිබෙනවා. නන්දා මාලනී අතීතයේ ගායනය තුල මෙන්ම හඬ පෞර්ශයක් තුල ඇතිකල ප්‍රතිරූපය එතනදී දැවැන්ත කාර්යයක් ඉටුකරනවා. මෙතනදි නන්දා මාලනී කියන්නෙ ලස්සන කටහඬක් තියෙන පැරනි ගායිකාවක් විතරක් නෙමෙයි. යම් සලකුනක්. යම් මුද්‍රාවක්. යුගයක් ඈ නියෝජනය කරනවා. ( ඉතිහාසය දිහා බැලුවම පේනවා  සමාජීයව මෙවැනි මුද්‍රාවක් ඇතිවෙන්න අහේතුක සිද්ධි මෙන්ම සහේතුක සිදුවීම්ද බලපානවා) එසේම ඇගේ මුද්‍රාවට ශිහාන්ම කියන විදිහේ තනි සුදු ඇඳීම, සරල චාම් බව වගේ ඒවත් සූක්ශමව නන්දා විසින් අදාල කරගෙන තියෙනවා. නන්දා මාලනීගේ ප්‍රසංගයක් වටා පෙලගැසෙන්නේ මේ සමස්තයේ එකතුව විසින් ඇතිකරන උත්කර්ශය. ඒක හරියට මනමේ බලන්න පේරාදෙනි වලේ සෙනග පිරෙනවා වගේ වැඩක්. මොකද මම දකින්නෙ මනමේ කියන්නෙ දැන් එහෙම මිනිස්සු මහා පැහැදීමකින්, ආසාවකින් පොරකකා බලන වර්ගයේ නාට්ටියක් නෙමෙයි. මනමේ කියන්නෙ ලංකාවෙ නාට්‍ය ඉතිහාසයේ සලකුනක්. ඒක විසින් ඇතිකරපු අධිපති කතිකාව විසින් මනමේ ඉතිරෙන ප්‍රේක්ශකාගාරයක් බවට පත් කරනවා. ගොඩක් අය මනමේ බලන්න යන්නෙ මමත් මනමේ බලල තියෙනව කියල කියන්න වෙන්න ඇති. නැත්නම් නාට්‍ය සිලබස් එකක ඒ නාට්‍ය තියෙන නිසා වෙන්න පුලුවන්.

නන්දා මාලනීට, අමරදේවට වගේ අයටත් වෙන්නෙ මේක. නැත්නම් නව පරපුරේ ගායකයන්ගෙ හඬ හෝ නන්දා මාලනී අතර හඬක් විදිහට මහා බලපතල උස් පහත් බේදයක් තියෙනව කියල මම නම් හිතන්නෙ නැහැ.

කටහඬ ඊට වඩා සියදාස් ගානක් හොඳ උනත් අද බිහිවෙන ගායිකාවකට නන්දා මාලනියක් වීම ලේසි නැහැ. අනෙක් අතට නන්දා මාලනී මේ යුගයේ බිහි උනත් එයාට රියලිටි තරඟයක වට කිහිපයක් ගිහින් ඉවත් වෙන්න සිදුවීම ද විය හැක්කක්. ඒ වගේම එයාට ගායිකාවක් විදිහට නාමකරනය වෙන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා.

රියලිටි තරඟවලින් කැපෙන දක්ශයන්ට කරන්න තියෙන්නෙ මන්දෝත්සාහී වෙන එක නෙමෙයි. ක්‍රමේට බැන බැන කැලෑ වදින එකත් නෙමෙයි.

නන්දා මාලනීල මේ තැනට ආවෙ ෆයිට් කරලා. ඒ තත්කාලීන යුගය එක්ක සෑහෙන අරගලයක්, මහන්සියක්, කැපකිරීමක් ඔවුන් අතින් වෙන්න ඇති.

ඉතින් අදත් ඒක එහෙමමයි. යුගය වෙනස්. කැපවීම, අරගලය, මහන්සිය අර විදිහමයි.  
වැඩේ අමාරුයි. ලේසියි වගේ පෙනුනට නවක නිර්මානකරුවා ඉන්නෙ ඊටත් වඩා අසීරු අවධියක.



Thursday, December 5, 2019

ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම්..





මං බස් එකට නැග්ග.
අක්කට මැසේජ් එක ගැහුවෙ එහෙම. අක්කට යවන මැසේජ් එකක් ග යන්නෙන් ඉවර උනොත් ඒක අසුබයි කියල මගේ හිතේ මනෝ විකාරයක් පැලපදියම් වෙලා තිබුනා. ඒ නිසාම මැසේජ් එක සංස්කරනය කලා උක්ත ආඛ්‍යාත නිපාත කරනම් ගහලා වෙනස් විදිහකට.

මං නැග්ග බස්  එකට.

අක්ක නගින්නෙ ගම්පහින්. කොටුවෙන් ටිකට් එකක් එයාටත් එක්ක අරගෙන සීට් එක වෙන් කරගෙන මේ පැයභාගයේ ඒ ආසන හිඩැසේ බෑගය තියාගෙන ගමන් ඇරඹුවා.

අඩියෙන් අඩිය බස් එකේ සෙනග පිරෙනවා.
මං මගේ අසුන ගැන හිත තැවෙන භීතියකින් ඉතිරිවෙලා තියෙන අනෙක් අසුන් බලමින් බලමින් ගනිනවා.

අනේ තව කවුරුවත් නගින්නෙපා. මං හිතෙන් යදිනවා මමම මවාගත්තු දෙවියෙක්ට.

මේක මගේ යාලුවෙක්ට වෙන් කරල තියෙන්නෙ. එයා ගම්පහෙන් නගිනවා. ඔයාට ඕන නම් එතකං මේතන ඉඳගන්න. කවුරුම හරි සීට් එක ඉල්ලුවොත් එහෙම කියල ශේප් කරගන්න පුලුවන් වෙයිද? එහෙම කිව්ව ගමන් ඒ මනුස්සය මගේ ඇඟට කඩා පනීවිද?

දහසකුත් කල්පනා මගේ හිස වටා භ්‍රමනය වෙනවා.

දැන් කොහේද?
අක්කගෙන් මැසේජ් එකක්.

මෙතන. මං හිනාවෙවී පිලිතුරු මැසේජ් එක කොටනවා

අක්ක ඔරවන මූනක් එවනවා. මං හිනාව පිටාර ගලන්න නොදී තොල් දෙක තදකරගන්නවා.

මදාවිකාර කොල්ලෙක් ඉස්සරහ දොරින් නැගලා ඇවිත් මගේ සීට් එක දිහා බැල්මක් හෙලාගෙන ඇවිත් මට පිටිපස්සෙ තිබ්බ සීට් එකේ පතබෑවුනා. මට සැනසුම් සුසුමක් පිට උනා. 

තඩි ගෑනු කෙනෙක් ඇවිත් සීට් එකේ අසුන්ගත්තෙ අක්කට කෝල් එකක් ගන්න හදද්දිමයි. මං හදාගෙන හිටපු වාක්‍ය එකක්වත් නොකිය ගිලගත්තා. ගම්පහට තව මිනිත්තු 10ක් ඇති උපරිම. මං හිතින් කඩා වැටුනා හොඳටම.

අක්ක නැග්ගොත් මොනා කියයිද? එයාට සීට් එක දීල මං හිටගෙන යනවා. එහෙම කොහොම කලත් මේ ගමනෙන් බලාපොරොත්තු වුනු සොම්නස, සතුට ඒ එකකින්වත් ලැබේවිද? ඔක්කොම සුන්නද්දූලි උනා නේද?

මේ මං අක්කත් එක්ක  එක සීට් එකක වාඩිවෙලා යන්න පෙරුම් පුරපු පලවෙනි දවස. අක්කට නං ඕවයෙ ගානක් තියේවිද? අපරාදෙ එක සීට් එකක් හම්බ උනේ නැත්තෙ. කයියක්කත් දාන්න. එහෙම කියල නිකං ඉඳී. ඔක්කොම දුක, වේදනාව මට විතරයි.

අක්ක තඩි බෑග්ගෙක මගේ ඔඩොක්කුව උඩින් තියල තඩි ගෑනු කෙනාගෙ මූන දිහා තොල් පෙරලල බැලුවෙ මට කොලොප්පං කරන්න වගේ බැල්මකින්. මං අක්කට සීට් එක දෙන්න නැගිට්ටා.

දෙන්නම හිටගෙන යමු.  තීරනය අක්කගෙ. අපි බෑග් බස් එකේ සිවිලිම් රැක් එකට පටවලා එල්ලිලා කතාකර කර යන්න සූදානම් උනා විතරයි. පිටිපස්සෙ අසුනෙ මදාවිකාර කොල්ලා මගේ අතට තට්ටු කරලා අපිට සීට් එකේ වාඩි වෙන්න කියල ඔලුවෙන්, මූනෙන් කියමින් නැගිටලා පිටිපස්සට ගියා.

වාඩිවෙන ගමනුත් අක්කට හිනා. හොඳටම.

හිතන්නැති අපි කපල්ලෙක කියල. අක්ක මට වැලමිටෙන් අනිමින් කිව්වා.
 මගේ හදවත ඇතුල සීතල වෙලා ගියා.

මගේ මූනෙන් තුස්නිම්භූත බැල්මක් වැටෙන්න ඇති.
අක්ක ඒ දිහා මොහොතක් බලාන උන්නා නිරුත්තරව.


***

බස්සෙකෙන් බැහැල බෝඩිමට යද්දි මං ඒ දවස්වල අක්කට යවන්නම ඕන කියල හිතෙන සින්දුවක අන්තරා කොටසක් ෆෝන් තිරේ උඩ ටයිප් කලා. සින්දුව කියන්නෙ නෙලූ අධිකාරී. අක්කගෙ මූනත් නෙලූගෙ මූනට සමානයි.

සදාකාලිකව ඔබෙ හදවත මට හිමි නැත
කෙටි කලෙකට වුව මට එහි ලොවුතුරු සුව ඇත


අන්තිමට ඒක නොයවා මැසේජ් ඩ්‍රාෆ්ට් එකට දැම්මා.

දැන් ඒ ෆෝන් එකවත්
මැසේජ් එකවත්
අක්කවත් ලඟ නෑ.
සින්දුව තාම හිතේ තියෙනවා.
මතකයන් එහෙමයි.


Saturday, November 30, 2019

මමත් නුඹ වගේ මං පොඩි කාලේ..




මීලඟට ඔබව ගීතයකින් පිනවන්නට සැරසෙන්නේ එකොලහ ශ්‍රේනියේ සුභානි ගීතිකා සොහොයුරියයි.

ලදරු මේස වලින් හදපු දුප්පත් ඉස්ටේජ් එක උඩ ඉඳගෙන ආපු සබකෝල ගෑනු ලමයා- හිරුනි- කොලයක් බලාගෙන මයික්කෙකෙන් ඒක කිව්වෙ තනිකර කෘතීම ස්වරයකින්.

කටපාඩම් කලාට කමක් නෑ. වේදිකාව උඩ ඉඳගෙනම කොලේ බලාගෙන කියන එක කොයිතරං කැතද? මං ඉගැන්නුවනං මුලින්ම හදන්නෙ ඒක. මං තනියම හිතුවෙ මේ උත්සවේ පටන් ගනිද්දිමයි.
කොහොමටත් සුභානිගෙ නම ඇහෙද්දිම මං ටිකක් නොසන්සුන් උනා කිව්වොත් ඒක හරි.

සුභානි එකොලහ වසරෙ ලමයෙක්. මං උගන්නන කාලෙ මට මතක හිටිනම ලමය. විභාගෙට ලකුනු අඩු උනත් එවෙලෙ කියල දෙන ඕනම දෙයක් තක්කෙට මතක හිටින ලමය සුභානි.
සුභානි ගීතයක් ගයනව කවදාකවත් මං අහල තිබුනෙ නෑ.

සංගීතය පටන් ගත්තා. සුභානි මයික්කෙක අතින් අල්ලන් හීනි තාලෙකට පැද්දෙනවා.

මං සාක්කුවෙන් ෆෝන් එක අරගත්තෙ වීඩියෝ කරන්න හිතාගෙන උනත් ෆෝන් එක උකුල උඩ තියල මොහොතක් බලාගෙන හිටියා.

මට අනෙක් පැත්තෙන් උන්න මිස් මං ගැන මොනව හිතාවිදැයි යන බය මාව නතර කරන්න ඇති. උත්සවේ පටන්ගෙන සිංදු, නැටුම් හතර පහක් ගියත් ඒ එකකවත් ෆොටෝ එකක් නොගහපු මං  සුභානිගෙ සින්දුව වීඩියෝ කිරීමේ අමුත්ත එයාට නොවැටහෙන්න විදිහක් නෑ.

මං සුභානිගෙ ගීතය අසමින් ෆෝන් තිරේ උඩින් ෆේස්බුක් එකේ ඇවිද්දා.
අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඬනා පුංචි දුවේ

සුභානිගෙ කටහඩ උපරිම මිහිරි නැතත් එයා තාලෙට ගැලපෙන්න ගායනා කරන්න දක්ශයි. සුභානිගෙ බැල්ම වැටිල තියෙන්නෙ වේදිකාව ඈත කෙලවරේ බිත්ති මුදුන දිහාට වගේ. සුදු ගවුමෙ අත්දිගට දාපු නිසා එයාගෙ පෙනුම කලින්ට වඩා වෙනස්. බෝනිකි ගතිය වැඩියි.

මං මාවම ප්‍රශ්න කලා. ඇයි මං සුභානිගෙ සින්දුව විතරක් වීඩියෝ කරන්න හැදුවෙ. සුභානිට මගේ විශේශ කැමැත්තක් තියෙනවද?

ඇත්ත.
එහෙම එකක් නැතිවෙන්න විදිහක් නෑ. ඒත් එහෙම එකක් තිබුනට මොකෝ. මං එයාට ආදරෙයි. කාටවත් ආදරේ කරන එක උතුම් ගතියක් මිසක් වරදක් වෙන්නෙ කොහොමද? ආදරේ නාමෙන් එයාව ආක්‍රමනය කිරීමයි වරදක ආරම්භය වෙනව ඇත්තෙ. ඒ අතින් ගත්තම දුරස්ථව ඉඳගෙන සුභානිගෙ දියුනුව පතමින් එයාව දැක්කත් සතුටින් ඉතිරිලා යන එක සුභානි වෙනුවෙන් ඇතිවෙන ඇත්තම ආදරයක්නම් මං ඒකට ඔහේ තියෙන්න ඉඩ අරිනවා කියල හිතාගත්තා.

මේ ටිකත් කියන්නම ඕන. සුභානි දෙමල. ජාතිය දෙමල උනාට ඉගෙනගත්තෙ සිංහලෙන්. දෙමල අකුරක්වත් ලියන්න සුභානි විතරක් නෙමෙයි අනිත් දෙමල ලමයිවත් දැනගෙන උන්නෙ නෑ. ආගම ක්‍රිස්තියානි. ඉස්කෝලෙ පන්සිල් දෙන්නෙ සුභානිගෙ නංගි. පබෝධා. මහා සංස්කෘතිය ඇතුලෙ සුභානිල නියෝජනය වෙන්නෙ හැම කුලකයකම කෑලි ඡේදනය වන අමුතු කුලකයක.  සුභානිගෙ අම්ම සභාවෙ ඈතම කෙලවරේ ඉඳන් බලාගෙන ඉන්නවා. බුලත් කහට බැඳිච්ච බොල්ලෑ දත් කූට්ටමක් එක්ක එයා අවුරුදු තුනක විතර පොඩි දරුවෙක් මෙල්ල කරන්න දඟලනවා. ඒ මූනෙ තියෙන්නෙ තරහක්. ආවේගයක්. සුභානි සින්දු කියන එක ගැන අම්මට ගානක් නෑ. තාත්ත සුභානිලව දාල ගිහිල්ල.

මට සුභානි ගැන ආදරේ දෙගුන තෙගුන වෙන්න ඕවත් බලපාන්න ඇතිද?

මල්ලී සමඟින් වැලි පොල්කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්න හිතුනද...

Friday, November 22, 2019


මේ අන්ධකාරයේ එලිය ලැබෙන්නේ..



චන්ද  ගනන් කරන්න ගත්තෙ රෑ නමයට විතර.

අපි හය දෙනෙක්ට එක පෙට්ටියක් භාර උනා. හතර වටේ පක්ශ නියෝජිතයන්, මැතිවරන නිරීක්ශකයන්, ඒ ආර් ඕ නෝනල, එස් පී ඕ මහත්වරු වගේ රාශියක් ඇස් ඇරගෙන බලා ඉද්දි අපි ලහි ලහියේ ගනන් කරනව. මුලින්ම කරන්න තියෙන්නෙ පෙට්ටියෙන් ගත්තු පත්‍රිකා පනහෙ ගොඩවල් වලට වෙන් කරන එක.
අපි හයදෙනා අසීරුවක් නැතුව දෙපාරෙන් වැඩේ නිම කලා. ඡන්ද පෙට්ටියේ තිබුනු ඡන්ද ගනනට අපේ ගනන් කිරීමේ සංඛ්‍යාව ගැලපුනා. ඒ නිසා අපි දාඩිය පොඩ්ඩක් පිහිදාගෙන වතුර එකක් බීල දෙවන වටේට සූදානම් උනා.

මේසෙ මගේ ඉස්සරහයින් හිටියෙ මගේ වයසෙම වගේ කන්නාඩි දාපු ගැහුනු කෙනෙක්. මුලදි ඒ තරම් විශේශත්වයක් නොදැනුනත් ඡන්ද පත්‍රිකා පනහෙ මිටි වලට බඳිද්දිත්, ඒව ගොඩ ගසද්දිත් අපි අතරෙ අවාචික, නිහඬ දොඩමලුවක් සිදුවුනා.

දෙවන වටය ආරම්භ උනේ ඔය අතරෙදි. අපට එහායින් හිටපු කන්ඩායම පනහෙ මිටි ගලවමින් ඒවයෙ තියෙන ඡන්ද ලකුනු බල බල ඒවට අදාල පෙට්ටි වලට වෙන් කරල දාද්දි ඒ වෙන්කරන ගොඩවල් අරගෙන ඒව නිවරදිව ගොනුකරලද බලමින් නැවත ඒවා පනහෙ ගොඩවල් වලට දාන එකත් භාර උනේ අපේ කන්ඩායමට. ඒ අනූව අපිට භාර උනේ පොහොට්ටු පෙට්ටිය. පොහොට්ටු පෙට්ටියේ ගොඩගැසුනු ඡන්ද පත්‍රිකා එකින් එක අරගනිමින් ඒවයෙ තියෙන්නෙ ඇත්තම පොහොට්ටුද, ඒව වලංගුද අවලංගුද කියල නිරීක්ශනය කරමින් පහහෙ මිටි වලට බඳින්න භාර උනේ අපට.

එවැනි එක් පනහෙ මිටියත් තුන් වතාවක් ගනන් කිරීම අනිවාර්යක්. ඒ අනූව මම ගනන් කල පනහෙ මිටිය තවත් දෙදෙනෙකුගේ නිරීක්ශනයට භාජනය විය යුතුයි.

ඉතින් මගේ ඉදිරිපස කන්නාඩි තැනැත්තිය ඇගේ පොහොට්ටු මිටිය මට දෙන්නෙ බැගෑපත් සිනාවකින් මුව සරසා ගනිමින්. ඒ ගන්නා අතරේ මගේ පොහොට්ටු මිටිය මම ඇයට දෙන්නෙ කලින් කතාකරගෙන වගේ සැහැල්ලුවෙන්.

මම ඇගේ මිටිය ගැනල ඉවරයි

මාර වැඩේනෙ. මේකෙ තියෙන්නෙ පනහයිනෙ. මම වාක්‍ය අරඹද්දි ඇගේ මුහුනෙ ගොඩගැසුනු ප්‍රශ්නාර්ථය වාක්‍ය ඉවර වෙද්දි සිනාවකට හැරෙනවා.

ආයෙ අපි පොහොට්ටු මිටි බඳිනවා. කලබලේට අපි දෙන්නම අරගන්නෙ එකම පත්‍රිකාව. හිනාවෙලා අපි දෙන්නම එකම මොහොතක ඒක අතහරිනවා. වෙච්චි වැඩේට හිනා ගිහින් ආයෙම අපි දෙන්නම ඒ පත්‍රිකාවම අල්ලනවා. අපේ අතැඟිලි එකට වදිනවා. මේ කලබල මොහොතේ ඒවයෙ ගානක් නෑ වගේ අපි ගනන් කරනවා

ඔය අතරෙ පොහොට්ටු ගොන්නෙ තිබිල හංසයොත් අහුවෙනවා. මාලිමාත් කලාතුරකින් එහෙමෙහෙ වෙනවා.
අපි අතරෙ අවාචික සන්නිවේදනය එන්න එන්නම මෝරනවා. කිට්ටු වෙනවා.
ඉඳහිට ගනන් කිරීම් අතරෙ අපිට අපි දිහා බැලෙනවා. 

වැඩේ අවසන් වෙද්දි උදේ දෙකයි. පොහොට්ටුව දිනලා. අපි ගෙවල්වල එන්න සූදානම් උනා. ගැහැනු ලමයා එලියට එද්දි මං එයා දිහා බලල යන්නම් කිව්වා. එයා වැඩකරන්නෙ කොහේ මොන ඔෆිස් එකකද කියල අහන්න ඕන උනත් මං එහෙම කලේ නෑ.

රෑ තුනට විතර මුතූගෙන් කෝල් එකක් ආවා. ඉවරද? පරිස්සමින් එන්න. අපි තාම ඡන්දෙ අහනවා. ඔයා එනකං නින්ද ගියෙත් නෑ. එයා කියනවා.

අවසන් වතාවට අර ගැහුනු ලමය එක්ක හිනාවෙලා මං ගෙදරට එන්න හැරුනා.
 එයත් ෆෝන් එක කනේ තියාගෙන කාටද කෝල් එකක් ගන්නවා. මේ පාන්දර දෙකට එයා ගෙදර යන්නෙ කොහොමද? එයාලගෙ ගෙවල් කොහේ වෙන්න ඇතිද?  කෝල් කරන්නෙ හස්බන්ඩ්ටද?  වගේ දේවල් හිත හිතා මං ගෙදර එනවා.

මේක මං මේ දවස්වල වැඩිපුර අහන සින්දුව. කියන්නෙ චාමික සිරිමාන්න. මේ සින්දුවත් ඉහතින් කියපු සිදුවීමත් අතර කිසිම විදිහක සම්බන්ධයක් නෑ. මෙහෙම සින්දුවක් ගැන කියන්නෙ ඒක මේ තීරු ලිපියෙ සම්ප්‍රදායක් නිසා විතරයි. මේ ඒ සින්දුව.

මේ අන්ධකාරයේ එලිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ මං ඔයා නිසා...

Thursday, November 14, 2019



සනසාපන්...... මාව...... කල් නෑර.... 




මං එන්ඩස්කොපි  කාමරේට ගියේ ගැහැ ගැහි. බයයි සීතලයි දෙකම එක්කාසු වෙලා මගේ සර්වාංගයම වෙව්ලනවා.

එන්ඩර්ස්කොපි කාමරේ බිං ගෙයක් වගේ. පිටත පෙනෙන මොනවත් නෑ. මහ දවල්ද මැදියම් රෑ ද කියල වෙනසක් නැතුව ලයිට් පත්තු වෙනවා. කොලපාට ඇඳුම් ඇඟ ගා ගත්තු මුඛවාඩම් දා ගත්තු දොස්තරල, හෙදියො මාව වට කරගන්නවා. කීයෙ ඉඳන්ද නොකා හිටියෙ, බෙහෙත් ඇලජික්ද වගේ ලිස්ට් එකක් කටපාඩමින් වගේ අහනවා. මං හැම එකටම නෑ කියන්න ඔලුව වනනව අර හීතලේම ගැහි ගැහි.  මට ඇඳේ දිගාවෙන්න කියල ඒ අය යුහුසුලු වෙනවා.

මේ මගේ ජීවිතේ තුන්වෙනි සිහිනැතිකිරීම් අවස්ථාව. එක වතාවක් ඒක කලේ කුඩා අවධියේ නිසා ඒක මතකත් නෑ. දෙවනි වතාව මීට මාස තුනකට කලියෙන්. එදා ඉක්මනට අරගෙන හාන්සි උන ගමන් සිහි නැතිවුනු නිසා සිහි නැතිවීම ගැන එදා අද තරම් තද දැනීමක් හැඟුනෙ  නෑ.

කොහොමටත් මේ අවස්ථාවට මුහුන දෙන හැම වාරෙකදිම වගේ මං ජීවිතේ ගැන සියලු බලාපොරොත්තු අත්හැරගන්න හිත හදාගෙනයි හිටියෙ. මට ආයෙ සිහිය එන එකක් නෑ, ඔපරේශන් එක වරදීවි, එහෙම උනොත් මැරේවි වගේ දාහකුත් අතාර්කික- මෝඩ කල්පනා ඇවිත් සිහිහෙන් ඉන්න මාව අවසිහියෙන් අඩපන කරලයි තිබ්බෙ ඒ වෙද්දිත්.

මට ඇඳ උඩ දිගාවෙන්න කියලා ඒ අය කතාබහක. එතැන ගිය වතාවට වඩා වෙනස්. රේඩියෝවක සද්දෙකුත් එනවා.  මට ඒ ගැන සිහියක් තිබුනෙ නෑ ඇතුල් වෙද්දි නං. මං අවසන් චුති සිත හොඳ එකක් වෙන්න ඕන කියල හිත හදාගෙන ඉන්නවා. මෝඩමමං. හෙනම බුද්ධිවාදී ටෝක් දෙන මං මේ වෙලාවෙ අන්තිම අසරන බොලඳ අඩියක බව මටම තේරෙනවා.

වම් අත ඇඟ යටින් පසු පසට හිටින්න ඇල වෙලා හාන්සි කරවලා කකුලක් නවාගන්න කිව්වා. ඒ අතරේ නාස් ලන්නක් වගේ වයර් ටිකක් නහයෙ පැටලුවා - කටට රවුම්-දිගටි මොකක්දෝ දුන්නා හපාගන්න. මං ඒක හපාගෙන හිටියා. දකුනු අත වටේට පෙශර් මනින බෙල්ට් එක බැන්දා දැනුනා. කකුලෙත් තව මොකක්දෝ එකක්. මාපට ඇඟිවිවලත් අඩු වගයක් ගැහුවා.

මුතූ- නෙතුක පුතු කොහේ ඉඳගෙන මොනව කරනව ඇත්දැයි මට නිකමට වගේ හිතන්න ඕන වෙනවා.
මං බලාගෙන ඉන්නවා. අනේ ඉක්මනට සිහි නැති වෙනවනම් කියල හිත හිත
ඒත් ඒ අය තාම ඒකට සූදානම් නෑ.

මගේ ඇස්වලට අහුවෙන්නෙ ඉලක්කං නලියන මැශින්, වයර් රෝල්, එල්ලෙන අඬු, කොල පාට තිර රෙදි, ඔක්ශිජන් ටැංකි වගේ නුහුරු - බයානක දසුන් ටිකක්

මෙන්න ඒ අස්සෙ රේඩියෙකේ සංගීත නාදයක් ආයෙ ඇසෙනවා. ඒක ලස්සනට පටන් ගත්තෙ. මට හොඳට මතකයි. මං ඉස්සරම ඉස්සර-පොඩිකාලෙ අහල තියෙන සින්දුවක්. පදවැල පටන් ගන්න කලින් මට සින්දුව මතක් වෙනවා මේ මරනීය සිතුවිලි සහිත මොහොතෙ පවා.

සර්පිනාවක වගේ සංගීතයක් එක්ක කනට ඉතාම හුරු ශබ්ද කාන්ඩය මුලින්ම

ලස්සනයි නේ ඒ සින්දුව - මොකක්ද ඒ?

සින්දුවේ වචන පටන් ගනිද්දිමමුඛවාඩමින් පෙරිල ආපු ගැහැනු කටහඩක් එහෙම කියනවා. මට ඒ අය පේන්නෙ නෑ. මට පේන්නෙ බිත්තියයි, අඩු බඬු කෑලි බෑලි විතරයි.

ශ්‍රියා මනමත් වී මාගේ දැකලා.... සින්දුව ආරම්භ වුනා.

සිහ ශක්ති ඔය සින්දුව කියන්නෙ. මුඛවාඩම් බැඳුනු පිරිමි කටහඬක් පිලිතුර එනවා.

ආනන්ද පෙරේරද කොහොද, අර මහත‍ තට්ටෙ තියෙන..

ආනන්ද පෙරේරා- එයා තමයි ඕක කියන්නෙ.. මට කියන්න හිතෙනවා. මගේ කටේ අර හපාගන්න කියපු රවුම නිසා කෙල ගිලගන්නවත් බෑ. අනිත් අතට කටේ මොකවත් නොතිබුනත් මං ඒක කියනෙකලුත් නෑ.
සින්දුවේ කටහඬ මාර පැහැදිලිව මට ඇහෙන්න ගන්නවා

දැන් ගායනය ඉවරවෙලා ආයෙත් ඇහෙන්නෙ සංගීතය. අමුතු සංවේදනාවක් ඇතිකරන සංගීතය
මගේ වම් අතේ ගහල තියෙන කටුවට මොකක්ද හයි කරනව මට දැනෙනව.

දැවිල්ලක් වගේ දැනේවි හොඳද. මුඛවාඩම් බැඳපු ගැහැනු කටහඬ එතකොට කියනවා

මං හිත හදාගන්නවා. ඉක්මනට සිහි නැතිවෙන්න. මේ තැවෙන සිහියෙන් අත් මිදෙන්න. තාවකාලික මරනෙට හෝ සදාකාලික මරනෙට.

මට ඇහෙන්නෙ අර සංගීතය. සර්පිනා පාට් එක

මගේ ඇස් ඉදිරියේ රූප ඇදිල පැදිල යනවා. කලින් වතාවෙ සිහි නැතිවෙද්දි එහෙම දැනුනෙ නෑ.ඒ වතාව උනේ නං එකපාර ලයිට් ගියා වගේ. මේ වතාවෙ සෑහෙන වෙනස්, සිහියෙන්ම තමයි සිහිය නැති වෙන්නෙ.

මාගේ - මනාපේ - ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ
මා කීවෙමි ලන්දේ..

පසුබිමින් ඇහෙනවා

ඒ විල මැද ඔබ සුවඳ මලයි...

මම ආදරය ගැන කොතෙකුත් ගීත අහල තියෙනව. ඒ ගීත අතරින් ආදරේ ගැන ඉතාම පැහැබර හෝ ධනාත්මක අර්ථයක් තියෙන ගීත තියෙන්නෙත් අතලොස්සක්. මේක අද ඇහුනේ ටිකට්...